
මම නුඹේ ගුරුවරයා. නුඹ මගේ ගෝලයා. එයයි සම්මතය. ඒත් මට ඒ සම්මතයෙ ඉන්න බැහැ. ගෙවෙන හැම තත්ත්පරයකම මගේ දෑස් හොයන්නේ නුඹ නිසාම. මගේ හදවතේ රැඳුණු පළමු පෙම නුඹයි අහිංසකාවිය. මම දන්නවා ලෝකයා මට බනිවී අසම්මතය පසු පස ලුහුබඳිනවා කියලා. සත්තමයි මෙය අසම්මතයකින් නෙවෙයි සම්මතයක් කරගන්නැයි මගේ පැතුම. නිසරු උයනේ පිපි ලියතඹර මල. හැර දා යැයි කියා සිතුවේ නැහැ කිසි දවසක. රට හැර ගියත් නුඹේ ගත, මා තනිව විඳිනවා ඒ සෙනෙහස යළි එනතුරා නුඹ මගේ සෙනෙහෙ පියසට. අරවින්ද එරන්ගනාත් නම් වූ පදරචකයගේ අතින් නිර්මාණය වූ අහිංසකාවියේ ගීතය ගායනා කරනු ලබන්නේ ජනක කැටපේආරච්චියි. කොස්ගම ශාලාව ප්‍රදේශයේ පදිංචිව සිටින කැටිපේආරච්චි අධ්‍යාපනය හැදෑරුවේ හික්කඩුව සාරාලංකාර මධ්‍ය මහා විද්‍යාලයෙන්. පාසල් වියේ සිට සංගීතයට දස්කම් දක්වන ඔහු නාවික හමුදාවට එක්ව එහි සංගීත කණ්ඩායමෙන් සිය හැකියාවන් ඔප්නංවා ගැනීමට සමත් වෙනවා. ඔහුගේ පළමු නිර්මාණය මෙය වුවත් ඉදිරියේ දී තවත් නිර්මාණ රැසක් එළි දැක්වීමට නියමිතය.
මහද අසපුව පිපුණු රෝස මල
සුනිල් විලක පිපි නොකැළැල් මල නුඹ
මගේ හදවතේ රැඳුණු පළමු පෙම
අහිංසකාවියේ -----අහිංසකාවියේ
වස්සානෙක හැමූ සිසිල් සුළං රැල්
හිමිදිරි උදයක මල මත පිනි බිඳ
මගේ හදවතේ රැඳුණු පළමු පෙම
අහිංසකාවියේ----අහිංසකාවියේ--
නිසරු උයනේ පිපි ලියතඹරා මල
අහස් ගැබේ රැලි සේද වලා පෙළ--//
මගේ හදවතේ රැඳුණු පළමු පෙම
අහිංසකාවියේ---අහිංසකාවියේ--
ගායනය-ජනක කැටපේආරච්චි
පදරචනය-අරවින්ද එරන්ගනාත්
සංගීතය- චානක මධුසංඛ සිල්වා, සංජීව වෛද්‍යරත්න
වීඩියෝකරණය-Living The Dream Production