
යෝග අභ්‍යාස කරන්නෙ ඕනේ උදෑසන හිස් බඩින්, දියරක් ගත්තට කමක් නැහැ. හැබැයි කෑම නොගෙන තමයි මෙය කරන්න ඕනේ. උදෑසන අභ්‍යාස කරනව නම් බ්‍රාහ්ම මූර්තිය හොඳයි. උදෑසන 4.00 ට තමයි එය උදා වෙන්නේ. හැබැයි එය නියමයක් නම් නෙවෙයි. නැත්නම් සවස්වරුවේත් පුළුවන්.
ඈත අතීයේදී භාරතයේ ඉසිවරු අතර ප්‍රචලිතව තිබූ යෝග ව්‍යායාම වර්තමානය වන විට අපේ රටේ මිනිසුන් අතරද ක්‍රමක් ක්‍රමයෙන් ප්‍රචලිත වීමට පටන් ගෙන තිබේ. ඊට හේතුව වුයේ මිනිසුන්ට වැළඳෙන බෝ නොවන රෝග රැසක් යෝග ව්‍යායාම මගින් වලක්වා ගත හැකි බවට විවිධ පර්යේෂණවලින් තහවුරු වී තිබීම නිසාය. අපේ රටේ ඇතැම් පුද්ගලයන්ද මේ පිළිබඳව හදාරන්නට පටන් ගත්තේය. පොත පතින් පමණක් නොව යෝග විශේෂඥයන්ගෙන් ද එලෙස දැනුම ලබාගනිමින් මේ වන විට අපේ රටේ පමණක් නොව දෙස් විදෙස්වල පවා යෝග ව්‍යායාම් වල නිරත වන රෝලන්ඩ් විතානගේ මහතා පසුගියදා අපට මුණගැසිණි.
• යෝගවල ආරම්භය සිදුවන්නේ කොහොමද ?
යෝග කියන්නේ මීට වසර පන්දහසකට පෙර මොහන්ධාදාරු ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ ඇති වුණ දෙයක්. තුන්කල් දක්නා නුවණින් යුත් (ත්‍රී කාල දර්ශි) මහා භාරතයේ සිටී යෝගීන් සෘෂිවරුන් බන භාවනා කර මනස දියුණු කර ගැනීමෙන් තමයි මෙම ක්‍රමවේදය ලබාගෙන තිබෙන්නේ.
• එතකොට ලංකාවේ යෝග අභ්‍යාස පටන් ගත්තේ කොයි කාළේද ?
අතීතයේ දී ලංකාවේ යෝග ක්‍රමය තිබුණා. විශේෂයෙන් හින්දු සමාජයේ කෝවිල් ආශ්‍රිතව තමයි මෙය තිබුණේ. ලංකාවට මෙය අලුත් දෙයක් නොවෙයි. මොකද හේතුව බුදු රජාණන්වහන්සේ බුදු වෙන්න කලින් යෝග අභ්‍යාසවල යෙදිලා තිබෙනවා.ඒ කියන්නේ මහා භාරතයේ යෝග තිබිලා තියෙනවා. ආලාර කාලාම, උද්දකරාම පුත්ත යන අභිඥාාලාභින් යෝගවල නිරත වෙලා තිබෙනවා. මෙය ලංකාවට අලුත් දෙයක් නොවෙයි. බුදු හාමුදුරුවෝ වාඩිවෙලා ඉන්න ආසන ක්‍රම පවා යෝගාසන තමයි. පද්මාසනය (එරමිනියා ගොතාගෙන සිටින) වජ්ජාසනය, සුඛාසන නමින් ආසන තිබෙනවා. මෙය ලංකාවට ඇවිත් තියෙන්නේ බෞද්ධ දර්ශනයත් සමඟයි. නමුත් මෑත කාලයේ තමයි යෝග ලංකාවේ ප්‍රචලිත වෙන්න පටන් ගෙන තිබෙන්නේ. ඒකට හේතුව මින් කායික හා මානසික සුවය ලබන්න පුළුවන් කියන දේ ජනතාවට දැනෙන්න පටන් ගෙන තිබෙනවා. දැන් එය දවසින් දවස ප්‍රවණතාවක් වෙලා තියෙනවා. දෛනික දෙයක් වෙලා තියෙනවා. වර්තමාන සමාජයේ අවිවේකයත් සමඟ ඇති වෙන ලෙඩ රෝග වැඩි වෙලා. විශේෂයෙන්ම බෝ නොවන රෝග. ෂුගර්. කොලොස්ට්‍රොල්, ප්‍රේෂර්, ඩයබිටික් වැනි රෝග තත්ත්වයන් සහ මානසික අසහනයෙන් ඇතිවෙන රෝග වැඩිවෙලා තිබෙනවා. හැබැයි මේ තත්ත්වයන් පාලනය කර ගැනීමට යෝග යොදා ගන්න පුළුවන්. යෝග අභ්‍යාසවල යෙදෙන කොට එවැනි දේවල් වලින් මිදි සහනදායි සුවදායි දිවිපෙවතක් ගෙවන්න පුළුවන්. ලෝකය පුරා සිදුකර තියෙන පර්යේෂණවලින් එය තහවුරු කරගෙන තිෙබනවා. මෙම යෝග ක්‍රමය ආසියාතික දෙයක් වුණාට බටහිර ජාතීන් තමයි මින් වැඩි ප්‍රයෝජනය අරගෙන තියෙන්නේ. ඔවුන් නිරන්තර මේ පිළිබඳව හැදෑරීම් කරළා ඉන් ප්‍රයෝජන ගනිමින් ඉන්නවා.
• ඒ කියන්නේ විදේශිකයන්ද වැඩිපුර යෝගවල යෙදෙන්නේ ?
නැහැ. දෙස් විදෙස් දෙපිරිසම යෝගවල නිරත වෙනවා. නමුත් මම ගොඩක් වේලාවට විදේශිකයන්ට තමයි පුහුණුව ලබා දෙන්නේ. මේ රටේ තියෙන ප්‍රසිද්ධ හෝටල් කිහිපයකම මම යෝග පුහුණු ස්ථාන පවත්වා ගෙන යනවා. ඒ ස්ථානවලදි වැඩිපුරම යෝගවලට එන්නේ විදේශිකයෝ. විශේෂයෙන්ම එංගලන්තය, ඇමරිකාව, ප්‍රංශය, ස්වීඩනය, නෝර්වේ, පිංලන්තය ජමනිය, රුසියාව යුක්ක්‍රේනය, ඕස්ට්‍රේලියාව වගේම ලතින් ඇමරිකානු රටවල්. ඒ වගේම මුළු ලෝකය පුරාම මගෙන් ඉගෙන ගත්ත ශිෂ්‍යයෝ විසිරිලා ඉන්නවා. යෝග පටන් ගත්ත ඉන්දියාවෙත් මගේ ශිෂ්‍යයෝ ඉන්නවා.
• යෝග අභ්‍යාසවල නිරත වීමෙන් ඕනෑම රෝගයක් වලක්වා ගත හැකිද ?
කර්මානුරූපව වැළදෙන රෝග ඒ කියන්නේ ශල්‍යකර්ම වලින් සනීප කරන්න ඕන ලෙඩ රෝග යෝගවලින් හොඳ කරන්න බැහැ. ඊට ශල්‍යකර්ම කරන්න වෙනවා. නමුත් යෝගවලින් ශල්‍යකර්ම වලට තුඩු දෙන සිද්ධි දාමයන් මින් වලක්වා ගත හැකියි. අපේ කියමනක් තියෙනවා සුවකිරීමට වඩා වැළැක්වීම උතුම් කියලා. ඒකයි මම මුල ඉදන් කිව්වේ යෝග කරානම් ඇතැම් ලෙඩ රෝග වළක්වා ගත හැකියි. පූර්ව පෙරභවයේ කාර්මානුරූපීව එන ඇතැම් ලෙඩ රෝග වළක්වන්න බැහැ.
• යෝග ව්‍යායාමවල නිරත විය යුත්තේ කුමන අවස්ථාවල ද?
යෝග අභ්‍යාස කරන්නෙ ඕනේ උදෑසන හිස් බඩින්, දියරක් ගත්තට කමක් නැහැ. හැබැයි කෑම නොගෙන තමයි මෙය කරන්න ඕනේ. උදෑසන අභ්‍යාස කරනව නම් බ්‍රාහ්ම මූර්තිය හොඳයි. උදෑසන 4.00 ට තමයි එය උදා වෙන්නේ. හැබැයි එය නියමයක් නම් නෙවෙයි. නැත්නම් සවස්වරුවේත් පුළුවන්. බර ආහාරයක් ගත්තොත් පැය හතරකට පස්සේ තමයි ව්‍යායාම වල නිරත් වන්න ඕනේ. සැහැල්ලු ආහාරයක් ගත්ත නම් පැයකට පස්සේ යෝග අභ්‍යාසවල යෙදීම සුදුසුයි. ඒ වගේම යෝග කරල විනාඩි 45ක් පමණ ගත වෙනකම් ඇගපත සේදීම නොකළ යුතුයි. විශේෂ ලෙඩ රෝග තිබෙන අය නම් සුදුසු වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගන්න ඕන. එය යෝග ව්‍යායාම කරද්දි විතරක් නෙවෙයි ඕනම ව්‍යායාමයක් කරද්දි අවශ්‍ය වෙනවා.
ඒ වගේම තමයි මෙහි තියෙන යෝග ආසන (යෝග ව්‍යායාම), ප්රාණයාම (සුවසන අභ්‍යාස), භාවනා ක්‍රම ශරීරය ලිහිල් කිරීම, ශුද්දි ක්‍රියා වැනි දේ තිබෙනවා.අපි කරන්නේ හත ක්‍රමය. ඊට අමතරව තව යෝග ක්‍රම නවයක් විතර තියෙනවා. හත යෝග , මන්ත්‍ර යෝග, තන්ත්ර යෝග, ළය යෝග, භක්ති යෝග, කුණ්ඩම් යෝග, රාජ යෝග (හිමාලය ආශ්‍රිතව) ක්‍රමත් තිබෙනවා.
• ඔබ මෙම ක්ෂේත්රයට පිවිසුණේ කොහොම ද ?
මම ක්ෂේත්රයට ඇවිත් අවුරුදු 25ක් වෙනවා. වයි. පියසේන කෝස්ටා කියන මහත්මයාගේ පොතක් ලැබුණා යෝග කුමක් ද කුමටද කියලා. මේ පොත ලැබෙන්න කලින් මම විවිධ ව්‍යායාමවල යෙදිලා තිබෙනවා. ඒ කියන්නේ සටන් ක්‍රම වගේ දේවල්වල. මෙය ලැබුණේ අහම්බෙන්, මම මේ පොත බලාගෙන එහි තිබුණ ව්‍යායාමවල නිරත වුණා. පසු කාලීනව මම ඒ ගුරුවරයා හමුවෙන්න ගියා නමුත් ඔහු පංති කරන්නේ නැහැ. ඔහුගේ නීරෝගිකමට අවශ්‍ය දේවල් විතරක් කරගෙන ඉන්නවා කියලා. මෙහි වැඩිදුර ඉගෙන ගන්න ඉන්දියාවට ගියා . එහි ආසන යෝග නිකේතනයේ ඩිප්ලෝමා හැදෑරුවා. .
නුවන් කොඩිකාර