රූප­වා­හිනී නාළිකා කිරුළු දිනූ අවු­රුදු කුම­රියෝ | Page 2 | සිළුමිණ

රූප­වා­හිනී නාළිකා කිරුළු දිනූ අවු­රුදු කුම­රියෝ

සිංහල අලුත් අවුරුද්ද කියූ සැනින් ගම්වල සිටින තරුණියන්ගේ සිත්වලට බලාපොරොත්තු දැල්වෙනවා. ඒ අවුරුදු කුමාරිය ලෙස කිරුළ දිනාගන්නට සිත්වල ආසාවක් ඇති නිසා. මෙවරත් අපේ රූපවාහිනී ආයතන රටවටා සිටින රුවැත්තියන් දහස් ගණනක් අතරින් අවුරුදු කුමාරියන් තෝරාගන්නට ක්‍රියාකළ අතර අද රසඳුන තුළින් මේ රුවැත්තියන් හඳුනාගන්නට ඔබට පුළුවන්.

 

පළමු ස්ථානය ටානියා පෙරේරා

මහනුවර පේරාදෙණිය උපන් මේ සොඳුරු යුවතිය ටානියා පෙරේරා මෙවර ජාතික නාළිකාවේ සැළලිහිණි අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබුවා. ඇගේ වයස අවුරුදු 21 යි. මහනුවර යහපත් එඬේරාගේ කන්‍යාරාම විදුහලෙන් සිප්සතර හදාරා ඇති ටානියා මෙවැනි අවුරුදු කුමාරි තරගයකට ඉදිරිපත් වී ඇත්තේ ප්‍රථම වතාවටයි. සැළලිහිණි අවුරුදු කුමරිය කිරුළ දිනාගන්නට ලැබීම වාසනාවක් බව පවසන ඇගේ එකම බලාපොරොත්තුව කලා ක්ෂේත්‍ර යෙන් ඉදිරියට යාම බවයි ඇය පවසන්නේ.

දෙවැනි ස්ථානය රශ්මි උපේකා ඒකනායක

දකුණු පුරවරයේ ගාල්ලේ උපන් රශ්මි සැළලිහිණි අවුරුදු කුමරිය තරගයේ දෙවැනි ස්ථානය හිමිකර ගත් වාසනාවන්තියයි. 2017 වසරේදී දෙරණ නාළිකාවේ අවුරුදු කුමරිය තරගයෙන්ද දෙවැනි ස්ථානය ලබාගන්නට සමත්වුණු රශ්මි සිප්සතර හදාරා ඇත්තේ ගාල්ල සංඝමිත්තා විද්‍යාලයෙන්. දැනට 20 වැනි වියේ පසුවන රශ්මි රංගන ක්ෂේත්‍රයේ නියැලීමට කැමැත්තෙන් සිටිනවා.

තෙවැනි ස්ථානය දිනේෂා දේදුණු ගුණතිලක

සැළලිහිණි අවුරුදු කුමරිය තරගයේ තෙවැනි ස්ථානයට හිමි කිරුළ මෙන්ම Airtel අවුරුදු කුමරිය ලෙසින් අභිෂේක ලැබුවේ දිනේෂා දේදුණු ගුණතිලකයි. මහරගම උපන් දිනේෂාගේ වයස අවුරුදු 22යි. නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් සිප්සතර හදාරා මේ වනවිට පළමු වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක ලෙස අධ්‍යයන කටයුතුවල නිරතවන ඇය විශේෂඥ වෛද්‍යවරියක වීමේ බලාපොරොත්තුවකින් සිටින අතර නිවේදිකාවක් ලෙස කටයුතු කිරීමට කැමැත්තෙන් සිටිනවා.

 

දෙරණ අවුරුදු කුමරිය

අවිෂ්කා උමයංගනී කළුබෝවිල

දෙරණ නාළිකාවේ 2018 අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලබන්නට වාසනාවන්ත වුණේ අවිෂ්කා උමයංගනී කළුබෝවිලයි. ගම්පහ යශෝදරා දේවි බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති ඇගේ වයස අවුරුදු 20 යි. පවුලේ එකම දරුවා වන ඇය මීට පෙර මෙවන් තරගවලට සහභාගීවී නොමැති අතර, සහභාගීවූ ප්‍රථම තරගයෙන්ම ජයග්‍රයණය කිරීම ගැන නිහතමානීව සතුටු වන බව පවසනවා.

 

සිරස අවුරුදු කුමරිය

සිතාරා මල්ජිනී වීරතුංග

2018 සූර්ය මංගල්‍ය යේ සිරස අවුරුදු කුමරිය ලෙස කිරුළ දිනාගන්නට සමත්වුණේ සිතාරා මල්ජිනී වීරතුංගයි. අනුරාධපුර නොච්චියාගම උපන් මල්ජිනීට වයස අවුරුදු 28 යි. කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයෙන් සිප්සතර හදාරා ඇති ඇය නර්තනයට සුවිශේෂී හැකියාවක් ඇත්තියක්. ඉන්දියාවේ කල්කටා රවීන්ද්‍ර භාරතීය විශ්ව විද්‍යාලයෙන් කතක් නර්තනය පිළිබඳ උපාධිය හදාරා ඇති සිතාරා නර්තනයෙන් මෙන්ම රංගනයෙන්ද ඉදිරියට යාමට කැමැත්තෙන් සිටිනවා. මීට පෙර ගැටඹේ පැවැති අවුරුදු කුමරිය තරගයෙන්ද ප්‍රථම ස්ථානය දිනාගන්නට සිතාරා සමත්වී තිබෙනවා.

හිරු අවුරුදු කුමාරිය

පූජනී භාග්‍යා

2018 හිරු අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබුවේ පූජනී භාග්‍යායි. වත්තල උපන් ඇගේ වයස අවුරුදු 24 යි. කැලණිය ගුරුකුල විද්‍යාලයෙන් සිප්සතර හදරා ඇති පූජනී මීට පෙර අවුරුදු කුමරිය ලෙස කිහිප වතාවක්ම විවිධ තරග වලින් ජයග්‍රහණ හිමිකරගෙන තිබෙනවා. රංගන ශිල්පිනියක ලෙස ක්ෂේත්‍රයට පිවිස දිගු ගමනක් යාම තම එකම සිහිනය බව පූජනී පවසනවා.

Comments