
ලංකාවේ ඇති පැරැණිතම ශබ්දාගාරයක් තමයි ජෝනෙත් ශබ්දාගාරය. එමගින් දශක ගණනාවක සිටම කලාකරුවන් වෙනුවෙන් ඉටු වූ සහ ඉටුකරමින් සිටින සේවය සුළු කොට තැකිය නොහැකියි. වසර ගණනාවක සිටම ගීත පටිගත කිරීමට මා හැඟි සේවයක් කළ ජෝනෙත් ශබ්දාගාරය පසුගිය දා යළිත් නවීකරණයට ලක් වුණා.
එය කලාකරුවන්ට යළි තිළිණ කිරීම අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් කාදිනල් හිමිපානන් අතින් සිදු වුණා. මේ අවස්ථාවට කලාකරුවන් රැසක් ද එක්ව සිටියා.මේ එම මා හැඟි කර්තව්‍යය පිළිබඳව එහි අධ්‍යක්ෂක ගරු එඩ්මන්ඩ් තිලකරත්න පියතුමා පැවැසූ අයුරුයි.' මේ වන විට ජෝ නෙත් ශබ්දාගාරය නවීන පටිගත කිරීමේ මෙවලම්වලින් සමන්විත කර විශාල වාදන වෘන්දයක් සමඟ ගීත පටිගත කිරීමේ පහසුකම් සලසා තිබෙනවා.
විශාල ගායනා කණ්ඩායමක් සමඟ සමූහ ගායනා පටිගත කිරීමේ පහසුකම් නවීන මෙවලම් සමඟින් මෙය සමන්විත කර තිබෙනවා. දශක ගණනාවක සිට ගීත පටිගත කිරීමේ මහාගි සේවයක් කළ මෙම ශබ්දාගාරය නැවත නවීකරණය වීමෙන් පෙරකළ සේවය නොනැවතී ඉදිරියටද කරගෙන යාමට හැකිවී තිබෙනවා. එය සතුටක්.'