
නුඹ මට ළං වුණ දවසේ ඉදළා පුංචි සැකයක් මගේ හිතේ ලියලන්න ගත්තා. ඒත් ආදරේ නාමෙන් මට ඒ සැකය සැකයක් කරගන්න බැරි වුණා. ඒ නිසා මොන අඩුපාඩු වැරදි දැක්කත් ආදරේ වෙනුවෙන් මම ඒ හැදේම දරාගත්තා . හැබැයි ඒ හැමදේම දරාගත්තත්, අවසානයේ නුඹ මගේ නැතිබැරිකම පෙන්වල යන්න ගියා. ඇත්තමයි මම රැවටුණා. නැති නිසා මිල මුදල් මා සන්තකේ රැවටුනා යළිත් මා ආදරේ. හැබැයි නුඹ ඒ කළ රැවටීම මගේ ජීවිතේ යළි නොවැටෙන්න මාවතක් වුණා කියලා නුඹ දන්නේ නැහැ. හිතන්න එපා නුඹට යළිත් මාව රවට්ටන් පුළුවන් කියළා. වෙන් වී ගියත් නැහැ දුකක් කිසිදා යළිත් ඔබ එපා. සත්තමයි දැන් මුළු ලෝකෙම දෙනවා කියළා නුඹ එන්න හැදුවත් මට යළි නුඹ ඕනේ නැහැ. මම සිහිනෙකින්වත් නුඹව පතන්නේ නැහැ. මා ඔබ නැතුව ජීවිතය දින්නා. තමන් ආදරේ කළ පෙම්වතිය දුප්පත්කම පෙන්වා මඟ හැර ගියත් එයින් නොවැටී ජීවිතය ජයගත් තරුණයෙක් ගැන කියවෙන ‘ආයෙනම් ඔබ එපා‘ ගීතය මේ දිනවල ඉතා ජනප්‍රිය ගීතයක් බවට පත්ව තිබේ. ඒ නිසාම අපි මෙවර ඒ ගීතය පිළිබඳව ඉන්දික උදයන්ත එක්ක දොඩමළු වුණා.
ඉන්දික ගම් පළාත කොහේද ?
තංගල්ලේ. දකුණේ කොල්ලෙක්
පාසල් ගියේ ?
තංගල්ල පිරිමි ජාතික පාසලට
පාසල් යන කාළෙත් සංගීතය හදාරන්න ඇති නේද ?
ඕව්. මම සංගීතය විෂයක් විදියට කළා. හැබැයි වැඩිදුර ගායනය පැත්තට යොමු වුණේ රැකියාවත් එක්ක.
ඒ කියන්නේ ?
මම රැකියාව විදියට කරන්නේ ධීවර අමාත්‍යාංශයේ පොලොන්නරුව හා මැදිරිගිරිය ප්‍රදේශ භාර ජලජීවී වගා ව්‍යාප්ති නිලධාරිවරයා විදියට
එතකොට කොහොමද ජොබ් එක නිසා ගායනය පැත්තට නැඹුරු වුණේ ?
අපේ නැග්ඩා ආයතනයේ තිබුණා ‘නැග්ඩා ස්ටාර්‘ කියල ගායන තරගයක්. එකේ ස්ටාර් වුණේ මමයි. ඒකත් එක්ක ගායනයට නැඹුරු වීම වැඩි වුණා. ඒ වගේස සිරස සුපර් ස්ටාර්, දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරගවලටත් සහභාගි වෙලා අවසන් තරගකරුවන් දහ දෙනා අතරට පවා ඇවිත් තියෙනවා.
මේ වෙනකොට ගීත කොපමණ කරල තියෙනව ද ?
මේ ගීතයට අමතරව හුස්මක් පුරා, සිතමගේ රැවටුණා කියන ගීත දෙකත් කරලා තියෙනවා.
කවුද අතහිත දුන්නේ ?
මගේ මවුපියන්, ඥාතීන්, මට ගීත ලියල දුන්න රචකයන්, මිත්රයින්, රැකියා කරන ස්ථානයේ සියලුම දෙනා වගේම නම් කිව්ව නොකිව්ව බොහෝ පිරිසක් ඉන්නවා.
අනාගතයේ මොකද කරන්නේ ?
තව තවත් හොද ගීත ටිකක් රසිකයන්ට දෙන්න කටයුතු කරමින් ඉන්නවා.