
වෙසක් උත්සවය නිමිත්තෙන් ලේක්හවුස් ආයතනය හා කොළඹ තරුණ බෞද්ධ සංගමය ඒකාබද්ධව පවත්වනු ලැබූ දීපව්‍යාප්ත චිත්‍ර තරගයේ අවසන් වටයේ ජයග්‍රාහක චිත්‍ර පසුගියදා ලේක්හවුස් ආයතනයේදී විශේෂ අධීක්ෂණ මණ්ඩලයක් ඉදිරියේ තෝරා ගන්නා ලදි.
මෙම අධීක්ෂණ මණ්ඩලයට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ දෘෂ්‍ය කලා උපදේශක මණ්ඩලයේ සභාපති සරත් ගුණසිරි පෙරේරා, රසඳුන ප්‍රධාන කර්තෘ ඉඳුනිල් වීරරත්න, මිහිර ප්‍රධාන කර්තෘ ජගත් හේවාපන්න, සිළුමිණ චිත්‍ර ශිල්පී හර්ෂ ගුණවර්ධන යන මහත්වරු එක්වූහ.
දීප ව්‍යාප්ත චිත්‍ර තරගයේ පළමු කාණ්ඩය සඳහා 1-5 දක්වා ශ්‍රේණිවල සිසු දරු දැරියන්ද දෙවන කාණ්ඩය සඳහා 6-9 දක්වා ශ්‍රේණිවල සිසු දරු දැරියන්ද තුන්වන කාණ්ඩය සඳහා 10-13 දක්වා ශ්‍රේණිවල සිසු දරු දැරියන්ද වශයෙන් එක් කාණ්ඩයකින් 25 බැගින් වයස් කාණ්ඩ තුනකින් මූලික වටයේදී ජයග්‍රාහකයන් 75 දෙනකු තෝරා ගැනිණි.
එම ජයග්‍රාහකයන් 75 දෙනා අප්‍රේල් 07 දා කොළඹ 08, බොරැල්ල, තරුණ බෞද්ධ සංගමයේ, පැවැත්වූ අවසන් චිත්‍ර ඇඳීමේ තරගයේදී එක් කාණ්ඩයකින් තෝරාගත් චිත්‍ර 15 බැගින් වූ චිත්‍ර 45කින් අවසන් ජයග්‍රාහකයන් තෝරාගැනුණි.
කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සහකාර සාමාන්‍යාධිකාරී මේජර් ජේ.එම්.පී.ජයසිංහ, විධායක නිලධාරිනී චාන්දනී විජේරත්න, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ක්‍රිෂාන්ත කුරේ, ලේක්හවුස් ආයතනයේ ලේකම් කුමුදු ගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ කළමණාකාර (මෙහෙයුම්) එස්.සී.ඒ. සූරියආරච්චි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුභාෂ් කරුණාරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව හා පිරිස්) නාරද සුමනරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සුභසාධන) ලාල් පෙරේරා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සන්නාම ප්‍රවර්ධන සහ සම්බන්ධතා) මධාරාද මෙල්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නිෂ්පාදන) ලසන්ත චන්ද්‍රතිලක, ප්‍රධානි පරිපාලන නාමල් පීරිස්, දිනමිණ ප්‍රධාන කර්තෘ පුෂ්පා රොවෙල්, බුදුසරණ පුවත්පතේ කර්තෘ රමණි සුබසිංහ, ඩේලි නිව්ස් කර්තෘ ලලිත් අලහකෝන්, තිනකරන් කර්තෘ කේ.කුණරාසා යන මහත්ම මහත්මීන් ඇතුඵ පුවත්පත් කතුවරු, ආයතනයේ උසස් නිලධාරීන් නිලධාරිනියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
රක්ෂණ ශ්‍රියන්ත
ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ
මාතර මිලේනියම් ජිම් ඇන්ඩ් ෆිට්නස් අවුරුදු කුමර කුමරියෝ
මිලේනියම් ජිම් ඇන්ඩ් ෆිට්නස් සෙන්ටර් හා මිලේනියම් ක්‍රීඩා සාමාජය එක්ව දෙවැනිවරට සංවිධානය කරන මිලේනියම් වසන්ත සැණකෙළිය මාතර වල්ගම නගරයේදී පසුගියදා පැවැත්විණි.
ප්‍රවීණ කායවර්ධන උපදේශක රංගජීව මහතාගේ මඟ පෙන්වීම යටතේ පැවැති මෙම අවුරුදු උත්සවය ජන ක්‍රීඩා රැසකින් සමන්විත වූ අවුරුදු කුමරා හා කුමරිය තේරීමද සිදු කෙරුණි., මෙම මිලේනියම් සැණකෙළිය අවසානයේ කායවර්ධන සංදර්ශනයක් හා විලාසිතා දැක්මක්ද පැවැත්විණි. මෙහිදී අවුරුදු කුමාරවරුන් ලෙස පළමු ස්ථානය ශකිත ගාල්ලගේ, දෙවැනි ස්ථානය චමත් උදයන්ග, තෙවැනි ස්ථානය නිර්මාල් තෙනුක හා අවුරුදු කුමරියන් ලෙස පළමු ස්ථානය දිල්රුක්ෂි ඉමේෂිකා, දෙවැනි ස්ථානය තරුක්ෂි නෙත්මිණි, තෙවැනි ස්ථානය කාංචනා උදයන්ගනී හිමිකර ගත්හ.
ශ්‍රී වෛශාක්‍ය සැදැහැ ගී සරණිය ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ දී
පන්නල තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ ශ්‍රී සුනන්දාරාම දහම් පාසලේ දූ දරුවන් සමග යටියන්තොට සත්සර කලා නිකේතනයේ ශිෂ්‍ය ශලින් කෞෂල්‍ය ප්‍රමුඛ දරු දැරියන් ඉදිරිපත් කරන ශ්‍රී වෛශාක්‍ය සැදැහැ ගී සරණිය අද (29 වන දින) වෙසක් පුන්පොහොයදා රාත්‍රී 7.00 ට විහාරස්ථ පරිශ්‍රයේදී පැවැත්වේ.
විහාරාධිකාරී ගල්නෑවේ ධම්මවංශ හිමියන්ගේ අනුශාසකත්වයෙන් අමිල පතිරණ සමග විහාරස්ථ දායක සභාව මෙම බැති ගී ප්‍රසංග සංවිධානකර ඇත.
මිනිස්සු වගේද සත්තු- 2
ජනගත කිරීමේ උළෙල මැයි 02දා
එඩ්වඩ් චන්ද්‍රසිරි ලියු නවතම ග්‍රන්ථය මිනිස්සු වගේද සත්තු-02 ජනගත කිරීමේ උළෙල මැයි මස 02වැනි බදාදා සවස 4.00ට කොටිකාවත්ත සණස ශ්‍රවණාගාරයේදි පැවැත්වීමට නියමිතය. මෙම ග්‍රන්ථය 2016වසරේ නිකුත් කෙරුණු මිනිස්සු වගේද සත්තු ග්‍රන්ථයේ දෙවැන්නයි.
සතුන්ගේ කැපී පෙනෙන චර්යා රටා, ක්‍රියාකාරකම්, ඔවුන් හා බැඳුණු ආප්තෝපදේශ , උපමා කතා සහ ප්‍රස්ථා පිරුළු ඉස්මතුකර දක්වමින් රචිත මෙම ග්‍රන්ථය පිළිබඳ දේශනා පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම සහ ප්‍රවීණ දේශක අලවතුරේ විජිත අභයවික්‍රම මහත්වරු පවත්වනු ලබයි.
MISS PREMIER CEYLON WITH MISS ENGLAND
රූප රාජිණී තරගය සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකාවේ ප්‍රිමියර් සිලෝන් ආයතනය ( Premier Ceylon Hotels & Hospitality ( Pvt) Ltd) ලොව ප්‍රධානතම රූප රාජිනී තරගයක් වන ‘මිස් ඉංග්ලන්ඩ්‘ (Miss England) සංවිධානය කරන මිස් ඉංග්ලන්ඩ් (Miss England) ආයතනය සමඟ එක්වසංවිධානය කරන ‘මිස් ප්‍රිමියර් සිලෝන් විත් මිස් ඉංග්ලන්ඩ්‘ ( MISS PREMIER CEYLON WITH MISS ENGLAND) යන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රූප රාජිණී තරගය ලබන මස ( මැයි ) 26 වැනිදා ගාල්ලේ අමාරි හෝටල් පරිශ්‍රය ආශ්‍රිත මුහුදු වෙරළේදී පැවැත්වේ.
මෙය ප්‍රිමියර් සිලෝන් ආයතනය සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස පවත්වන අතර එහි අරමුණ වන්නේ ආර්ථිකමය , සමාජමය සහ සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව යුරෝපය පුරා ප්‍රචලිත කිරීමයි.
මෙම තරගයට සහභාගිවීම සඳහා වයස අවුරුදු 18 ත් - 28 ත් අතර අවිවාහක ශ්‍රී ලාංකේය යුවතියන්ට අයදුම් කළ හැකිය. එසේම ඔවුන්ට කිසිදු ජාති, ආගම්, කුල භේදයක් නොමැති අතර ඉංග්‍රීසි භාෂාව නොදැනීම නුසුදුසු කමක් නොවේ. එසේම තමන් තුළ ඇති සුවිශේෂී හැකියාවන් සඳහා තරගයේදී අමතර ලකුණු ලැබෙන අතර, ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාව තුළ හා යුරෝපීය රටවල ප්‍රවර්ධන කටයුතු සඳහා සහභාගි වීම අනිවාර්ය වේ.
ඉහත කොන්දේසි සපුරන ශ්‍රී ලාකේය යුවතියන්ට මේ සඳහා තරග කිරීමේ අවස්ථාව හිමිවන බවත්, එහිදී ජයග්‍රහණය හිමිකරගන්නා යුවතියට යුරෝපය පුරා අපේ රට ප්‍රචලිත කිරීමේ වැඩසටහන් වලට දායක විය හැකි බවත් Premier Ceylon Hotels & Hospitality ( Pvt) Ltd උප සභාපති/ප්‍රධාන විධායක නිලධාරී ජගත් විජේසේකර මහතා පවසනවා.
වැඩි විස්තර 077 4219831 අංකයෙන් සහ 31 D Girton School Lane, Nugegoda, Sri Lanka ලිපිනයෙන් ජගත් විජේසේකර මහතාගෙන් විමසිය හැකි අතර, අයදුම්පත් පිළිබඳ විස්තර www.misspremierceylon.com හෝ [email protected] වෙබ් අඩවි වලට පිවිසීමෙන් දැනගත හැකියි.