signis ශ්‍රී ලංකා උත්තමාචාර සම්මාන උළෙල සඳහා නිර්මාණ භාර ගැනේ | සිළුමිණ

signis ශ්‍රී ලංකා උත්තමාචාර සම්මාන උළෙල සඳහා නිර්මාණ භාර ගැනේ

 

සිග්නීස් ශ්‍රි ලංකා ආයතනය මගින් සිනමා සහ ටෙලිනාට්‍ය නිර්මාණ ශිල්පීන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන සිග්නීස් උත්තමාචාර සම්මාන උළෙල සඳහා නිර්මාණ භාර ගැනීම මේ දිනවල සිදුකෙරේ.

මෙවර සිග්නීස් උත්තමාචාර සම්මාන උළෙලේදි සම්මාන සඳහා සලකා බලනු ලබන්නේ 2017 වසරේ තිරගත වු චිත්‍රපට සහ 2017 දෙසැම්බර් 31වැනිදාට පෙර විකාශය නිමාකළ කොටස් 100කට නොවැඩි ප්‍රාසාංගික ටෙලිනාට්‍යයන්ය.

සිය නිර්මාණ මෙම උත්තමාචාර සම්මාන උළෙල සඳහා ඉදිරිපත් කිරීමට කැමැති සිනමා සහ ටෙලිනාට්‍ය අධක්ෂවරුවන්ට සහ නිෂ්පාදකවරුන්ට සිය නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා වන අයදුම්පත් සිග්නීස් ශ්‍රි ලංකා කාර්යාලයෙන් මිලදී ගත හැක.

මෙවර මාතෘකාව- ශ්‍රි ලාංකේය ස්වීය අනන්‍යතාව ජාත්‍යන්තර සිනමා තලයේ කූටප්‍රාප්තිය කරා රැගෙන ගිය තුරුණු සිනමා නිර්මාණකරණයේ භාවිතාව අග්‍රේසර කෘති කියවීමක්.

වචන 300කට සීමා වු ඔබේ සිනමා විචාරයන් 2018 ජුනි 20දිනට පෙර පහත සඳහන් ලිපිනයට තැපැල් මගින් හෝ කාර්යාලයට පැමිණ භාරදිය හැකිය. ඔබගේ සිනමා සහ ටෙලි නාට්‍ය නිර්මාණ මෙම උත්තමාචාර සම්මාන උළෙල සඳහා ඉදිරිපත් කිරීමට කැමැති නම් ඔබගේ නිර්මාණයේ DVD පිටපතක් 2018 මැයි 20 දිනට පෙර සිග්නීස් කාර්යාලය වෙත ලබා දන්න. වැඩි විස්තර 0112693425/ 0718069085 ඇමතීමෙන් ලබාගත හැක.


ඒකා රජවෙලා 19 දින කළුතර

කළුතර කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යාපන අධණක්ෂවරයකු වු වේදිකා නාට්‍ය හා රූපවාහිනී ශිල්පි ද.හෙ.ආ.සරත් කුමාර මහතා අධ්‍යක්ෂණයකර නිෂ්පාදනය කරන ඒකා රජවෙලා වේදිකා නාට්‍ය ලබන 19දින පෙ.ව10.30ට සහ පස්වරු 2.30ට උතුරු කළුතර වීරවර්ධනාරාම විහාරස්ථානයේ අලුතෙන් ඉදිකරන විහාර මන්ධිරයට ආධාර පිණිස පැවැත්වේ.

ජනප්‍රිය වේදිකා නාට්‍ය හා රූපවාහිනී ශිල්පීන්වන රින්ස්ලි විජේරත්න,ජීවන් හඳුන්නෙත්ති,ජයරත්න රූපසිංහ, දොන් ගයි, සංජීව වික්‍රමසිංහ, උදය කුමාරි, සඳුනිකා විතාරනගේ සහ මංජුලා ගමගේ යන රංගන ශිල්පීන් සහ ශිල්පිනීහු මෙහි රඟ දක්වති.

වාද්දුව සමූහ

එස්.ආර් පියදාස


විදේශීය නාට්‍යවේදිනියන්ගෙන් වැඩමුළුවක්

ලෝක නාට්‍ය දිනයට සමගාමීව ලෝක නාට්‍ය ආයතනයේ සහයෝගයෙන් දෙවැනි වරටත් සිංහල සංස්කෘතික ආයතනය නාට්‍ය හා රංගනය පස් දින ප්‍රායෝගික වැඩමුළුවක් සංවිධානය කර ඇති බැව් එහි සභාපති ජීවන් කුමාරණතුංග මහතා පවසයි. ඇමරිකාව, ස්විස්ටර්ලන්තය, ජර්මනිය රටවල වෙසෙන ප්‍රවීණ නාට්‍ය ආචාර්යවරියන් විසින් මෙහෙයවනු ලබන මෙම වැඩමුළුවට ප්‍රවීණ සහ ආධුනික නාට්‍ය ශිල්පීන්, නාට්‍ය ගුරුවරුන් සහ සිසුන්ට සහභාගි විය හැක. 0112689536 ප්‍රියන්ති හෝ 0770661744 ලක්මාල් ඇමතීමෙන් හෝ සිංහල සංස්කෘතික ආයතනය (සුදර්ශි) අංක 375බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයට පැමිණීමෙන් වැඩි විස්තර ලබාගත හැක.


ළදරු නාට්‍ය හා ක්‍රියාකාරකම් චිකිත්සා වැඩසටහනක් නොමිලේ

දරුවන්ගේ බුද්ධි වර්ධනය හා අනාගත පෞරුෂ සංවර්ධනය සඳහා බහෙවින් උපකාරි වන ලෝකය පුරා ප්‍රචලිත ළදරු නාට්‍ය (baby drama)හා ක්‍රියාකාරකම් චිකිත්සා (play therapy)වැඩසටහනක් නොමිලේ පැවැත්වීමට ළමා කුසලතා සංවර්ධන වැඩසටහන කටයුතු සූදානම්කර ඇත. අවු 2 1/2ත් අවුරුදු 5ත් අතර දරුවන්ට මෙම වැඩසටහන සූදානම්කර ඇති අතර දෙමවුපියන්ද ඊට සහභාගි විය යුතු වීම විශේෂයයි. සහභාගිවන දූපුතුන්ට සහභාගිත්ව සහතික පත්‍රයක්ද පිරිනමන අතර දූපුතුන් 30දෙනෙකු බැගින්වන වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මීළඟ වැඩසටහනට සහභාගිවීමට දරුවාගේ නම, ලිපිනය සහ උපන්දිනය 0714113457 දුරකථනයට කෙටි පණිවිඩයකින් එවීම හෝ [email protected]

විද්‍යුත් ලිපිනයට යොමුකළ හැකිය. මේ පිළිබඳව විශේෂ පුහුණුව ලත් මානව හැකියා ප්‍රවර්ධන පුහුණු උපදේශිකා රත්නා පුෂ්පකුමාරි ප්‍රමුඛ ශිල්පීන් පිරිසක් වැඩසටහන මෙහෙයවනු ලබයි. වැඩි විස්තර 0770661744දුරකථනයෙන් ලබාගත හැකිය.

Comments