
යොවුන් සෞන්දර්ය පදනමේ කුස ආදර කතාව නාට්‍යය නවතම සම්භාවනීය දෘෂ්‍ය කාව්‍යයේ මංගල දර්ශනය අධ්‍යාපන ඇමැති අකිල විරාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් අද(01) සවස 6.30ට මරදාන ටවර් රඟහලේදි රඟ දැක්වේ.
කැනඩාවේ සිට පැමිණ සිටින යොවුන් සෞන්දර්ය පදනමේ සභාපතිනිය වන දේශකලා කීර්ති, කලාභූෂණ අයිරාංගනී කළුතන්ත්‍රි මහත්මිය කුස ආදර කතාවේ නිෂ්පාදක සහ අධ්‍යක්ෂවරියයි.විදුහල්පතිනියක, හා ප්‍රකට නාට්‍ය ශිල්පිනියක වන ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා උපාධිදාරිණියකි. කොළඹ විශ්වවිද්‍යාලයෙන් නාට්‍යකරණය පිළිබඳ පශ්චාත් උපාධිය ලබාඇත.
කුවන්කා, ලේ නෑයෝ, එළොවින් බෑනෙක්, ළමා දෝංකාරය, කුස නාටකය, සාප ලද්දෝ, දැයක කඳුළු හා දුටුගැමුණු ඇගේ ජනාදරයට පත් නාට්‍ය නිර්මාණ කිහිපයකි.
කුස ආදර කතාවේ රංගන දායකත්වය නාලන්ද කුලරත්න, මලින්ද බණ්ඩාර, මීනා ලක්ෂාණි, සචිනි නිවර්තනා, රේණුකා විජේසිංහ, ශානිකා සෙව්වන්ධි, ශානක පෙරේරා, චම්පික බණ්ඩාරනායක, සංජීව මධුසංක, ලක්මාල් වසන්ත, ඉන්දික චතුරංග, තරුෂී හංසනී, දිමුතු දනුෂිකා, යෙමාල් රංගික සහ ගයාන් චතුරංග දායකවෙති.ගී තනු දිවංගත පේමදාස අතුකෝරල. ඉදිරිපත් කිරීම යොවුන් සෞන්දර්ය පදනමයි.
බැංකුවීරයා කොළඹ නව රඟහලේදි
ප්‍රවීණ නාට්‍යවේදි කපිල කුමාර කාලිංගගේ නවතම නාට්‍යය නිර්මාණය බැංකුවීරයා නාට්‍යයේ මීළඟ දර්ශනය අද(01)දින කොළඹ නව නගර ශාලාවේදි සවස 3.30ට සහ 6.45ට වේදිකාගත වේ.
බැංකුවක් කොල්ලකෑමට පැමිණි තරුණයෙක් පිළිබඳව ගෙතුණු කතාවක් ඇසුරෙන් කපිල කුමාර කාලිංග ,බැංකු වීරයා , නිර්මාණය කරයි.
මෙහි රංගනයෙන් ධර්මප්‍රිය ඩයස්, කැළුම් ගම්ලත්, ජනක කුඹුකගේ, ප්‍රසාද් සූරියආරච්චි, අජිත් ලොකුගේ, වසන්ති විට්ටච්චි, ගංගා ජීවනී, සංජීව දිසානායක, අනුරාධ මල්ලවආරච්චි, ඇතුළු පිරිස රංගනයෙන් දායක වේ. සංගීතය නවරත්න ගමගේ, රංගාලෝකකරණය රංග සමරකෝන්, වේදිකා පරිපාලනය චන්දන නිශාන්ත පීරිස්, අංග රචනය වසන්ත විට්ටච්චි, රංග වස්ත්‍ර නිර්මාණය කමල් කාන්ති බෝගොඩ ගෙනි. බැංකු වීරයා නිෂ්පාදනය ප්‍රියංකර ද සිල්වා විසිනි.
අංජනගේ සොඳුරු රහසක් 31 දා මහනුවරදී එළි දකී
නව පරපුරේ ගායන ශිල්පි අංජන සෙනවිරත්නගේ කුළුදුල් සංගත තැටිය ,සොඳුරු රහසක් මෙම මස 31 වැනිදා උදැසන 10 ට මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදි එළිදැක්වේ. වෘත්තියෙන් සිංහල ගුරුවරයකු වන අංජන ගායකයකු ලෙසින්ද කලක පටන් කටයුතු කරන ලදී. ඔහුගේ සොඳුරු රහසක් ගීත එකතුවේ සංගීත අධ්‍යක්ෂණය ශාන්ත ජයලත් තිසේරාගෙනි.