හිරු දෙවියන් අලුත් ගමන අරඹන්නේ බක් මහේදී ය. ඒ අප්‍රේල් මාසයයි. භාග්‍යය උදාවන මාසය ‘බග්‘මස යන නමින් මුලදී හඳුන්වනු ලැබී ය. පසුව එය ‘බක්‘ මහ බවට පරිවර්තනය විණි. අලුත් අවුරුද්ද උදා වන විට අලුත් ළිප් බැඳ අලුත් ගින්දරකින් අලුත් සහලින් අලුත් වළඳක අලුත් බත් උයන්නට සැරසෙන මොහොතේ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ද අලුත් අවුරුද්දට අලුත් වැඩක් අලුත් විදියට ආරම්භ කර ඇත.
පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ 28 වැනි සංවත්සරයට සමගාමීව, ‘අලුත් අවුරුද්දට පොතක් තෑගි දෙමු‘යන්න තේමා පාඨය කර ගනිමින්,‘බක් මහේ පොත් මංග්‍යය 2018‘නමින් අප්‍රේල් මස 04 වැනි දින සිට 08 වැනි දින දක්වා උදේ 9 සිට රාත්‍රි 8 දක්වා කොළඹ 07,නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල පරිශ්‍රයේ දී පොත් ප්‍රදර්ශනය සහ විශේෂ වට්ටම් සහිතව පොත් අලෙවිය සිදු කරනු ලබයි.
සැබෑ අධ්‍යාපනය යනු, ප්‍රාසාද ගොඩනැගිලි, නගර, යාන වාහන බිහි කිරීම පමණක් නොව, විශේෂයෙන්ම සෑම පුරවැසියෙක්ම සමාජයේ, සෑම අංශයක්ම සංවර්ධනයට පත් කරනු ලබන අධ්‍යාපනයක් විය යුතු ය. ශත වර්ෂ ගණනක් ඉදිරියට විහිදී ගිය දැහැමි, සාරවත් අනුරපුර ශිෂ්ටාචාරය බිඳවැටී, අලුතින් බිහි වූ නවීන සමාජ රටාව මඟින් රැකියා කරනු ලබන රොබෝවරුන් පිරිසක් බිහි වීම කෙතරම් නම් ශෝක ජනකද? පුද්ගලයාගේ ලෞකික දියුණුව පමණක් නොව ශාරීරික, මානසික හා අධ්‍යාත්මික දියුණුවද අධ්‍යාපනය මඟින් ඉටු විය යුතු ය. මෙහි වගකීම ගුරුවරුන්ට පමණක් නොව, මාපියන්ට, වැඩිහිටි සමාජයට, රජයට, ජන මාධ්‍යයන්ට ද දැරීමට සිදුවනු ඇත. අධ්‍යාපනය සමාජ ප්‍රශ්න නිරාකරණය කිරීමට මෙන් ම, පුද්ගල අභ්‍යන්තර ඥානයේ පෙරළියක් ඇති කිරීමට ද සමත් විය යුතු ය. මේ සඳහා කළ යුතු වැදගත්ම දෙය වන්නේ, පොත පතට දරුවන් යොමු කරවීම ය. පරිපූර්ණ සමාජයක් බිහි කිරීමට නම්, කියවීම අත්‍යවශ්‍ය සාධකයක් වනු ඇත. අනෙකාට ඇහුන්කම් දීමට, ඉවසීමට, සංහිඳියාවට, අනෙකාගේ සිතුවිලි තේරුම් ගැනීමේ හැකියාවට, සාහිත්‍ය පරිශීලනයට, අභියෝග ජය ගැනීමට, කියවීම මනා පිටුවහලක් වනු ඇත.
අලුත් අවුරුද්දේ මෙවන් වූ අධ්‍යාපනයක් ලබා දීම සඳහා කියවීම තේමා කර ගනිමින්, ඉතා උසස් සංකල්පයක් හඳුන්වා දීමට මෙවර අලුත් අවුරුද්දේ අලුත් පොතක් තෑගි දෙමු මඟින් සිදුවනු ඇත.
හොඳ පුරුදු පුරුදු කිරීමට අමාරු අපහසු කාර්යක් වුව ද, ජාතික පුස්තකාලය අලුත් අවුරුද්දට පොතක් තෑගි දීම පුරුද්දක් බවට පත් කිරීමට පියවර තබා ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පොත් ප්‍රකාශකයන් මේ පොත් ප්‍රදර්ශනය සඳහා සහභාගී වන්නේ, මෙය ඉතාමත් ම වැදගත් බව සමාජයට ගෙනහැර පෑම අරමුණු කොට ගෙන ය. විධිමත් අධ්‍යාපනය, නොවිධිමත් අධ්‍යාපනය, යාවජීව අධ්‍යාපනය සහ ස්වයං අධ්‍යාපනය යනාදී විවිධ වූ අධ්‍යාපන ස්වරූප සඳහා කියවීම අත්‍යවශ්‍ය සාධකයක් වී ඇත. ඈත අතීතයේ අප ජීවත් වූයේ දැහැමි සමාජයක ය. එහෙත්, අදවන විට තොරතුරු තාක්ෂණයේ අද්විතීය විප්ලවයත් සමඟ අප තොරතුරු සමාජයට පැමිණ ඇත. තොරතුරු අතර අතරමංවී මංමුලා වී නිවැරදි තොරතුර කුමක්ද යන්න පිළිබඳව සොයාගත නොහැකි වන තරමටම අප තොරතුරු අතර අතරමංවී සිටී. භෞතික වශයෙන් කොතරම් සංවර්ධනයක් අප විසින් ළඟා කර ගත්ත ද අපගේ බුද්ධියේ සහ සාදාචාරයේ වර්ධනයක් සිදු නොවුනහොත් භෞතික සංවර්ධනයෙන් ඇති ඵලය කුමක්ද?
සෑම දෙයම මුදලට අලෙවි වන සමාජයක ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ඉතා අඩු මුදලකට මෙම ප්‍රදර්ශන භූමියේ ඇති වෙළඳ කුටි ලබා දී ඇත. එමෙන්ම දින පහ පුරාවටම පාසල් දරුවන්ට, එනම් ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණ දෙන දරුවන්ට, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරණ දරුවන් සඳහා විශේෂිත වූ දේශන මාලාවක් සූදානම් කොට ඇත. එහිදී විෂයානු බද්ධ කරුණු වලින් ඔබ්බට ගොස් රසවින්දනය, ධනාත්මක චින්තනය ආදී විවිධ මාතෘකා ඔස්සේ මෙම දේශන මාලාව සකස් කොට ඇත. එසේම අතුර රනසිරිලාල් මහතා විසින් ‘හඞ කැවීම් කලාව‘ පිලිබඳව විශේෂ වූ දේශනයක් විශ්ව විද්‍යාල දරුවන්ට මෙන්ම ජනමාධ්‍ය පාඨමාලා හදාරණ සිසුන් වෙනුවෙන් පැවැත්වීමට නියමිතය. එසේම මහජන පුස්තකාල ක්ෂේත්‍රයේ අනාගතය සහ ඒ වෙනුවෙන් අපට කුමන දෑ සිදු කළ හැකිද යන්න තේමා කොට ගනිමින් ද දේශනයක් පැවැත් වීමට නියමිතය. එම දේශනය සඳහා ඕනෑම අයෙකුට සහභාගී වීමට අවස්ථාව සලසා ඇත. දේශන සඳහා පැමිණෙන සෑම දරුවකුටම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පූර්ණ අනුග්‍රහය සහිතව පොතක් තෑගි කරනු ලබයි.
ප්‍රදර්ශනය පැවැත්වෙන දින පහ පුරාවටම ප්‍රදර්ශන භූමිය තුළ ‘මානව පුස්තකාල‘ (Human Library) සංකල්පය ක්‍රියාත්මක කිරීමට නියමිත ය. වෛද්‍යවරයෙක්, සාහිත්‍යට කලාවට සම්බන්ධ පුද්ගලයෙක්, නීති ක්ෂේත්‍රයට සම්බන්ධ අයෙක් ආදී විවිධ ක්ෂේත්‍රවල නියතු පුද්ගලයන් ප්‍රදර්ශන භූමිය තුළ රැඳෙමින්, ඔබට ඇතිවන ගැටලු සඳහා විසඳුම් ලබා දීමට නියමිත ය. එමෙන් ම, සෑම පැයකට වරක්ම අසනු ලබන ප්‍රශ්නයකට නිවැරැදි පිළිතුර ලබා දෙන්නාට ද පොතක් තෑගි වශයෙන් ලබා දෙයි.
දින පහ පුරාවටම සවස 4.00 සිට විශේෂිත වූ චිත්‍රපට ප්‍රදර්ශනයක් මණ්ඩලීය ශ්‍රවණාගාරය තුළ නොමිලේ ප්‍රදර්ශනය කෙරේ. එමෙන් ම, අවසන් දින, එනම් අප්‍රේල් මස 08 වැනි දින සවස 6.00 සිට විශාරද සුදත් සමරසිංහ විසින් නූර්ති නාඩගම් ගී ප්‍රසංගයක් පැවැත් වීමට නියමිත ය.
දැනුම නූතන ලෝකයේ දෑවැද්ද වී හමාර ය. එබැවින්, පරිපූර්ණ සමාජයක් බිහි කිරීමට කියවීම අත්‍යවශ්‍ය සාධකයක් වී ඇත. පොතකට මිනිසා මෙන් ම සමාජය ද වෙනස් කළ හැකි ය. එබැවින්, නව වසරට අලුත් ඇඳුම් අතරට හොඳ පොතක් තෑගි දීමෙන්, ඔබේ හොඳ අදහස්, හොඳ සිතුවිලි, හොඳ ක්‍රියා අලුත් වනු ඇත.
ශිෂ්ට සම්පන්න ජාතියක සැබෑ පාලකයා පොතපත වන බැවින්, අලුත් අවුරුද්දට පොතක් තෑගි දීමේ අලුත් පුරුද්දට , අලුත් අවුරුද්ද ලබන්නට පෙර ,ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට එන්න.