
වත්මන් සමාජයේ නිතර දක්නට ලැබෙන සිදුවීම් පාදක කරගනිමින් චනිත දෙහිගහවත්ත නිර්මාණය කළ සිඹා ගීතය මේ දිනවල යූ ටියුබ්වල ඉහළ රසිකත්වයක් දිනා ගැනීමට සමත්ව තිබේ. තරුණ තරුණියන් සිතන පතන දේ වගේම වැඩි හිටියන්ගේ හැසිරීම් පවා එකතු කරල චනිත අතින් ලියවුණ මේ ගීතයේ සංගීතයත් ඔහුගේම වීම විශේෂත්වයකි.
මේ වන විට CRAZY නම් සංගීත කණ්ඩායමේ නායකයා වන චනිත කොළඹ මහනාම හා අශෝක විද්‍යාලවලින් තමයි අධ්‍යාපනය හදාරල තිබෙන්නේ.
පුංචි කාලේ ඉදලා සංගීතයට ඇළුම්කමක් දක්වන මේ තරුණයා පාසල් වියේදී වගේම ඉන් පසුවත් සංගීතය හදාරා තිබේ. බටහිර සංගීතයට වැඩි නැඹුරුවක් තිබෙන නිසාම රූකාන්ත ගුණතිලක ගායන ශිල්පියාගේ ගීතවලට මහත් කැමැත්තක් දක්වනවා.
ඔහුගේ ශෛලියන් බවයි චනිත් පැවසුවේ. අපි ග්‍රැම ෆොන් ගීත පවා අලුත් තාලයකට වාදනය කරනවා. එය සංගීත ලෝලීන්ට අමුතුම වෙනසක්. ඒ වගේම බටහිර සංගීත ලෝකයේ දක්නට ලැබෙන Jazz, B@B,Pop වැනි සංගීත ආරවලින් අද්දැකීම් අරන් තමයි සිඹා ගීතය පවා නිර්මාණය කළේ.