
අලි මදිවට කොටි,යකා මළා, කන්ඩයි ආවේ කාලයි යන්නේ ආදි වේදිකා නාට්‍ය වේදිකාට දායාදකළ ප්‍රවීණ නාට්‍යවේදී රාජ්‍ය සම්මානලාභි කලාභූෂණ එස්. විජේසිංහ සමග 'මමයි ඩොක්ටර්' වේදිකා නාට්‍යය අද(27)සවස 6.00ට හංවැල්ල රාජසිංහ විද්‍යාල රඟහලේදි වේදිකා ගත කෙරේ. මෙය රෝගීන් සුවපත්කිරීමේ නාට්‍ය උළෙල ලෙස නම්කර ඇත.
කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල 30වැනිදා දක්වා
කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල පසුගියදා (24) කොළඹ ලයනල් වෙන්ට්ඩ් හිදී ආරම්භ විය. මෙහිදී ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත්වේදිකා නාට්‍ය රැසක් පෙන්වන අතර අද(27) හෙට(28) සහ 30වැනිදා සවස 7.00ත් 8.30ත් අතර වේලාවන්හිදී මෙම නාට්‍ය ප්‍රදර්ශනය කෙරේ.
මහරජ කාශ්‍යප 29, 30 මාකොළදී
කීර්ති බණ්ඩාරයන්ගේ මහරජ කාශ්‍යප නාට්‍යය මේ මස 29 හා 30යන දෙදින තුළ මාකොළ නගරයේ එක්සත් සුභසාධක සමිතිය මගින් ප්‍රථම වරට එළිමහන් රංග පීඨයේදි රග දැක්වීමට කටයුතු යොදා ඇත.
මෙම වේදිකා නාට්‍ය මාකොළ මංසන්ධියේදි මෙම දෙදින තුළ පස්වරු 8.00ට වේදිකා ගත කරන බව අධ්‍යක්ෂ, නිෂ්පාදක කීර්ති බණ්ඩාර පැවැසීය. සම්බන්ධීකරණ කටයුතු මාකොළ චන්ද්‍රසිරි කාරියප්පෙරුම මහතා විසිනි.
මෙම වේදිකා නාට්‍යයේ රමණී පොන්සේකා, ශ්‍රියානි මහවත්ත, මානෙල් කුමාරි, දයානන්ද හේවගේ, අජිත් කොටුවිල, තිලකරත්න ලියනගේ, කුමුදු පාලිත ජයවීර, නිහාල් ගමගේ, හැරල්ඩ් කේ. ජයතිස්ස, දනුෂ්ක අබේකෝන් සමග කිර්ති බණ්ඩාර රඟපාති. සංගීතය අසේල ඉන්ද්‍රලාල්, තිර රචනය, අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කීර්ති බණ්ඩාරගෙනි.
සංජීව සංකල්පගේ නවතම චිත්‍රපටයට නවකයන්ට ආරාධනා
ජනප්‍රිය තරුණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන සංජීව සංකල්පගේ නවතම චිත්‍රපටයකට නළු නිළියන් අවශ්‍යය වී තිබේ. රඟපෑමට දක්ෂතා ඇති අය අද (27) දින පෙරවරු 10.00සිට සවස 3.00දක්වා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයට පැමිණෙන ලෙස සංජීව සංකල්ප පවසයි.
කතෝලික ලේඛක ලේඛිකාවන් ජාතික මට්ටමට
ජාතික කතෝලික ලේඛක හවුල නව ක්‍රමවේදයක් තුළ සක්‍රීය කිරීමේ ජාතික වැඩපිළිවෙළක් වහාම ආරම්භ කිරීමටමේ වන විට විධි විධාන යොදා තිබේ. මේ සඳහා ශ්‍රී ලංකා කතෝලික රදගුරු පදවි මට්ටමින් ලේඛන කලාවට අශාවක් උනන්දුවක් දක්වන තරුණ තරුණියන් ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් සමඟ අත්වැල් බැඳගෙන නව නිර්මාණ ක්ෂේත්‍රයට එක්කර ගැනීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළක් සකස් කර ඇත. රදගුරු සම්මේලනයේ ජාතික ජනසන්නිවේදන කොමිසමේ සභාපති අති උතුම් රේමන්ඩ් වික්‍රමසිංහ හිමිපාණන්ගේ අනුශාසනාවෙන් ජාතික කතෝලික ජනසන්නිවේදන ජාතික අධ්‍යක්ෂ ගරු ලාල් පුෂ්පදේව(නි.මනි) පියතුමාගේ අධීක්ෂණයෙන් හා මඟපෙන්වීමෙන් පදවි මට්ටමින් මෙය ක්‍රියාත්මක වේ. ලේඛක ලේඛිකාවන් වාර්තාකරණයට පමණක් සීමා නොකර නව ගවේෂණාත්මක ප්‍රවෘත්ති ලේඛන කලාවක් තුළ ඔවුන්ගේ හැකියා නිපුණතා ප්‍රගුණ කරමින් නව ලේඛන කලාවක් ඇති කීරීම මෙහි මූලිකම අපේක්ෂාවයි. ඊට අදාළව පදවි මට්ටමින් ගරු අධ්‍යක්ෂ පියතුමන්ලා දැනුම්වත් කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බව ගරු ලාල් පුෂ්පදේව පියතුමා එහි දී පැවැසීය. මේ වැඩපිළිවෙළ පිළිබඳ අාශාවක් උනන්දුවක් දක්වන තරුණ තරුණියන් මෙන්ම ප්‍රවීණ ලේඛක ලේඛිකාවන්ටද පදවි ඇති කරයි. ජනසන්නිවේදන අධ්‍යක්ෂ පියතුමන් ලා මඟින් තමා හා සම්බන්ධ වන ලෙස ගරු ලාල් පුෂ්පදේව පියතුමා ඉල්ලීමක් කරයි. දු. අංකය 0718069085