
බල්ලොත් බයවෙලා
‘අපේ වින්ඩි මේ ළඟදි දවසක් තරහා ගිහින් මගෙ ඇඟිල්ලක් හපලා හොඳ පාඩමක් ඉගෙන ගත්තයි කියන එක උඹට ආරංචි වුණාද?’ තම නිවෙසට පැමිණ අල්ලාප සල්ලාපයේ යෙදී සිටි කොළඹගේ දෙස බලා චන්ද්‍රසිරි කීවේ ය.
‘මොකෝ නැත්තෙ? උඹ තුවාල වුණු ඇඟිල්ලට බෙහෙත් දාගත්තා විතරක් වුණාට පහුවෙනිදා වින්ඩිට හොඳටම අමාරු වෙලා දොස්තර ළඟට එක්ක ගිහින් ඉන්ජෙක්සන් එකකුත් දුන්නයි කියල උඹේ වයිෆ් මට කිව්වනෙ.’ කොළඹගේ කීවේ සිනාසෙමිනි.
‘මාව හපලා සිද්ධවුණු හදිය වින්ඩි මේ අවට ගෙවල්වල බල්ලන්ගෙ කනේ තියල ද කොහෙද, දැන් මාව දැක්ක ගමන්, ඒ බල්ලො බුර බුරා, පස්ස බල බල දුවනවා බං.’ චන්ද්‍රසිරි කීවේ ය.
ඒකත් ගිනස් වාර්තාවක්
‘හුඟක් වෙලාවට ගිනස් පොතට නම වැටෙන්නේ දුවලා, බර උස්සලා, හැමෝටම කරන්ඩ බැරි අරුම පුදුම දේවල් කරලා වාර්තාවක් තියපු අයගෙ නෙ. ඉතින් ධර්මේ, උඹ දැන් ඔය ගිනස් කාර්යාලයෙන් ඉල්ලීමක් කළාට උඹ ඒ වගෙ දේවල් කරලා තියෙනව යැ.’ හේරත් තම මිතුරු ධර්මදාස ගෙන් ඇසුවේ කිසිවක් තෝරා බේරා ගත නොහැකිවීමෙනි.
‘මොකෝ නැත්තෙ? මම ඔය චිත්‍රපට, ටෙලිනාට්‍ය තරග වලදී ඒවයෙ විනිශ්චය මණ්ඩලවල සාමාජිකත්වය දරපු ප්‍රමාණය කොයිතරම් ද කියනවා නම් ඒක කාටවත් බිඳින්ඩ අමාරු වාර්තාවක් වෙලයි තියෙන්නෙ. එතකොට ඒක ගිනස් වාර්තාවක් නෙමෙයිද?’ ධර්මදාස ඇසුවේ අභියෝගාත්මක ස්වරයකිනි.
රහස ඒකයි
‘උඹලගෙ තාත්තා ඔය වෙන දොස්තරලා වගෙ ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්නෙත් නැහැ. ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක රස්සාව කරනවා විතරයි. ඒත් උඹලගෙ ගෙවල් දොරවල්, යානවාහන, යස ඉසුරු අතින් බැලුවාම උඹලා ඔය අනිත් දොස්තරවලට වඩා හුඟක් ඉහළින්නෙ ඉන්නෙ. ඇත්තට ම මොකක්ද, ඒකෙ රහස?’ සිරිමල් තම සමීප පන්ති සගයකු වූ සුනිමල් ගෙන් ඇසුවේ පාසල නිම වී සුනිමල්ලාගේ සුඛෝපභෝගී රථයෙන් නිවෙස් බලා යමින් සිටියදීය.
‘ප්‍රයිවට් ප්‍රැක්ටිස් වලින් සල්ලි හම්බ කරන්ඩ අෙප තාත්තට ගායක් නැහැ බං. ඒවා මොකටද? අපෙ තාත්තනෙ, රිමාන්ඩ් එකේ, එතකොට හිරගෙදර ඉන්න අයට අසනීපයි කියල දැන්නුවා ම ඒ ගොල්ලන්ව බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන්ඩ ඕනෙද කියල නිර්දේශ කරන්නෙ.’ සුනිමල් කීවේ කපටි සිනාවක් පාමිනි.
එහෙම කළොත්...
‘මේ අවුරුද්දෙ ඉස්කෝලෙ ශිෂ්‍ය නායක පදවියක් ඔයාට ලැබෙයි නේද පුතා?’ අනෝමා ඇසුවේ පාසල් යාමට සූදානම් වෙමින් සිටි තම පුතුගේ කමිසයේ කොලරය සකසමිනි.
‘ලැබෙන්ඩ නං ඕනෙ. හැබැයි, නිකමට හරි මාව කපලා ඒ වෙනුවට අපේ පන්තියේ වෙන කවුරුහරි, ශිෂ්‍ය නායකයෙක් විදියට පත් කරන්ඩ හැදුවොත් එහෙම මම ගේනවා විශ්වාසභංගයක්, ප්‍රින්සිපල්ට විරුද්ධව.’ පුතා කීවේ තරවටුවක ස්වරයකිනි.
අහන්ඩත් දෙයක් ද?
‘සමහර ඉරිදා පත්තරවල මිල එක සැරේම රුපියල් විස්සකින් ඉහළ ගියාම ඒක පාඨකයන්ට හුඟක් තදින් දැනිලා තියෙනවා. ඒ හින්දා මිල වැඩිවුණු පත්තරවල අලෙවිය හොඳට ම පහළ බැහැලා කියලයි පත්තර විකුණන වෙළෙන්දෝ කියන්නෙ.’ උදේනි, චන්ද්‍රසිරි සමඟ කීවේ නාට්‍යය ඇරඹීමට පෙර පැවති අවස්ථාවල ඡායාරූප කීපයක් ගැනීමෙන් අනතුරුව චන්ද්‍රසිරි සිටි අසුනට යාබද අසුනේ වාඩිවෙමිනි.
‘පත්තරවල අලෙවිය අඩු වුණේ මිල වැඩිවුණු හින්ද ම නෙමෙයි. මුලින් රඟපෑමට විතරක් සීමාවෙලා හිටපු උඹ ඉරිදා පත්තරවලට ලියන්ඩයි, ඒ මදිවට දැන් උත්සව වල ෆොටෝ අරගෙන ඒවා පත්තරේ දාන්ඩයි ගත්තම ඔය පත්තර විකිණීම අඩුවෙන එක අහන්ඩත් දෙයක් ද?’ චන්ද්‍රසිරි කීවේ සෝපහාසී සිනාවක් නඟමිනි.
මොන දෙයියන්ට කියන්ඩ ද?
‘මට අද හුඟක් දේවල් තියෙනවා ඔයත් එක්ක නිස්කාන්සුවේ කතා කරන්ඩ. අපි යමුද වැල්ලවත්තේ බීච් එකට’ තම පෙම්වතා හමුවූ අවස්ථාවේ අමිතා කීවේ දැඩි උනන්දුවක් පෙන්වමිනි.
‘අපෝ! අද නං ඒ වගෙ තැනකට යන එක නුවණට හුරු නැහැ. අද නෙ බබෝ! අර චීන අභ්‍යාවකාශ යානය කොයි මොහොතක හරි ලංකාවට කඩා වැටෙනවයි කියන්නෙ. නිකමටවත් ඒක වැල්ලවත්තේ බීච් එකේ වැටකෙයියා පඳුරකට පාත්වුණොත් එහෙම මොන දෙයියන්ට කියන්ඩද?’ කරූ කීවේ බෙල්ලේ මතු වූ දහඩිය ලේන්සුවෙන් පිස දමමිනි.