
ඔස්කා ගෞරව ලැබූ ෆ්‍රැන්සස් සහ ගැරී
ෆ්‍රැන්සස් මැක්ඩෝමන්ඩ් ප්‍රවීණ නිළියක්. දැනට 60 වැනි වියෙහි පසුවන ඇය මෙවර ඔස්කා සම්මාන උලෙළෙහිදී හොඳම නිළිය ලෙස කිරුළු පැළදුවා. ඒ, පසුගිය වසරේ තිරගත වුණු ‘ත්‍රී බිල්බෝඩ්ස් අවුට්සයිඩ් එබිං, මිසෝරි’ නම් වූ චිත්‍රපටයේ මවකගේ චරිතය රඟපෑම වෙනුවෙන්.
මැක්ඩෝමන්ඩ් මීට පෙර, 1996 දී. පළමු වරට හොඳම නිළිය ලෙස ඔස්කා සම්මානය දිනාගත්තා. ඒ, ‘ෆාගෝ’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්. ඇගේ නම පස් වතාවක් ඔස්කා සම්මානයන් සඳහා නිර්දේශ වී තිබුණා. ඇය සිනමා ලොවට පිවිසියේ 1984 දී ‘බ්ලඩ් සිම්පල්’ චිත්‍රපටයේ රංගනයෙන්. 1985 දී ‘හන්ටර්’ ටෙලිනාට්‍ය මාලාවේ එක් කථාංගයක රඟපෑමෙන් පුංචි තිරයටත් එක් වුණා. මෙවර පැවැත්වුණු 90 වැනි ඔස්කා සම්මාන උලෙළේදී හොඳම නළුවා ලෙස අබිසෙස් ලැබුවේ ගැරී ඕල්ඩ්මන්. ඒ, ‘ඩාකස්ට් අවර්’ චිත්‍රපටයේ රඟපෑම් වෙනුවෙන්.
1979 දී ‘ඩික් විටින්ටන් ඇන්ඩ් හිස් කැට්’ නම්වූ වේදිකා නාට්‍යයෙන් ඔහුගේ රංගන ජීවිතය ඇරැඹුණා. ඔහු සිනමා නළුවෙකු ලෙස, ගමන් අරඹන්නේ 1982 දී තිරගත වුණු ‘රිමේම්බ්‍රන්ස්’ චිත්‍රපටයේ රංගනයෙන්. ඔහු ‘හැරී පොටර්’ චිත්‍රපට 4 කට ද රංගනයෙන් එක්වී තිබෙනවා. ඕල්ඩ්මන් රඟපෑ අලුත්ම චිත්‍රපටය වන ‘හන්ටර් කිලර්’ ළඟදීම තිරගත වීමට නියමිතයි.
බීබර් ගේ ‘ලයික්’ එක ප්‍රශ්නයක්ද?
ඉනාන්නා සාර්කිස් රුවැති නිළියක්. විකට රංගනයෙහි කැපී පෙනෙන දස්කම් පාන ඇය වඩාත්ම ජනප්‍රියව සිටින්නේ යූ ටියුබ් තරුවක් හැටියටයි. මේ සුරූපිනිය මීට දෙසතියකට පමණ පෙර ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි තමන්ගේ ලස්සන ඡායාරූපයක් පළ කළා. මෙවැනි ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම් හෝ ෆේස් බුක් පිටුවෙහි තිබෙනු දකින බොහෝ දෙනා එයට තම කැමැත්ත පළ කරන්නේ like එකක් යෙදීමෙන්. එහි ඇති විශේෂත්වයක් නැහැ. නමුත් ලොව ප්‍රචලිත ගායකයකු එවැන්නක් කළොත් එය කාගේත් අවධානයට ලක්වෙනවා. සාර්කින් ගේ පින්තූරයටත් එවැනි විශේෂ කෙනෙකු like එකක් දමා තිබෙනවා.
ඔහු තමයි, සුපිරි ගායක ජස්ටින් බීබර්. සාර්කිස් ගේ පැරැණි පින්තූරයකට ඔහු like එකක් දමා ඇත්තේ ඇයි දැයි දැන් බොහෝ දෙනකුට ප්‍රශ්නයක් වෙලා. සමහරු විමසන්නේ බීබර් ගේ පෙම්වතිය වන සෙලිනා ගෝමස් මෙයට ප්‍රතිචාර දක්වන්නේ කෙලෙසද කියලයි. නමුත් සෙලීනාට නම් මෙය ප්‍රශ්නයක් වී නැහැ. සාර්කිස් නම්වූ මේ සුරූපිනිය බීබර් ගේ සමීපතම මිතුරකු වන ජොනි ෂහිඩ්ගේ මිතුරියක්. ඒ විතරක් නොවෙයි. බීබර්, ෂහිඩ් සහ සාර්කිස් එකතු වී චිත්‍රාගාරයක් ද පවත්වාගෙන යනවා. මේ සඳහා මුල් වරට මුදල් ආයෝජනය කර ඇත්තේ බීබර්. ඒ, 2013 දීයි.
කෙන්ඩල්ට නිරූපණයෙන් පසු කාංසාව
හොලිවුඩයේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක සහ රූපවාහිනී ශිල්පිනියක වන කෙන්ඩල් ජෙනර් හදිසියේ ම රෝහල්ගත කෙරුණා. බෙවර්ලි හිල්ස් ප්‍රදේශයේ රෝහලකට ඇතුළත් කෙරුණු ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරුන් පැය කිහිපයක් යනතුරු ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබාදුන් පසුව ඇයට රෝහලෙන් නික්ම යන්නට අවසර ලැබුණා. මේ සුරූපී නිරූපිකාව පසුගිය කාලයේ කාංසාව (Auxiety) නම්වූ රෝගී තත්ත්වයෙන් පසුවූ බවයි ඇගේ පවුලේ අය පවසන්නේ. ඒ වෙනුවෙන් ලබාගත් ඖෂධ නිසා ඇගේ සෞඛ්‍ය තත්ත්වයේ කිසියම් වෙනසක් සිදුවී තිබුණා.
ජෙනර්ට මේ අයුරින් රෝහල් ගත වන්නට සිදුවූ විට ඇය වඩාත්ම දුකට පත් වුණේ තම රෝගී තත්ත්වය ගැන තැවෙමින් නොවෙයි. සුප්‍රකට ඔස්කා සම්මාන උලෙළට කලින් පැවැත්වෙන වැනිටි ෙෆයාර් ඔස්කා සාදයට සහභාගිවීමට නොහැකිවේ ය යන සැකය ඇතිවූ නිසයි. කොහොම වෙතත්, පැය කිහිපයකින් පසුව නැවත නිවසට පැමිණි ජෙනර්, වහාම සූදානම් වුණේ ඔස්කා සාදයට එක්වන්නටයි.
එමාගේ විරෝධය පච්චයකින්
කාන්තා අතවරට එරෙහිව හඬ නංවන්නට පිහිටුවා ගත් සංවිධානයක කටයුතුවලට එමා වොට්සන් සහය දක්වන්නේ කාටත් වඩා වෙනස් ක්‍රමයකටයි. එමාගේ විරෝධය ප්‍රකාශ වන්නේ ඇගේ බාහුවකින්. ඒ මත සිතුවම්කර තිබෙන ‘Times up’ යන සටහනින් තමයි, ඇය විරෝධය පාන්නේ. හොලිවුඩ් චිත්‍රාගාර හිමි ධන කුවේරයකු වන හාවේ වින්ස්ටීන්ට එරෙහිව නැගෙන අපචාර චෝදනාවල මූලිකත්වය ගෙන ඇත්තේ ‘Time up’ නම් වූ ව්‍යාපාරයයි. එමා වොට්සන් කොන්දේසි විරහිතව මෙම ව්‍යාපාරයට සහයෝගය දක්වනවා. ඇගේ සිරුරෙහි සිතුවම් කර තිබෙන මෙම පච්චය තාවකාලික ද, ස්ථිර ද යන්න තවම ඇය ප්‍රකාශ කර නැහැ. කොහොම වෙතත් වින්ස්ටීන්ට එරෙහිව නැගෙන විරෝධතාවලදී නොබියව තම අදහස් ප්‍රකාශ කරන යොවුන් නිළියක හැටියට එමා ගේ නම කැපී පෙනෙනවා. “මේ ව්‍යාපාරය දිගින් දිගටම ගෙන යා යුතුයි. ඒක ලෝකය පුරා ම දියත් කළ යුතු ව්‍යාපාරයක්” එමා මෑතකදී තම ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි එලෙස සටහන් කළා.