
හැමෝම දැන ගනියි
“ඔයා ඒ කාලෙ ජනප්‍රිය නිළියක් විතරක් නෙමෙයිනෙ. ඔයාට හොඳට සින්දු කියන්නත් පුළුවන්නෙ. ඉතින් ඇයි අනේ අර රූපවාහිනී චැනල් එකක පරණ තරු සින්දු කියන ස්ටාර් තරගෙට ඔයා තවම ඉදිරිපත් වුණේ නැත්තෙ?” පැරැණි නිළියක වූ කාමිනී උත්සව අවස්ථාවක හමුවූ විටෙකදී චාන්දනී ඇසුවා ය.
“මමත් ඔය ස්ටාර් තරගෙ ගැන ටීවී එකේ නිතර දැන්වීම් යනවා දැක්කා. ඒත් චාන්දනී ඒකට ඉදිරිපත් වෙන්න පුළුවන් අවුරුදු 60 ට වැඩි නළු නිළියන්ට විතරයි කියල කොන්දේසියක් තියෙනවනෙ. ඕකට ඉදිරිපත් වුණාම මුළු රටම දැනගන්නවනෙ අනේ මට දැන් 60 පැනලයි කියල” කාමිනී කීවේ චාන්දනීට සෙමින් පහරක් ගසමිනි.
අපි විතරක් යැ
“මොකද බොලව් තොපිට වෙලා තියෙන්නෙ, පොඩ්ඩ එහා මෙහා වුණු ගමන් අතපය උලුක් කරගෙන ගහගන්නෙ?” තම කුඩා පුතුන් දෙදෙනා දඩිබිඩි ගා ගුටි ඇන ගනිමින් දඟලනවා දුටු රූපවතී ඔවුන් වෙත ගියේ කෝපයෙන් දත්මිටි කමිනි.
“අපි දෙන්නා මේ ගහ ගන්නෙ සෙල්ලමටනෙ. අනික පාර්ලිමේන්තුවේ මන්ත්‍රී අංකල්ලත් ඔය ෙකාච්චරවත් ගුටි ඇන ගන්නෙ. ඒ විතරක් යැ. ඊයේ පෙරේදා දොස්තරලත් වෛද්‍ය සභා ඡන්දෙදි ගහ ගත්තෙ” සේනක කීවේ තම බාල සහෝදයාත් කනෙන් අදිමිනි.
කියවන්ඩ වෙයි
“උඹ මේ ළඟදී දවසක් කලා පත්තරේට කියල තිබුණෙ ‘කැලෑහඳ’ ටෙලිනාට්‍යයට තෝරාගත්ත නිළියක් කරපු ඉල්ලීමක් හින්දා ඩබ්ලිව්.ඒ. සිල්වා මහත්තයගෙ ‘කැලෑහඳ’ නවකතාව වහාම කියවල ඒකෙ ඒ නිළියට නියමිත චරිතය ගැන විස්තර පැහැදිලි කරලා දෙන්ඩ වුණාය කියල. එෙහම නං පුතෝ උඹට හෙට අනිද්දම ඩබ්ලිව්.ඒ. සිල්වගෙ ‘විජයබා කොල්ලය’ත් කියවන්ඩ වෙයි.” තමා හමුවට එන දයාපාල දුටු හෙක්ටර් කිවේ අමුතු සිනාවක් පාමිනි.
“ඇයි, ඒ මොකද?” දයාපාල ඇසුවේ එහි අරුත වටහා ගත නොහැකිව ය.
“ඇයි උඹ දැක්කෙ නැද්ද විජයබා කොල්ලය නවකතාවත් චිත්‍රපටයකට නඟන්ඩ යනවයි කියල පත්තරවල දාලා තිබුණා? කැලෑහඳ කියවලා නැතුව උඹෙන් උපදෙස් ගත්ත නිළිය විජයබා කොල්ලයෙත් රඟපානවා වෙන්ඩ බැරි නෑ නේද?” හෙක්ටර් කීවේ සෝපහාසි සිනාවක් නඟමිනි.
එයා කවුද?
“තමුසේ අදත් වැඩට ඇවිල්ලා තියෙන්නේ පරක්කු වෙලා. මම මීට කලිනුත් තමුසෙට අනතුරු ඇඟෙව්වා පරක්කු වෙලා කන්තෝරුවට එන්ඩ එපා කියල. මොකද තමුසේ අදත් පරක්කු වුණේ?” සහකාර කොමසාරිස් කරුණාරත්න මහතා තම නියෝගය මත තමා හමුවට පැමිණි කාර්යාල කාර්ය සහායක අජිත් දෙස තියුණු බැල්මක් හෙළමින් විමසුවේ උස් හඬිනි.
“අපේ මස්සිනා අද උදේ ගුටි බැට හුවමාරුවකින් තුවාල වුණා සර්. එයාව ඉස්පිරිතාලෙට අරගෙන යන්ඩ වුණේ මට. ඒකයි සර් පරක්කු වුණේ.” අජිත් බැගෑපත් ස්වරයකින් කීවේ හිස කසමිනි.
“කවුද තමුසෙගෙ මස්සිනා” එයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක්ද?” කරුණාරත්න මහතා විමසුවේ සෝපහාසි ස්වරයකිනි.
ඒ කිව්වට ආවනෙ
“අලුත් අවුරුද්දේ ජනවාරි 1 දා ඉඳලා කොළඹ ප්‍රසිද්ධ ස්ථානවල හිඟමන් යැදීම සම්පූර්ණයෙන් ම තහනම් කරනවයි කියල කොළඹ නගර සංවර්ධනය භාර ඇමැතිතුමා මාධ්‍ය සාකච්ඡාවකදී කියනවා මං අහගෙන” කරුණාසේන තම බිරිය දෙස බලා කීවේ දිවා ආහාර ගනිමින් සිටියදී ය.
“ඒ කිව්වට ජනවාරි 1 දා ඉඳලා ඡන්ද අපේක්ෂකයෝ ගෙවල් ගානේ පෝලිමේ එනවනෙ. ඔය තහනම ගැන ඒ ගොල්ලන්ට වගේ වගක් නැහැනෙ” අමිතා කීවේ සාවඥ සිනාවක් නඟමිනි.