
නොකඩවාම නිවසේ විදුලි සීනුව නාද වන හඬ ඇසුණු ෆියෝනා කියවමින් සිටි දිනපොත කොට්ටය යට සඟවා නැගී සිටියාය. අම්මා විසින් ලියන ලද දිනපොත කෙතරම් රසවත්ද යත් පොත පසෙක තබන්නට සිදුවීම පිළිබඳව ඇය තුළ ඇති වූයේ කනගාටුවකි. අසාර් නිවසින් පිටව ගිය පසු ගේට්ටුව අගුළුලා තබන්නට අමතක වූවා නොවේදැයි පහත මාලයට පිවිසෙන පියගැට පෙළ බසිද්දී ෆියෝනාට සිතිණ. නිවසට පැමිණ ඇත්තේ කවරෙක්දැයි ඇය තුළ ඇති වූයේ කුතුහලයකි. කිසිසේත්ම ඒ අසාර් නම් විය නොහැකිය. ෆියෝනා දොර විවෘත කර බැලුවාය. දිගු යටි රැවුලක් වවා සිටි උසැති තරුණයකු මහත් නොඉවසිල්ලකින් මෙන් දොරකඩ සිටගෙන සිටින අයුරු ඇය දුටුවාය.
ඔහු විදුලි හෝ ජල මනු කියවන්නා නොවීය. තමා නිවසින් පිටව ගිය පසු ගේට්ටුව වසා අගුළු දමා තබන ලෙස අසාර්
කරන අවවාදයන් ඇයට සිහිපත් විය.
“ඇයි?” ̃
තරුණයා දෙස බැලූ ෆියෝනා අමුතු හඬින් විමසුවාය.
“මේ... මේ... ෆියෝනා ද?” ̃
“මං කවුරු වුණත් කමක් නෑ. කරුණාකරලා ආව කාරණේ කියන්න.” ̃ෆියෝනා තරහෙන් පැවසුවාය.
“මම ෆෙරෝස්. අසාර් මට කිව්වා අමතක වුණු ෆයිල් එකක් ඔෆිස් රූම් එකේ ඇති කියලා අරගෙන එන්න.” ̃
“අසාර්? කෝ දැන් අසාර්?” ̃
“ඒගොල්ලො නුවර ගියා. මගදියි මට කතා කරලා කිව්වෙ ෆයිල් එකත් අරගෙන ඉක්මනට එන්න කියලා.” ̃
“ඒගොල්ලො?”̃
ෆියෝනා කැළඹීමෙන් යුතුව සිතුවාය.
“හදිසියක් මිස්. මට ඉක්මනට ෆයිල් එක ගන්න ́ඕන.” ̃
තවදුරටත් කල්පනා කිරීමට ඇති අවකාශ වළක්වමින් තරුණයා නොඉවසිලිමත් ලෙසින් පැවසුවේය.
“එහෙම දන්නෙ නැති අයට ෆයිල්ස් දෙන්න මට බෑ. ඔයා කවුද කියලා මම දන්නෙ නෑනෙ.” ̃
තරුණයා යටි තොල පෙරලමින් මොහොතක් කල්පනාවට වැටුනේය. අනතුරුව ඔහු සිය ජංගම දුරකතනය අතට ගෙන කිසිවකුට කතා කළ ද, කතා කළ කිසිවක් ෆියෝනාට නොවැටහිණ.
“මෙන්න අසාර් කතා කරනවා.” ̃
ඔහු ෆියෝනා වෙත ජංගම දුරකතනය දිගු කළ ද, ඇය එය අතට නොගත්තාය.
“මගේ ෆෝන් එකට ගන්න කියලා අසාර්ට කියන්න.” ̃
තරුණයා නැවතත් දුරකතනයෙන් කතා කළ කිසිවක් ෆියෝනාට නොවැටහිණ. කෝපය නිසා තම මුළු ගතම ගිනියම් වන්නාක් මෙන් ෆියෝනාට දැනිණ. ස්වල්ප වේලාවකින් ඇගේ දුරකතනය නාද වන්නට පටන් ගත්තේය.
ෆියෝනා ඇමතුම හා සම්බන්ධ වූවාය.
“මොකද අර මනුස්සයට ෆයිල් එක දෙන්න බෑ කියන්නෙ?” ̃
අසාර්ගේ කෝපයට පත් කටහඬ දුරකතනය තුළින් ඇසිණ.
“මං ඒ මනුස්සයව අඳුනන්නෙ නැති නිසා.” ̃
“ෆෙරෝස් මගේ කසින් කෙනෙක්.” “එහෙම බෝඩ් එකක් ගහගෙන ඉන්නවා මම දැක්කෙ නෑ.” ̃
“කුමාරිහාමි. කට වැඩියි දැන්. ෆෙරෝස්ට ඔෆිස් රූම් එකට ගිහින් ෆයිල් එක ගන්න ඉඩ දෙනවා.” ̃
“නාඳුනන මිනිස්සුන්ට ගේ ඇතුළට එන්න ඉඩ දෙන්න බෑ.” ̃
“ඔයානේ අඳුනන්නෙ නැත්තෙ. මං එයාව හොඳට දන්නවා. ෆෙරෝස් කියන්නෙ මට ප්‍රපෝස් කරලා හිටිය
ගර්ල්ගෙ අයියා. එයා මට ඔයාටත් වඩා විශ්වාසයි.” ̃
“කවුරු වුණත් ගේ ඇතුළට එන්න ඉඩ දෙන්න බෑ. කෝ යතුර? මං අරගෙන දෙන්නම්.” ̃
“යතුර ෆෙරෝස්ගෙ අතේ. මොකක්ද ෆයිල් එක කියලා ඔයා දන්නෙ නෑ. එයාව ඔෆිස් රූම් එකට එක්ක යන්න.”
”එයා ඒක ගනීවි. හදිසියි. ඉක්මන් කරනවකො.” ̃
අසාර් දුරකතනය විසන්ධි කළේය. ෆියෝනා තරුණයා දෙස බැලුවාය. ඔහුගේ මුවග සඟවා ගත් සිනාවක්
ඇතැයි ඇයට සිතිණ.
“ඉතින් යනවා. ගිහින් ෆයිල් එක ගන්නවා.” ̃
ඇය පැවසුවේ තරහෙනි.
“කොතනද ඔෆිස් රූම් එක?” ̃
“පඩි පෙළ නැගලා ගියාම වම් පැත්තෙ පළවෙනි කාමරේ.” ̃
“මං ගන්නම්. කරුණාකරලා මට වතුර වීදුරුවක් දෙන්න පුළුවන්ද?” ̃
“යන ගමන් කිචන් එකට ගිහින් ගන්න. ෆිල්ටර් එකේ වතුර ඇති.” ̃
ෆියෝනා දෙස වඩාත් වුවමනාවෙන් බැලූ තරුණයාගේ මුවග මෙතෙක් වූ සිනාව වඩාත් පුළුල් විය. ෆියෝනා
ඉවත බලා ගත්තාය. කෝපය නිසා තම මුළුගතම ගැහෙන්නාක් මෙන් ඇයට දැනිණ. තමා තනිව සිටින නිවසට
නාඳුනන තරුණයකු එවන්නට තරම් අසාර් මුග්ධයකු වූයේ කවර නම් හේතුවක් නිසාදැයි ඇය සිතුවාය.
“අසාර් දැන් මගෙන් ඈත් වීගෙන යනවා. සමහරවිට මගෙන් තවත් ඈත් වෙන්න මේකත් එයාගෙ සැලසුමක්ද දන්නෙ නෑ. ̃
ෆියෝනා නොඉවසිල්ලෙන් වටපිට බැලුවාය. සඳැල්ලේ සිටගෙන තේ කෝප්පයක් පානය කරමින් සිටින
අරවින්ද් දුටු ඇගේ සිතට සැනසීමක් දැනිණ.
“කවුද?” ̃
අරවින්ද් අභිනයෙන් ඇසුවේය.
“දන්නෙ නෑ.” ̃
ඇය ද එලෙසින්ම පිළිතුරු දුන්නාය.
“මං එන්නද?” ̃
“හා.” ̃
දෙවරක් නොසිතූ ෆියෝනා අභිනයෙන්ම පිළිතුරු දුන්නාය. ගෙතුළට ගිය තරුණයා තවමත් පැමිණෙන ලකුණකුදු නොමැත. ඔහු අසාර්ගේ කාර්යාල කාමරය තුළට වී ඔහුගේ ව්‍යාපාරික ලිපි ගොනු ඇද බලමින් සිටිනු ඇත්දැයි ඇය කල්පනා කළාය. අසාර් බොහෝ කල්පනාකාරීව කටයුතු කරන්නෙකි. පැමිණ සිටින තරුණයා, ඔහුට තමාට ද වඩා විශ්වාසවන්තයකු විය යුතුය. නොඑසේනම් තම ගෙතුළට වැදී කල් මරමින් සිටින්නට අසාර් ඔහුට ඉඩ නොදෙනු ඇත.
“කවුද ආවෙ මිසිස් ජැෆර්ජි?” ̃
මෙතෙක් විවර කර තිබූ ගේට්ටුව තුළින් මිදුලට පිවිසි අරවින්ද් ප්‍රශ්න කළේය. ෆියෝනාගේ දෙනෙතග කඳුලක් නැගිණ. අරවින්ද් උනන්දුවෙන් ඇගේ මුහුණ දෙස බැලුවේය.
“කවුද ඒ? මිස්ට ජැෆර්ජිගෙ යාළුවෙක්ද?” ̃
“ඔව්. ෆයිල් එකක් අරන් යන්න ආව.” ̃
“කවුරු වුණත් එහෙමත් පිට අයව ගෙවල් වලට එවන්නෙ මිස්ට ජැෆර්ජිට පිස්සුද?” ̃
“ඔව්. පිස්සු.” යි පවසන්නට ෆියෝනාට සිතිණ.
“සල්ලි වැඩිවෙනකොට මිනිස්සුන්ට හොඳ නරක පේන්නෙ නැතිව යනවනෙ අරවින්ද්. අසාර්ට වෙලා
තියෙන්නෙත් ඒක.” ̃
ෆියෝනා තම මුවට නැගි වදන් පිට නොකළද, අරවින්ද් තම සිතිවිලි හඳුනා ගන්නට ඇතැයි ඇයට සිතිණ.
“මොනවද මිනිහා ඇතුළට වෙලා කරන්නෙ?” ̃ යි අරවින්ද් අසනවාත් සමගම ගෙතුළට ගිය තරුණයා ලිපි ගොනු කීපයක්ම ගෙන නිවසින් පිටතට පැමිණියේය. ඔහු මුහුණ ද සෝදා හිස පීරාගෙන සිටින බව දුටු ඇගේ කෝපය තවත් වැඩි වුව ද, කිසිවක් නොපවසා සිටින්නට ෆියෝනා ප්‍රවේශම් වූවාය.
“තෑන්ක් යූ. ෆයිල්ස් ටික මම ගත්තා. ගිහින් එන්නම්.” ̃
තරුණයාගේ දෙනෙත් හදිසියේම අරවින්ද් දෙසට යොමු විය. ඔහු ෆියෝනා දෙසත්, අරවින්ද් දෙසත් බැලුවේ කුතුහලය පිරුණු බැල්මකිනි.
ලබන සතියට