
අවුරුද්දෙම චිත්‍රපට
මේ දිනවල ප්‍රවීණ චිත්‍රපට සහාය අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත චිත්‍රපට පෝලිමක් සමඟ ලංකාවේ කාර්යබහුලම සහාය අධ්‍යක්ෂවරයා බවට පත් වෙලා කියලා අපිට දැනගන්නට ලැබුණා. මේ ගැන විමසූ විට ඩොනල්ඩ් අපිට දුන්නෙ අපූරු පිළිතුරක් . 'මේ දවස්වල චිත්‍රපට හතරක් පහක් එක්කම මට කටයුතු කරන්නට සිදුවෙලා තිබෙනවා. අවුරුද්ද පුරාම චිත්‍රපට රැසක් සමඟ ගෙවන්නයි මම සූදානම් වෙන්නේ. මහේෂ් ගේ 'රෂ් 'චිත්‍රපටයේ වැඩකටයුතු පසුගිය දා නුවරඑළියේ දී සිදු වුණා. ඒ වගේම සුසිරින්ද සිල්වාගේ 'මිස් ජෙනී' චිත්‍රපටය ලබන මාසෙ පටන් ගන්නවා. ඉන්පසුව අගෝස්තු මාසයේ 'ආදර හීනය ' පටන් ගන්නවා. නොවැම්බර්වල උදයකාන්තගේ 'ගින්දරී -3 ' පටන් ගන්නවා. අවුරුද්ද පුරාවටම චිත්‍රපට සමඟ කාර්යබහුලව තමයි ගත කරන්නට වී තිබෙනන්නේ. එය ඇත්තටම සතුටක්.
කාර්ය බහුල අධ්‍යක්ෂවරයා
මේ දවස්වල අශේන් කාර්යබහුල වෙලා ඉන්නේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙසයි. ඔහු අධ්‍යක්ෂණය කළ ඒකාංගික ටෙලි නාට්‍යයක් පසුගිය දා රයිගම් ටෙලි සම්මාන සඳහා ද නිර්දේශ වුණා. ඒ වගේම මේ දිනවල ඔහු නවතම ඒකාංගික ටෙලි නාට්‍ය කිහිපයක් අධ්‍යක්ෂණය කරමින් සිටිනවා.ඒ ගැන වගේම ඔහුගේ නවතම කලා තොරතුරු ගැනත් අශේන් අපිත් එක්ක කතාබහ කළා.' මේ දිනවල ඒකාංගික ටෙලි නාට්‍ය කිහිපයක්ම මම අධ්‍යක්ෂණය කරනවා. පසුගිය නත්තල වෙනුවෙන් මම අධ්‍යක්ෂණය කළ 'මිතුරු තුමෝ 'ඒකාංගික ටෙලි නාට්‍යය රයිගම් සම්මාන උළෙලේ හොඳම ඒකාංගික ටෙලිනාට්‍ය අතරට නිර්දේශ වුණා. එය ලොකු සතුටක්. ඉදිරියේදී වෙසක් උළෙල වෙනුවෙනුත් ඒකාංගික ටෙලි නාට්‍යයක් මම අධ්‍යක්ෂණය කළා. එය මේ මස 30 වැනිදා දහවල් එකට ජාතික රූපවාහිනියෙන් විකාශය වෙන්න නියමිතයි. එය නම් කොට තිබෙන්නේ 'සත්‍ය කතාවක් ' ලෙසයි. එයට මහේන්ද්‍ර පෙරේරා, සෝනියා දිසා, වැනි ප්‍රවීණයන් රැසක් රංගනයෙන් දායක වෙනවා.
'සුපර්ණා' සමඟ දුලීකා
ප්‍රවීණ නිළි දුලීකා මාරපන මේ වන විට ඇගේ නවතම චිත්‍රපට නිර්මාණයත් සමඟ ප්‍රේක්ෂකයන් අතරට එන්නට සූදානම් වන පුවතක් අපිට දැන ගන්නට ලැබුණා. මේ ගැන දුලීකාගෙන්ම විමසාබලන්නට අපි කටයුතු කළා.
'සුපර්ණා' චිත්‍රපටයේ වැඩ කටයුතු මේ වන විට නිමා වෙලා තිබෙනවා. මේ චිත්‍රපටයේ ප්‍රදර්ශනවාරයක් මාධ්‍යවේදීන්ට වගේම චිත්‍රපටයට දායක වූවන්ට මේ මාසෙ අවසානයේ පවත් වන්නට අපි සැලැසුම් කර තිබෙනවා. මෙය වෙනස්ම ආකාරයකට නිර්මාණය වෙන චිත්‍රපටයක්. මෙය මේ කාලයට උචිතම චිත්‍රපටයක්. මොකද මෙයට තේමා වන්නේ පරිසරය පිළිබඳවයි. මෙය දරුවාගේ සිට වැඩිහිටියා දක්වාම නැරඹිය යුතු චිත්‍රපටයක්.