සතියේ මියු­සික් වීඩි­යෝව නෙතඟින් ගලන්නේ.... | සිළුමිණ

සතියේ මියු­සික් වීඩි­යෝව නෙතඟින් ගලන්නේ....

මට මගේ ජීවිතය වරදිනකම් නුඹව තේරුම් ගන්න බැරි වුණා. නුඹට දුන්න දුක මේ ආත්මෙදි කවදාවත් ගෙවන්න බැරි වේවි. මේ ගිනි ගොඩේ දැවෙන්නේ නුඹ නෙවෙයි මගේ ජීවිතේ රත්තරන් අම්මේ. අත් දෙකේ කරගැට එනකම් ඒ හම්බ කර හැම සතයක්ම මාව මහ මිනිහෙක් කරන්න වියදම් කළේ නුඹ කුසගින්නේ ඉඳගෙන.

මම නොදන්නව නෙවෙයි නොදන්නව වගේ ඉඳලා මගේ ලෝකේ රජ වෙන්න හැදුවේ. හැම දුකක්ම විඳගෙන මාව ගොඩ ගන්න හැදුවත් දවසින් දවස විනාස වෙද්දිත් නුඹ මාව අතහැර ගියේ නැහැ අම්මේ. ඒත් අද නුඹ නැති මේ ලෝකේ ඉන්නේ කොහොමැයි මා නුඹ යන්නෙපා අම්මේ මා හැරදමා.

මට දැන් නැහැ කිසිවෙකු නුඹ වගේ මා ගැන සොයනා. දුක්විඳිමින් සිය පුතා ජීවත් කරන්න අම්මා කෙනෙකු වෙර දරද්දි ඒ කිසිවක් ගණන් නොගෙන මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිය ජිවිතය විනාශ කරගන්නා පුතෙකුගේ කතාව රැගත් ‘නෙතඟින් ගලන්නේ ලේ කඳුළු වැල්‘ ගීතය යූ ටියුබ් නරඹන ප්‍රේක්ෂකයන්ගේ නෙත්වලට කඳුළු එක් කිරීමට සමත් ගීතයක් බවට පත්ව තිබේ.

මනීෂා ඒකනායකගේ අතින් පදරචනය වුණු දමිත් අසංකගේ හඩින් ගීතවත් වුණ මෙම ගීතයට කැමරා අධ්‍යක්ෂණය එක්කර තිබෙන්නේ යුගයේ දක්ෂතම තරුණ කැමරා අධ්‍යක්ෂකවරයෙකු වන සමන් රත්නායකය. හෝකන්දර ප්‍රදේශයේ උප්පත්තිය ලබා කොළඹ මහානාම විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති සමන් කුඩා කාලයේ සිට කලා ක්ෂේත්‍රයට දැඩි ඇල්මක් දක්වා තිබේ.

ඡායාරූප ශිල්පියකු ලෙසත්, වීඩියෝ ශිල්පියකු ලෙසත් සිය ගමන් මග සකස් කර ගත් ඔහු මේ වන විට මානව සම්පත් කළමනාකරණ උපාධිය හදාරමින් සිටී. තමන් මෙතෙක් ආ ගමනට අතහිත දුන් සියලු දෙනාටම සිය ස්තූතිය පුදකරමින් අනාගතයේ මෙරට කලා ක්ෂේත්‍රයට ගුණාත්මක කමින් පිරි නිර්මාණ රැසක් ලබාදීමට ඔහු සූදානමින් සිටී. 

 

Comments