
දඬුවැල්මැස්සන්, ශරීර ප්‍රමාණයෙන් අනෙකුත් බිඟු විශේෂ වලට වඩා සාපේක්ෂව කුඩායි. සාමාන්‍යයෙන් එක් වැඩකාර ගැහැනු ස්සකුගේ ශරීර ප්‍රමාණය, 7 මිම් සිට 10 මිමී දක්වා අතර අගයක් ගන්නවා.
මීමැසි පාලනය ගැන ඉගෙනගන්න පෙර, අප අවට පරිසරයේ නිතර දක්නට ලැබෙන, පැණි රැස්කරන, සෑම බිඟු විශේෂයක් ගැනම දැනගෙන සිටීම වැදගත්. ඒ අනුව, පසුගිය ලිපි කිහිපය ඔස්සේ, අප පරිසරයේ දක්නට ලැබෙන, ප්‍රධානතම බිඟු විශේෂ හතරෙහි ( මීමැස්සන්, බඹරුන්, කනෙයිමැස්සන් හා දඬුවැල්මැස්සන්) කැදලි ස්වභාවය පිළිබඳවත්, බඹරුන් හා කනෙයි මැස්සන් පිළිබඳව වෙන වෙනමත් කතාකලා. අද ලිපියෙන් අප කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ, මිනිසාගේ නොදැනුවත්කම හේතුවෙන්, අප පරිසරයෙන් ක්‍රමයෙන් නෂ්ටවෙමින් යන, නමුත් , පරාගනය සඳහා අතිශයින් වැදගත් තවත් එක් බිඟු විශේෂයක් වන දඬුවැල්මැස්සන් ගැනයි.
Apis florea යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන දඬුවැල්මැස්සන්, ප්‍රධාන වශයෙන්ම දැකගත හැකිවන්නේ ආසියානු හා අප්‍රිකානු රටවල්වලයි. ඒ අතරිනුත්, ශ්‍රීලංකාව, ඉන්දියාව, චීනය, වියට්නාමය, මියන්මාර්ය හා කාම්බෝජය වැනි රටවල්වලට ප්‍රධාන තැනක් හිම්වෙනවා. " Dwarf honeybees ", එහමත් නැතින්ම්, " අගුටු මීමැස්සන් " ලෙස හඳුන්වන දඬුවැල්මැස්සන්, ශරීර ප්‍රමානයෙන් අනෙකුත් බිඟු විශේෂ වලට වඩා සාපේක්ෂව කුඩායි. සාමාන්‍යයෙන් එක් වැඩකාර ගැහැනු මැස්සකුගේ ශරීර ප්‍රමාණය, 7 මිම් සිට 10 මිමී දක්වා අතර අගයක් ගන්නවා. සාමාන්‍ය ගැමි ව්‍යවහරේ, " දඬුවැල්ලාවක් ", "දඬුවැල්බෑයක් " ආදී විවිධ නම්වලින් හදුන්වනු ලබන්නේ, මේ දඬුවැල්මැස්සන්ගේ කැදලියි. දඬුවැල්ලාවක්, තනි වදයකින් යුක්තවන අතර, එය ප්‍රමානයෙන්ද සාපේක්ෂව කුඩායි.
දඬුවැල්මැස්සන් විසින් තම කැදැල්ල, විවෘත, එලිමහන් ස්ථානවල සාදන අතර, එය බොහෝවිට පොළොවට ආසන්නයේ ඇති අතු ඉත්තක හෝ පදුරක හෝ වන්නට පුළුවන්. මෙම ජනපදයක්, සාමාන්‍ය අනෙක් බිගු විශේෂ මෙන්ම රැජිනක්, වැඩකාර ගැහැනු මැස්සන් හා පිරිමි මැස්සන්ගෙන් සමන්විතයි.
ශරීර ස්වභාවයෙන් මීමැස්සන්ට ඉතා සමීප නිසාම, මීමැස්සන් කියා වරදවා වටහාගැනීම් මෙන්ම, පැනි ලබාගැනීමේ අරමුනින් මොවුන්ගේ ජනපද විනාශ කිරීම්ද සුලභවීම මෙම බිඟු විශේෂය අප පරිසරයෙන් ක්‍රමයෙන් නෂ්ටවී යාමට ප්‍රධාන හේතු ලෙස හදුනාගන්න පුළුවන්.
දඬුවැල්මැස්සන් ශරීර ප්‍රමානයෙන් මීමැස්සන්ට වඩා කුඩාවනවා මෙන්ම, මොවුන්ගේ උදරයේ දක්නට ලැබෙන සුදු පැහැති පටි, දඬුවැල්මැස්සන්ව මීමැස්සන්ගෙන් පහසුවෙන්ම වෙන්කරගන්න හේතුවෙනවා. මීමැස්සන්ගේ එවැනි සුදු පැහැති පටි පිහිටීමක් දක්නට නොලැබෙන අතර, ඔවුන්ගේ දැකිය හැක්කේ කළු හෝ දුඹූරු පටි පිහිටීමක්. එසේම, මීමැස්සන්, දඬුවැල්මැස්සන් මෙන් විවෘත, එලිමහන් ස්ථානවල වද සෑදීමක් සිදුනොකරන බැවින්, එයද, මීමැස්සන් හා දඬුවැල්මැස්සන් එකිනෙකින් වෙන්කර හදුනාගැනීමට භාවිත කරන්න පුළුවන්. මීමැස්සන් හා දඬුවැල්මැස්සන් එකිනෙක මිශ්‍ර වී සිටිනවා යැයි ප්‍රචලිතවී තිබුනද, එය මිථ්‍යාවක්. මීමැස්සන්ගේ හා දඬුවැල්මැස්සන්ගේ පිරිමි මැස්සන් ශරීර ස්වභාවයෙන් මෙන්ම, ප්‍රමාණයෙන්ද සමානවීම, මෙම විශ්වාසයට හේතුවන්නට ඇත.
පරිසරයට විවෘත ස්ථානවල තම කැදැල්ල සාදන දඬුවැල්මැස්සන්, විලෝපිකයන්ට gගොදුරුවීමට ඇති හැකියාව වැඩි නිසාම, තම ජනපදයේ ආරක්ෂාව ගැනි බොහෝසේ සැලකිලිමත් වෙනවා.ජනපදයක සිටින බිගුන් ප්‍රමානය කුඩාවුවත්, එයින් වැඩි ප්‍රමානයක් ආරක්ෂක මැස්සන් ( Diffensive bees )ලෙස ක්‍රියාකරන අතර, ඕනෑම අවස්ථාවක, විලෝපිකයන්ට එරෙහිව තම විත විදීමට මොවුන් පසුබටවන්නේත් නෑ. නමුත්, මොවුන්ගේ විත විදීමේ වේගය මෙන්ම, එයින් සිදුවන හානියද තිබෙන්නේ අඩු මට්ටමක. Jඑසේම, තම ජනපදයට කුහුඹුවන් හා අනෙකුත් සත්ත්ව විශේෂවලින් සිදුවන හානිය අවම කිරීම සදහා, වදය ආධාරකයට සම්බන්ධ වන ස්ථානයේ ලාටු ආලේප කිරීමක් දක්නට පුලුවන්. එසේම, විලෝපීය ආක්‍රමනයකදී දඬුවැල්මැස්සන් විසින් ඔවුනටම ආවේණික ශබ්දයක් ( Piping noise ) නැගීම මගින්, විලෝපිකයන් පන්නා දැමීමටද සමත්.
දඬුවැල්මැස්සන් පැනි රැස්කරන බිගු විශේෂයක් ලෙස හඳුනාගත හැකිවුවත්, එක් ජනපදයකින් ලබාගතහැකි පැනි ප්‍රමාණය පවතින්නේ ඉතා අවම මට්ටමක. එබැවින්, පැණි ලබාගැනීම සදහා මෙම බිගු ජනපද විනාශකිරීම වෙනුවට, ඉතා හොද පරාගකාරක්‍යන් වන දඬුවැල්මැස්සන්, පරාගණය සදහා පමණක් පරිසර පද්ධතිය තුළ යොදාගැනීමද ඉතා වැදගත්.
ඉසුරු ලක්මාල්