සොයිලියස් මැන්දිස් චිත්‍ර තරගයට නිර්මාණ භාර ගැනේ | සිළුමිණ

සොයිලියස් මැන්දිස් චිත්‍ර තරගයට නිර්මාණ භාර ගැනේ

වාර්ෂිකව පැවැත්වෙන සොයිලියස් මැන්දිස් සමස්ථ ලංකා චිත්‍ර තරගයට නිර්මාණ භාර ගැනීම අරඹා ඇත.මෙම තරගයට පෙර පාසල් රජයේ හා ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්නා ඕනෑම සිසුවකුට සහභාගිවිය හැක. දහම් පාසල්, පෞද්ගලික පන්ති ආදියෙන් ඉදිරිපත්කරන චිත්‍ර භාරනොගන්නා අතර එම සිසුන් තම චිත්‍ර පාසලේ චිත්‍ර ගුරුවරයා ලවා සහතිකකර එවිය යුතුය. ප්‍රාථමික, පශ්චාත් ප්‍රාථමික, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, ජ්‍යෙෂ්ඨ ද්විතීක යන අංශ යටතේ චිත්‍ර තෝරාගන්නා අතර පෙර පාසල් සහ ප්‍රාථමික සිසුන්ට කැමති මාතෘකාවක් තෝරාගත හැක. 3ශ්‍රේණියේ සිට 13ශ්‍රේණිය දක්වා පහත සඳහන් තේමා යටතේ මාතෘකා තෝරාගත යුතුය.

පරිසරය පණමෙන් සුරකිමි.

මත්උවදුරින් තොර රටක්

සිංහළ, දෙමළ, මුස්ලිම් අපි ඔක්කොම නෑදෑයෝ

චිත්‍රය පිටුපස නම, පාසල, චිත්‍රයේ මාතෘකාව, පෞද්ගලික ලිපිනය, දුරකථන අංකය, භාරකරුගේ නම, තරග අංශය, පන්තිභාර හෝ චිත්‍ර ගුරුවරයාගේ නම සහ දුරකථන අංකය සඳහන් කර චිත්‍රය අදාළ සිසුවාගේ නිර්මාණයක් බව චිත්‍ර/ පන්තිභාර ගුරුවරයාගේ අත්සන සහිතව ජුනි 30ට පෙර ලේකම්, සොයිලියස් මැන්දිස් චිත්‍රකලා පදනම, ගිරාගම ගුරු විදුහල, පිළිමතලාව ලිපිනයට යොමුකරන්න.

සුනිල් ශාන්ත ගී ප්‍රසංගය

30දින ලුම්බිණි රඟහලේදි

සංගීත විශාරද සුනිල් ශාන්තයන් වෙනුවෙන් ඔහුගේ ශිෂ්‍යයකු වන වෛද්‍ය විශාරද මහින්ද තෙන්නකෝන් විසින් ඉදිරිපත්කරන සංගීතමය වැඩසටහන මෙම සිකුරාදා(30) සවස 5.30ට ලුම්බිණි මහාවිද්‍යාලයීය රඟහලේදි පැවැත්වේ. මෙම ප්‍රසංගය නොමිලේ පැවැත්වෙන අතර එදින සවස 5.00ට අසුන් ගන්නා ලෙස සංවිධායක මණ්ඩලය ඉල්ලයි.

ශ්‍රි ලංකා රාජ්‍ය

ඡායාරූප උළෙල 2018

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන ශ්‍රි ලංකා රාජ්‍ය ඡායාරූප උළෙල සඳහා නිර්මාණ භාරගැනේ.

තරග අංශ පහක් යටතේ පැවැත්වෙන මෙම උළෙල සඳහා ඕනෑම ශ්‍රි ලාංකික පුරවැසියකුට නිර්මාණ ඉදිරිපත්කළ හැකිය. අවශ්‍ය අයදුම්පත් හා තරග විස්තර ඕනෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකින්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකින් හෝ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත හැක. නැතහොත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ WWW.Culturaldept.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. අධ්‍යක්ෂ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 8වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල ලිපිනයට පැමිණ හෝ ලියාපදිංචි තැපෑලෙන් යොමුකළ හැකිය. නිර්මාණ භාරගැනීම මැයි 15දින අවසන් වේ.

කොළඹට ලේඛක සංවිධානයක්

කොළඹ දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින සියලුම ලේඛක, ලේඛිකාවන් එක්කර ගැනීමේ පරමාර්තයෙන් නව ලේඛක සංවිධානයක් කොළඹ දිස්ත්‍රික් ලේඛක සංවිධානය නමින් පසුගියදා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පිහිටුවාගන්නා ලදි.

කොළඹ දිස්ත්‍රික් ලේඛක සංවිධානය සඳහා පත්කරගනු ලැබු නිලධාරි මණ්ඩලය මෙසේය.

උපදේශකවරු- සුනිල් කන්නන්ගර(කොළඹ දිස්ත්‍රික් ලේකම්), අනූෂා ගෝකුල ප්‍රනාන්දු(සංස්කෘතික අධ්‍යක්ෂිකා),සභාපති-එඩ්වඩ් චන්ද්‍රසිරි, ලේකම්- අනුරසිරි හෙට්ටිගේ, භාණ්ඩාගාරික- ගුණරත්න ඒකනායක, උප සභාපති- නවනැලියේ විජේතුංග, සම ලේකම්වරු- චන්ද්‍රිකා අඹේපිටිය,මේමන් කවි, සංවිධායක- රංග විජේසිංහ, සම්බන්ධීකාරක- ඩී.ජී සමන්ත කුසුම්සිරි, ෂම්මි එදිරිසිංහ

මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කය තුළ පවත්නා ‍ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 13ආවරණය වන සේ රාජ ශ්‍රි පීරිස්, රංජනී ප්‍රේමචන්ද්‍ර, ඒ. කේ නන්දිකා රණවීර, කේ.එස් සිවකුමාරන්, ජස්ටින් වැලිකන්ද, ජී.ආර් දිසානායක, එම්.ඒ මනුරත්න, ලයනල් ප්‍රනාන්දු, කේ.එම්. ජී. එල් ඩයස්, ධර්මසේන බණ්ඩාර, ජයන්ත ධර්ම ශ්‍රි විතාන, අශෝක ප්‍රේමචන්ද්‍ර සහ සිරිමෙවන් සේනක යන අය කාරක සභිකයන් වශයෙන් තෝරාපත්කරගන්නා ලදි.විමසීම්-071-4129943, 071-5316568.

සරත් විමලසිරිගේ

ශ්‍රද්ධාංජලී 31දා

පුරා දහසය වසක් මුළුල්ලේ අඛණ්ඩව ගුවන් විදුලි මහගෙදරින් විචාරය වු ශ්‍රද්ධාංජලී ගී මියැසිය ලබන 31දින ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය වේ.

මෙදින සරත් විමලසිරි අතින් ලියැවුණු ගී කිහිපයක් ඇතුළත් ශ්‍රද්ධාංජලී ගී සරණියට ප්‍රවීණ ශිල්පීහු ගායනයෙන් එක්වී සිටිති. ශ්‍රද්ධාංජලී ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශයේ ඉදිරිපත් කිරීමකි.

Comments