Sirasa Junior Super Star අව­සන් මහා තර­ග­යෙන්... | Page 3 | සිළුමිණ

Sirasa Junior Super Star අව­සන් මහා තර­ග­යෙන්...

කවදත් අලුත් දෙයක් කළ සිරස ටෙලිවිෂනය අපේ රටේ සැඟවුණු ගායන කුසලතා ඇති ගායක ගායිකාවන් බිහිකිරීමට තැනූ තෝතැන්න වුණේ Super Star රියැලිටි වේදිකාවයි. එදා මෙදා තුර ගෙවුණු වසර කිහිපය පුරා එම වේදිකාවෙන් බිහිවුණු ගායන තරු අතරට පසුගියදා තවත් සුවිශේෂී තරු හතරක් එක්වුණා. ඒ පසුගිය 10 වැනිදා රාත්‍රියේ රත්මලාන ස්ටයින් මැදිරියේ පැවැත්වුණු

Sirasa Junior Super Star අවසන් මහා තරගයේදී. දහස් ගණනක්වූ තරග කරුවන් අතරින් අවසන් වටයට තේරුණු සුමීරක අදීප, පින්සර මධුභාෂණ, රෝවන් අර්ල් සහ ඉෂිනි තමෝද්‍යා මෙලෙස අවසන් තරගයට මුහුණ දුන්නා. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය සනත් නන්දසිරි සහ ප්‍රවීණ ගායිකාවන් වන සුජාතා අත්තනායක සහ මල්කාන්ති නන්දසිරි යන ශ්‍රී ලාංකේය ගායන ලොවේ විශිෂ්ටයින් ඇතුළු කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම අවසන් තරගයේදී රෝවන් අර්ල් සිරස ජූනියර් සුපිරි තරුව ලෙස කිරුළ දිනාගන්නට වාසනාවන්ත වුණා.

දහසක් තරග කරුවන් අතරින් මෙලෙස අවසන් වටයතෙක් මොවුන් ගෙන එන්නට විනිශ්චය ලබා දුන්නේ සුපිරිතරු වේදිකාවෙන් බිහිවුණු ගායක වෛද්‍ය ප්‍රදීප් රංගන, විශාරද හේෂාන් ගමගේ සහ විශාරද අභිෂේකා විමලවීර යන තිදෙනායි.

මෙහිදී දෑස් නොපෙනෙන නමුත් ගායන හැකියාවෙන් අවසන් වටය දක්වා පැමිණි සුමීරක අදීප Most Popular Singer ලෙස සම්මානයට පාත්‍ර විය. එසේම සුමීරකගේ දෙනෙත් වලට පෙනීම ලබාදෙන්නට සිරස ආයතනය කටයුතු කරන අතර මෙයින් පසු සුමීරක අදීප යන ඔහුගේ නම සුමීරක දීප ලෙස වෙනස් වීමත් විශේෂත්වයක්.

Sirasa Junior Super Star අවසන් මහා තරගයේ සුවිශේෂී අවස්ථා කිහිපයක් රසඳුන කැමරා කාචයේ සටහන් වුණු අන්දමයි මේ.

 

Comments