සජී­වී­ක­රණ සිනමා ලොවේ අපූර්ව­තම නිර්මා­ණය ෂර්ලොක් නෝම්ස් | Page 4 | සිළුමිණ

සජී­වී­ක­රණ සිනමා ලොවේ අපූර්ව­තම නිර්මා­ණය ෂර්ලොක් නෝම්ස්

සජීවිකරණ සිනමා පට ප්‍රේක්ෂක මතකයන්හි අජීවීකරණය නොවන ලෙස තැන්පත් වීමට පටන් ගෙන ඇත. විලියම් ෂේක්ස්පියර්ගේ රෝමියෝ ඇන්ඩ් ජුලියට් කතාවේ යම් තරමකට පාදක කරගෙන නිපද වූ ‘නෝමියෝ ඇන්ඩ් ජුලියට්’ ත්‍රිමාණ පරිගණක සජීවිකරණ සිනමා පටය තවමත් ප්‍රේක්ෂක මතකයෙන් ගිලිහී ගොස් නැත. එය ප්‍රේමය, ප්‍රහසනය, කැටි වූ මායාකාරී මනඃකල්පිත රසය කුළු ගන්වන්නක් වූ අතර ඉහළම ආදායම් වාර්තා ලබමින් තිරගත විය.

ශේක්ස්පියර් නම් විශ්ව සම්භාව්‍ය කලා කරුවාගේ කෘති දරුවන් අතරට ගෙනයාම ‘රෝමි‍යෝ ඇන්ඩ් ජුලියට්’ මඟින් සිදු කරන ලදී. ‘ෂර්ලොක් නෝම්ස්’ මඟින් ඉංග්‍රීසි සාහිත්‍යයේ විශිෂ්ට කෘතිවල පරසිදු චරිත හඳුන්වා දෙන අතර එය දරුවන්ට මවුපියන් සමඟ සතුටු විය හැකි අන්දමේ නිර්මාණයකි. මෙයට විලියම් ෂේක්ස්පියර්ගේ රොමියෝ ජුලියට් කත‍ාවේ මෙන්ම ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කතාවේ ආභාසය ද ලැබී තිබේ.

විලියම් ෂේක්ස්පියර් උපන් ස්ට්‍රැට්ෆර්ඩ් - අපෝන් - ඇවෝන් හි කැපියුලෙට් මෙණෙවියත් මොන්ටේගු ෆෝඩ් මහතාත් තම වඩාත් හොඳ ගෙවත්ත තෝරා ගැනීමේ ප්‍රයත්නයකය. ගෙවතු නෝම්ස්ලා අසල් වැසියන්ගේ ගෙවතු එකින් එක අලංකාර කිරීමට වෙර දරති. එහෙත් මිනිසුන්ගේ සහාය නොලැබෙන විට විරෝධතාවක් පැනනඟී. රතු වතු නෝම්ස්ලා සහ නිල් වතු නෝම්ස්ලා අතර ද හොඳ හිත බිඳ වැටේ. නිල් නෝම්ස්වරයකු වු ජේම්ස් මැක්ඇවෝයි නෝමියෝ, හා රතු නෝම්ස්වරයකු වූ එමිලි බ්ලන්ට් සෙනෙහසින් බැඳීම නිසා පළුදු වු සිත් යළි මිතු දමෙන් බැඳි යයි.

ෂර්ලොක් නෝම්ස් සිනමා පටය රෝමියෝ - ජුලියට් නෝම්ස් දෙපළ විසින් තවත් එවැනිම සොඳුරු සිදුවීම් මාලාවක අත්දැකීම් මාලාවක් නරඹන්නන්ට රැගෙන එයි. නෝමියෝ හා ජුලියට්, රහස් පරික්ෂක ෂර්ලොක් නෝම්ස් අලුතින් කතාවට එක් කර ගන්නේ ගෙවතු නොම්ස්ලා අද්භුත ලෙස අතුරුදන් වීමේ රහස සෙවීමටයි.

‘නෝමියෝ ඇන්ඩ් ජුලියට්’ සිනමා පටයට හඬ කැවූ ජේම්ස් මැක්ඇවෝයි, එමිලි බ්ලන්ට්, චිවිට්ල් එජි‍යෝෆෝ, මේර් ජේ. බ්ලිජ් හා ජොනී ඩෙප් යන ශිල්පීහු ම මෙයටද දායක වී සිටිති.

ජෙම්ස් මැක්ඇවෝයි ‍නොමියෝ, බ්ලුබරි ආර්යාවගේ පුතු , ජුලියට්ගේ සැමියා ලෙස හඬ දෙයි ස්කොට්ලන්ත ජාතික ඔහු සිනමා රංග වේදීයකු පමණක් නොව හඬ රංග වේදියකු ද වේ. නෝමියෝ සිනමා පට මාලාවට අමතරව ඔහු ආතර් ක්‍රිස්මස් (2011) සිනමා පටයටද හඬ කවා තිබේ.

ජුලියට්ට හඬින් පණ දෙන්නේ බ්‍රිතාන්‍ය අමෙරිකානු නිළි එමිලි බ්ලන්ට්ය. නොමියෝ සිනමා පට මාලාවට අමතරව ද වින්ඩ් රයිසර්ස් (2013) ඇනිමල් ක්‍රැකර්ස් (2017) සිනමා පටවලට ද හඬ දී ඇත. ද සිම්ප්සන්ස් (2009) ඇන්ජලිනා බැලරිනා ද නෙක්ස්ට් ස්ටෙප්ස් ( 2009 -10) වෙලි නිර්මාණ සඳහා ද ඇය හඬ දී ඇත. එමිලි ජුලියට් චරිතය දකින්නේ නිර්භීත, ධෛර්ය වන්ත ඇතැම් විටි අනුවණ ලෙස ක්‍රියාකරන, පුදුම සිතෙන චරිතයක් බවයි. රෝමියෝ ජුලියට් වේදිකා රංගනයට ද දායක වීම නිසා ඇය නෝමියෝ සිනමා පටයේ ජුලියට් චරිතය රංගනය එතරම් අලුත් දෙයක් නොවීය. එමිලි ගෝල්ඩන් ග්ලෝබ්, බැෆ්ටා, සම්මානලාභිනියකි.

එමිලි මෙන්ම ජනාදරයටපත් ගායන, රංගන ක්ෂේත්‍ර දෙකෙහිම නියැළෙන ජොනී ඩෙප් කෝප්ස් බ්‍රයිඩ් (2005) , රැන්ගෝ (2011) , සිනමා පටවලට හඬ රංගනයෙන් දායක වී ඇත. රැන්ගෝ ප්‍රධාන චරිතයට පණ දුන් ඔහු මෙහි රහස්පරීක්ෂක ෂර්ලොක් නෝම්ස් ය.

ෂර්ලොක්ගේ මිතුරු වොට්සන් ලෙස රඟන චිවෙට්ල් රජි‍යෝෆෝ නෝම්ස් දෙවැන්නට ද සම්බන්ධ වී ඇත්තේ පළ මු වැන්නට ඔහු ඉතා කැමැත්තෙන් හා සතුටින් හඬ දුන් නිසාය. මෙහි චරිත ගොඩනැඟී ඇති නිර්මාණශීලී ආකාරයට ඔහු ඉතා කැමැති බව ප්‍රකාශකර තිබේ. චිවෙට්ල් ඇකඩමි සම්මානයට පවා නිර්දේශිත චරිතයකි. 2019 තිරගත වීමට නියමිත ද ලයන්කිංග් සිනමා පටයේ ‘ස්කාර්’ ට හඬ දෙන්නේ ද ඔහුය.

ස්කොට්ලන්ත ජාතික නිළියක වන ඈෂ්ලි ජෙන්සන්, නැනෙවේ ප්ලාස්ටික් ගෙම්බාට හඬ කවන්නීය. මේ හඬ කැවීම ඉතා වි‍නෝද ජනක බව ඇය ද පවසන්නීය. ඇය හව් ටු ට්‍රේන් යුවර් ඩ්‍රැගන් සිනමා පට‍යටද හඬ කවා ඇත. මයිකල් කේන් (රෙඩ්බ්‍රික් ) , මැගී ස්මිත් (බ්ලුබරි), මැට් ලුකස් ( බෙනි) ස්ටෙෆන් මර්චන්ට් ( පැරිස් ), ජුලී වෝල්ටර්ස් (මොන්ටේගු), රිචඩ් විල්සන්( කැපියුවට්), ජුලියෝ බොනට් (මාන්කිනි), ඔසී ඔස්බෝර්න් (ෆොවින්) , ජීම් කියුමිංස් (ෆෙදර්ස්ටොන්), එනිස් එස්මර් (බිග් ටෙඩ්) , එල්ටන් ජෝන් (ටෙඩි ග්‍රෙග්සන්), කෙන් ජියොං (පොම් - පොම් අධිරාජ්‍යයා) , ජැම් ඩිමෙට්‍රියෝ (මොරියාර්ට්) සෙසු චරිත නිරූපණය කරති.

‘නෝමියෝ ඇන්ඩ් ජුලියට්’ ප්‍රථම ‍නෝමියෝ සිනමා පටයට දායක වූ තිර රචකයන්ගේ ගණන නවයකි. ඩොලර් මිලියන 36 ක වියදකින් ඩොලර් මිලියන 194 ක් ඉපයීමට එම සිනමා පටය සමත් විය. නව නෝමියෝ සිනමා ගණන තුනකට සීමාවූ අතර ඇන්ඩ් රිලේ හා කෙමින් සිසිල් පළමු වැන්නටද දායක විය. පළමු සිනමා පටයේ ගීතයක් හොඳම ස්වතන්ත්‍ර ගීතය ලෙසින් ඇනී සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍රවිය. සැටලයිට්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන සඳහා ද නිර්දේශ විණි.

බ්‍රිතාන්‍ය ගායක, තනු නිර්මාපක එල්ටන් ජෝන් මෙවරද නව ගීත සඳහා තනු නිර්මාණයෙන් දායක විය. නෝමියෝ ජුලියට් කෙලී ඇස්බරි අධ්‍යක්ෂණය කළ ද දෙවැන්න ෂර්ලොක් නෝම්ස් සඳහා තෝරා ගැනුණේ ජෝන් ස්ටීවන්සන්ය. ඔහු කුං ෆු පැන්ඩා සහාය අධ්‍යක්ෂවරයාය. 2012 වන විටම ප්‍රවීණ බ්‍රිතාන්‍ය ජාතික ජෝන් ස්ටීවන්සන් තෝරාගත් බව මාධ්‍යයට ප්‍රකාශ කෙරිණි. ඔහුට සජීවීකරණ සිනමා නිර්මාණ ගැන තිස් වසරකට වැඩි කාලයක අත්දැකීම් තිබේ. වැඩිම මුදලක් ගෙවනු ලබන නළුවා ලෙස 2012 වසරේදී ගිනස් පොතට ද ඇතුළත් වූ ජොනී ඩෙප්ෂර්ලොක් නෝම්ස්ට හඬ දෙන බව අනාවරණය කරනු ලැබුවේ 2015 නොවැම්බරයේදීය.

Comments