
සිරස FM නාළිකා ප්‍රධානී සජිත් රත්නායක
ශ්‍රී ලාංකේය ගුවන් විදුලි කලාව නව මාවතකට ගෙන යමින් අදින් දශක දෙකකට පෙර ඇරැඹි ‘සිරස’ පෞද්ගලික FM ගුවන් විදුලිය මේ දක්වා පැමිණි ගමන් මඟ දෙස බැලීමේදී මෙරට පෞද්ගලික ගුවන් විදුලි නාළිකා අතර පෙරමුණේම සිටින බව නොරහසකි. එදා FM තරංග මාලා ඔස්සේ විකාශන කටයුතු අරඹමින් ‘සිරස FM සිදුකළ විප්ලවීය වෙනස අද වන විට බොහෝ පෞද්ගලික FM නාළිකාවලට පෙර මඟ හෙළිපෙහෙළි කරදී තිබේ. එදා සිට අද දක්වා සත්‍යවාදී මාධ්‍ය මෙහෙවරක් ඉටුකරමින් සිටින සිරස FM පසුගිය දා සිය අභිමානවත් 24 වැනි සංවත්සරය සමරනු ලැබුවා. වත්මන් සිරස FM ප්‍රධානී / සජිත් රත්නායක සමඟ කළ මේ කතාබහ වෙන්වනුයේ ඒ වෙනුවෙනි.
සිරස FM සංවත්සරය පිළිබඳව මුලින්ම කතා කරමු ?
වෙනදා වගේම සිරස අප අපේ ශ්‍රාවකයින්ට අලුත්ම දේ වගේම වෙනස්ම හොඳම දේ ලබා දුන්නා වගේම නැවුම් අත්දැකීමක් සමඟ ‘සිරස FM’ අපි අභිමානවත් 24 වෙනි සංවත්සරය පසුගිය දා සැමරුවා.
‘නව්‍ය රේඩියෝ කරණයේ රම්‍ය පෙර ගමන්කරුවා’ යන සංකල්පය මුල් කොටගෙන තමයි මෙවර අපි සංවත්සරය සැමරුවේ. විශේෂයෙන් මේ හා සමගාමීව පොහොය දිනට කතරගම කිරි වෙහෙර අබියස සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පවත්වා පසුගිය දා හීල් දානයෙන් සංවත්සරයේ ආගමික වතාවත් නිමාවට පත් කළා.
‘සිරස FM’ මෙවර ලබා දුන් ඒ වෙනස පිළිබඳව කෙටියෙන් කතා කරමු ?
ඇත්තටම ඔබ කීවා වගේ ආගමික පැත්තෙන් සුපුරුදු ලෙස වැඩ සටහන් මාලාවක් වගේම ‘ඔබ වෙනුවෙන් ඔෙබ් ජීවිත නංවන ජාතික මෙහෙවර’ යනුවෙන් විශේෂ ගුවන් විදුලි වැඩ සටහන් කිහිපයක් ආරම්භ කළා.
අද ගොඩක් මාධ්‍ය කරන්නේ රටවටා ගිහිල්ලා වැඩියෙන්ම අසන රේඩියෝ නාළිකාව හරි රූපවාහිනි නාළිකාව කුමක්ද කියලා අහලා තෑගි බෝග දීලා රේටින් මුදලට ගන්න එක. එහෙත් අපේ අරමුණු එය නෙමෙයි. එතැනින් ඔබ්බට ගිහිල්ලා වෙනදා වගේම අලුත් විදිහට යමක් කිරීමයි.
ඒ තමයි ‘ help line’ 011-2838392 කියන අපේ දුරකථන අංකයට කතා කරලා අපේ රටේ සිටින ඕනෑම කෙනෙකුට තමන්ට තිබෙන ඕනෑම ප්‍රශ්නයක් අපට කියන්න අවස්ථාව ලබා දීම. ඒ අනුව ඔබේ සැබෑ තොරතුරු සොයා බලලා එහි නිවැරැදිතාවය මත ඔබේ ගැටලුවට විසඳුම් ලබා දෙන්නට අපි සුදානම්
විශේෂයෙන්ම ඉන්නට හිසට වහලක් නැති, අධ්‍යාපනය ලැබීමට ආර්ථික අපහසුතා ඇති ලෙඩට දුකට බේතක් ගන්නට නොහැකිව සිටින අපේම මිනිසුන්ට අපේ මේ සමාජ සත්කාරය නොකඩවා ඔවුන් වෙනුවෙන්ම ක්‍රියාත්මක වෙනවා.
ඒ විතරක්ම නොමෙයි අපේ 24 වැනි සංවත්සරය වෙනුවෙන් ලංකාව පුරා ආවරණය වන පරිදි විශේෂ වු ගුවන් ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කළා එමඟින් මතුගම, මාවතගම, ඇඹිලිපිටිය, දිගන යන ප්‍රදේශවල ජීවත්වන අපේම මිනිසුන්ට ජීවිතය දෙන්න, ඔවුගේ සුව දුක් විමසන්නට, ඒ ප්‍රශ්නවලට විසඳුමක් ලබා දෙන්නට ඔවුන්ට සැබෑ වූ ළෙන්ගතු නෑදෑයෙකු ලෙසින් සිරස ළඟම නෑයා සංකල්පය ඔස්සේ විශේෂ වැඩ සටහන් ක්‍රියාත්මක කළා. දෙඹරවැව, දයානන්ද පොදු ක්‍රීඩා පිටියේදී ‘සිරස’ විශේෂ ජංගම සේවා මැදිරියක් ක්‍රියාත්මක වුණා. මෙහිදී ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ඉන්දික තොටවත්ත, සම්පත් සුදර්ශන නොමිලේ පැවැත්වූ ජ්‍යෝතිෂ වැඩසටහන සඳහා ඉතා විශාල ශ්‍රාවක පිරිසක් සහභාගී වී සිටියා. ළමයින් වෙනුවෙන් ‘සමනල සිරස’ හඬ පරික්ෂණයට සමගාමීව ද පැවැත්වු විශේෂ වැඩ සටහනට කුඩා දරුවන් රැසක් සහභාගී වුණා.
‘සිරස’ FM ශ්‍රී ලාංකීය එළිමහන් ප්‍රසංග කලාවට වෙනස්ම අත්දැකීමක් ලබා දුන්නා කියලා දැනගන්නට ලැබුණා ?
අපේ ප්‍රසංග කලාව ජාත්‍යන්තරයට ගෙන යාහැකි නවමු ආරයේ වෙනසක් සමඟින් ජනප්‍රිය සංගීත කණ්ඩායම් දෙකක් වන ‘සන්ෆලවර්ස් හා ඕල්රයිට්’ සමඟ ‘සිරස 360 live show ප්‍රථම වතාවට පැවැත්වුණා.
තරගකාරි FM නාළිකා රැසක් එක්ක ශ්‍රාවකයන් ඇද බැඳ තබා ගැනීම යන අභියෝගයට මුහුණ දෙන්නෙ කොහොමද ?
මුහුණ දෙන්නට තරම් අනෙත් ගුවන් විදුලි නාළිකා අතර අපට කියා කිසිඳු තරගයක් නෑ. මොකද හැමදාමත් කියනවා වගේ “සිරසයි පාර කියන්නෙ”FM ගුවන් විදුලි නැමැති පෙරහරේ මුලින්ම යන්නේ අපි. සල්ලි දීලා ‘රේටින්’ ගන්න රේඩියෝ කලාවක් අපි ළඟ නැහැ. ජනතාවගේ හදවතට කතා කරලා පවුලේ කෙනෙකු විදිහට ඔවුන්ට ජීවිතය දෙන්න තමයි සිරස FM අපේ අරමුණ.
ඉදිරියේදි ‘සිරස FM වෙනසක් කරන්නට බලාපොරොත්තු වෙනවද ?
ඇත්තටම මුලදී කීවා වගේ දැනටමත් අපේ රටේ ප්‍රාසාංගික කලාව ජාත්‍යන්තරයට ගෙනයන්නට පුළුවන් විදිහේ දැවැත්ත වෙනස මුලින්ම කළේ අපි. එය විශේෂයි ඉතින් අපි අපේ ආදරණීය ශ්‍රාවකයින්ට මෙතෙක් අසන්නට නොලැබුණු අලුත්ම විදිහේ වැඩ සටහන් කිහිපයක්ම නුදුරේ තිළිණ කරන්නට සුදානමින් ඉන්නේ
ඒ විතරක් නෙමෙයි අපේ මිනිසුන්ගේ ජීවිත නංවන සිරස FM ජාතික මෙහෙවර නොකඩවා ක්‍රියාත්මක කිරීමටද අපි බලා පොරොත්තු වෙනවා.
සැබැවින්ම මෙරට ‘FM නාළිකා තුළ’ විප්ලවීය වෙනසක් කළ සිරස අතීතය ගැන කතා නොකරාම බැහැ ?
1994 මාර්තු 2 වැනිදා තමයි සිරිස FM ආරම්භ කළේ සීමාසහිත කැපිටල් මහරාජා සභාපතිතුමන්ගේ සංකල්පයකට අනුව නිමල් ලක්ෂපති ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් කිංස්ලි රත්නායක, චාමික රොෂාන් ලියනගේ, නිහාල් එදිරිසුරිය, නිශාන්ති දිල්රුක්ෂි, ශාරද නානායක්කාර, ශාලිකා යන නිවේදක නිවේදිකා කණ්ඩායමකින් ඇරැඹු සිරස FM එදා සිට අද දක්වා පැමිණ සද්ධන්ත කුලේ සිරස / රේඩියෝ නම් සිරස / සිරස ළඟම නෑයා / සිරස හදන තැන යන සංකල්ප ගණනාවකින් ආදරණීය ශ්‍රාවකයින්ගේ හදවතේ අදටත් රැදී ඉන්නවා.
සිරස වත්මන් ප්‍රධානිය වන ඔබේ ගුවන් විදුලි වෘත්තියේ ආරම්භය සිදු වුණේ කොහොමද ?
එය බොහොම සුන්දර කතාවක් 1997 මම A/L කරන අවධියේදී ආනන්ද විද්‍යාලයේ ප්‍රවෘත්ති විකාශන ඒකකයේ සාමාජිකයෙක් වෙලා හිටියා. මගේ හොඳම මිතුරා සහන් රංවල . ඔහුගේ මාර්ගයෙන් හිරු FM සම්බන්ධ වෙන්නට ලැබුණා. මගේ මතකයේ හැටියට තමාලි පීරිස් මහත්මිය තමයි එදා මාව ඉන්ටවීව් කළේ.
පසුව එහි සහාය නිවේදකයෝ විදිහට ගුවන්විදුලියට ප්‍රවිෂ්ට වෙනවා. මේ අතර පසු කාලිනව හිරු සහන වැඩසටහන් කළමනාකාරවරයෙක් බවට පත්වෙනවා මේ අතර තමයි සිරසට සම්බන්ධ වෙන්නේ 2008 – 2014 එහි සති අන්ත වැඩසටහන් කළමනාකරු ලෙස වැඩ කළා.
2016 – y fmවැඩසටහන් කළමනාකරු විදිහට හිටපු මම නාළිකා ප්‍රධානී විදිහට උසස් කරනවා.
‘Y FM’ කණ්ඩායමේ සගයන්ද ඔබට ශක්තියක් ?
අනිවාර්යෙන්ම මම වටා හොඳ ජව සම්පන්න, බුද්ධිමත්, එකා වගේ වැඩ කරන තරුණ පිරිසක් ඉන්නවා
ඔවුන්ගේ ශක්තිය තමය සිරස FM සාර්ථකත්වයේ රහස.
විශේෂයෙන් සිරස හිටපු සභාපති එස්. එම් . මරික්කාර්, වත්මන් සභාපති, ලක්ෂ්මි ජයසිංහ (ප්‍රධානවිධායක නිලධාරී) උපදේශක සුසාර දිනාල් විශේෂයෙන් මතක් කරන්න ඕනෑ.
ඒ වගේම මගේ කලණ මිතුරු සහන් රංවල එදා වගේම අදටත් මගේ දුකේදීත් සැපේදීත් මා ළගින්ම ඉන්නවා ඔහුද මේ මොහොතේ ඉතා කෘතවේදීව සිහිපත් කරනවා.