සතියේ මියු­සික් වීඩි­යෝව | සිළුමිණ

සතියේ මියු­සික් වීඩි­යෝව

නුඹ දැක්ක මුල්ම දවසේ මගේ හිත කිව්ව නුඹ මගේම වේවි කියළා. තවම සොඳුරුයි ඒ මිහිරියි මතකයන් ඔබ දුටු දිනේ. හරියට සංසාරගත පුරුද්දකට වගේ මට නුඹව නැතිව බැරි වුණා. ඒ නිසාම වෙන්න ඇති ඇස් පිය හෙළද්දි පවා නුඹව ම දැක්කේ. දවසක් ඒවිද සිහින සැබෑවෙන, සැබෑ වුණ ඒ සිහිනය විදින්න. මම ඉන්නවා මිය යන තුරාවටම නුඹේ ම වී සාදාකාලිකවම.

මිතුරියක් ලෙස ඇරඹි මිතුදම අද සොඳුරු වෙලා නුඹ මගේම පතිණිය වී මේ දිවිය පුරාවට. රහසින්වත් කිසිවෙකු දෙස නොබලා නුඹට ම ආදරය කරන බව දිව්රා කියන්නම් ලෝකයටම ඇසෙන්නට.

සොඳුරු මුවගින් යමක් කියූ බවට සිතට මගේ දැනුණා එදා සිහිනය. බොහෝ දෙනකු ආදරය කර කාලයක් යද්දි කුමන හෝ වරදක් හෝ අඩු පාඩුවක් පෙන්වා ඒ ආදරයෙන් මඟහැර යද්දී තමන්ගේ පළමු ආදරය විවාහය දක්වා ගිය පෙම්වතුන් දෙදෙනකුගේ ආදර කතාවක් රැගත් ‘දවසක් ඒවිද සිහින සැබෑවෙන‘ ගීතය මේ දිනවල යූ ටියුබ්වල ප්‍රචාරය වෙමින් තිබේ. අමෝද් රන්දිමාල් චන්ද්‍රදාස නම් වූ තරුණ ගායන ශිල්පීයා අතින්ම ලියැවුණු මෙම ගීතය ඔහුගේම හඬින් ගීතවත්ව තිබේ. මෙහි සංගීතය හරිත සංජය ගෙනි.

 

දවසක් ඒවිද සිහින සැබෑවෙන

මේ සොඳුරු ලෝකයේ අතරමං වී මම

සෙව්වා සුවඳ ඔබේ මල්පෙති අතරින් අද

මිහිරි කවියක් කිව්වා මතකයි අද......

තවම සොඳුරුයි තවම මිහිරියි මතකයන්

ඔබ දුටු දිනේ

සිනාසීලා දෙස බලාලා කුමක් දෝ මට ඉඟි කළේ

ගිටාරය ගෙන ඔබ ගැනම සිත සිතා

සිටිනා ඒ පැයේ

මටම නොදැනී ගිටාරයේ තත් ඔබ ගැනයි

වැයුවේ

දවසක් ඒවිද සිහින සැබෑවෙන....

මිතුරියක් ලෙස ඇරැඹි මිතුදම අද සොඳුරු වීලා

ඔබේ සිනහව මගේ ඉදිරියේ පෙනෙන්නට තිබුණා

සොඳුරු මුවගින් යමක් කියූ බව

සිතට මගේ දැනුණා

එදා සිහිනය අද මගේ සැබෑවක් වූවා....

දවසක් ඒවිද සිහින සැබෑවෙන

මේ සොඳුරු ලෝකයේ අතරමං වී මම

සෙව්වා සුවඳ ඔබේ මල්පෙති අතරින් අද

මිහිරි කවියක් කිව්වා මතකයි අද......

 

ගායනය හා පදරචනය- අමෝද් රන්දිමාල් චන්ද්‍රදාස

සංගීතය- හරිත සංජය

කැමරා අධ්‍යක්ෂණය-කසුන් වේරගල

 

Comments