මෙතුන් එස්.කේ ගයන සස­රෙන් ආ මිතුරා | සිළුමිණ

මෙතුන් එස්.කේ ගයන සස­රෙන් ආ මිතුරා

නුඹ මගේ කල්‍යාණ මිතුරා. මම දන්නව මේ බැඳීම නුඹත් මමත් අතර සංසාරය පුරාවට එන මිතුරුකමක් කියලා. අපි මේ ආත්මේදි විතරක් නෙවෙයි ආත්ම ගණනක් තිස්සේ මේ විදියට එන්න ඇති. ඒ හෑම මොහොතකදිම අපි යළි ආත්මෙක හමුවීමේ බලාපොරොත්තුවෙන් ජීවිතවලට දුකක් ඉතිරි කර සමුගන්න ඇති. ‘සසරෙන් ආ මිතුරා කොයි ද නැවතන් සැඟවුණේ ?‘ මගේ මිතුරාණනි. මම දන්නවා නුඹ නුඹේ ලේ ධාතුව වූ පුතාට පුදුමාකාර ආදරයක් කලා කියලා. පුතා ජීවත්ව සිටි කෙටි කාලය තුළ ඔහු ආදරයෙන් ස්පර්ශ කරන්න, ධර්මයට නැඹුරු කරවන් ගත් වෙහෙස, හැබැයි ඔහු මේ ලොව හැරගියේ නිර්වාණයට යන මඟ බෝහෝ දෙනෙකුට පෙන්වා දෙමින්. මට දැනෙන්නේ ඔහු ඒ පණිවුඩය තම කළණ මිතුරන්ට මතක් කරදී යන්නට මෙලොවට සැපත් වුණු මිතුරෙකු ලෙසයි. ඔහුගේ කාලය පැමිණ විගස ඔහුට උසස් දිව්‍ය තලයකින් ආරාධනා ලැබ, ඒය පිළිගෙන, අපිව තනිකර ගිය ශ්‍රේෂ්ඨ ආත්මයක් ලෙසයි.

සසරෙන් ආ මිතුරා නිර්මාණය පිටු පස කතාව ඉතාමත් ලස්සනයි, මා බොහොම කෙටියෙන් තමයි ඒ ගැන ලිව්වේ. රසිකයන්ගේ සිත් සතන් සංවේදි කරවන මේ ගීතය ගායනා කරන්නේ මෙතුන් එස්. කේ. ඒ විතරක් නෙවෙයි මෙතුන්මයි මේ ගීතය ලියලා තනුවත් දමන්නේ. මෙතුන්ගේ ගම මාතර වුණාට පාසල් ගියේ කොළඹ මිචලි ජාත්‍යන්තර පාසලට. පාසල් කාලයේ ඉදළා ගායනට දස්කම් දක්වපු ඔහු පසුකාලීනව ප්‍රවීණ සංගීතවේදී කීර්ති පැස්කුවල් මහතා යටතේ ගිටාර් වාදනය හා හඬ හැසිරවීම පිළිබඳව හදාරා ඇත. තමන්ගේම ව්‍යාපාරයක නිරත වෙන මෙතුල් විසේකාරී නමින් ගීතයක් ද කර තිබේ.

වලාකුලෙන් පාවී ඇවිත්

ගීයක් ලියා මාගේ ලෙයින්

කතරේ කෙලවර සොයා

යන්නේ තනියම ඔයා

සසරෙන් ආ මිතුරා.......

කොයි ද නැවතත් සැඟවුනේ

අහසෙන් ආ ඇරයුම් රැගෙන

තනිකලා මා මිහිතලේ

ඇයි මා... තනිකලේ..

යළි එන හෙටක් ගැන ගැන හිතක්

මැරි මැරී සිටිත් කල්පාන්තයක්

ක්ෂිතිජේ කෙලවර සොයා

එන්නම් හමුවන තුරා........

නිම්තෙරක් නොපෙනෙන මාරුතේ

සංහිඳ වී ඔබ ඈතින් පෙනේ

මා එනකල් මඟ බලමින් ඇතේ

එතෙර වන්නට පෙර තොටුපලේ....

ගායනය, පදරචනය හා තනුව- මෙතුල් එස්. කේ

සංගීතය-චරිත් සුරිත් ජයවර්ධන

 

නුවන් කොඩි­කාර     

Comments