නූරංගා රංගා රූ | සිළුමිණ

නූරංගා රංගා රූ

කෝට්ටේ මාදිවෙල නූරංගා කලාශ්‍රමයේ ඉගෙනුම ලබන දරු දැරියන් ප්‍රථම වරට ඉදිරිපත් කරනු ලබන නූරංගා රංගා රූ විවිධ ප්‍රසංගය අද(25) සවස 6.30ට කොළඹ ලුම්බිණි රඟහලේදි පැවැත්වේ.

උතුරු ඉන්දියාවේ ලක්නව් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණී විශාරද නුවන්ති සේපාලිකා බඹරැන්ද මෙනෙවියගේ සෙවණේ නර්තනය ඉගෙනගන්නා දරු දැරියන් 25දෙනෙකුගේ විවිධ නර්තන අංශ මෙහිදී එළිදැක්වෙයි.

ඉන්දියානු ශ්‍රි ලංකාවේ උඩරට පහතරට හා සබරගමු සම්ප්‍රදායන්ගේ නර්තන නව්‍යකරණයෙන් නිර්මාණයකොට රසික රසාස්වාදය උදෙසා ඉදිරිපත්කෙරන බව නුවන්ති සේපාලිකා බඹරැන්ද ප්‍රකාශ කළාය. මෙරට වාද්‍ය භාණ්ඩ අතර ප්‍රමුඛස්ථාන‍යක් ගන්නා බෙරය හා එහි හඬ ඉන්දියානු වාද්‍ය භාණ්ඩ හා එහි හඬ පද්ධතීන් මුසුකොට මේ ප්‍රසංගයේ සංගීතය නිර්මාණයකොට ඇතැයි ද ඇය සඳහන් කළාය. ජයසිරි මුණසිංහ


'කරපිංචා ඕනේ' අද නව නගර සභා ශාලාවේ

 ශ්‍රි ලංකා ගෘහණියන්ගේ සංගමය ඉදිරිපත්කරන සංජය ලීලාරත්න අධ්‍යක්ෂණය කරන 'කරපිංචා ඕනේ'වේදිකා නාට්‍ය අද(25) සවස 4.30ට කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවත නව නගර සභා ශාලාවේදි පැවැත්වේ.

උපහාසය මුසුකරගත් මෙම නාට්‍ය හාස්‍ය රසයෙන් පිරී ඇත.


'බැලුන් මාමා' D.V.D පටය නිකුත් වෙයි

 ඒකනායක අධිකාරි අධ්‍යක්ෂණය කළ බැලුන් මාමා ටෙලි චිත්‍රපටය දැන් එළිදක්වා ඇත. ජීවත්වීම සඳහා බැලුන් බෝල විකුණන විනෝදකාමි බැලුන් වෙළෙන්ඳකුගේ අනුවේදනීය කතාවක්වටා ගෙතී මෙම ටෙලි චිත්‍රපටය ප්‍රේමලාල් මුදලිදේවගේ කතාවකි.

නිශන්ත පී. විජයගේ කැමරා අධ්‍යක්ෂණයෙන්ද මෛත්‍රි රත්නායක සංගීතයෙන්ද එක්වන මෙම ටෙලිසිත්තමට සහාය අධ්‍යක්ෂණයෙන් බී. එම් සූරියරත්න එක්වෙති.


හිත ළඟ 7ට 27දා චරිතා එයි

ජාතික රූපවාහිනියේ හිතළඟ 7තුළින් මෙවර ඔබ හමුවට එන්නේ විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් ශිල්පිනියයි. 27වැනි අඟහරුවාදා රාත්‍රි 7.00ට ජාතික රූපවාහිනිය තුළින් විකාශය කෙරෙන මෙම වැඩසටහනේදි ශාරන්‍යා ජයකොඩි ගායන සහාය සඳහා එක්වන්නීය. හේමනලින් කරුණාරත්නගේ ආමන්ත්‍රණයෙන් හැඩවෙන හිත ළඟ 7 සුමිත් දිසානායකගේ නිෂ්පාදනයකි.


'සොක්කානෝ සක්විත්තානෝ' ළඟදීම

ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදක අධ්‍යක්ෂවරයකු, ගීත රචකයකු හා චිත්‍රපට හා නාට්‍ය පිටපත් රචකයෙකු වන ආනන්ද එස්. විජයසිරිගේ නවතම නාට්‍ය නිෂ්පාදනය 'සක්කානෝ සක්විත්තානෝ'නාට්‍යය පසුගියදා ආරම්භවිය.

සක්විත්තානෝ සංගීතමය නාට්‍යය නූතන සමාජයේ දුර්වලකම් හා පාලනය පීඩනය නිසා හෙම්බත්වන ජනතාව පිළිබඳ විවේචනාත්මක විග්‍රහයක් වේදිකාවට නගයි.තුෂානි නදීෂා පෙරේරා, සුරාජ් හර්ෂණ, රංජිත් කඩුපිටිගේ, දසුන් චාමර චන්ද්‍රසේන, ඉසුරු ප්‍රදීප් සෙනෙවිරත්න, කාංචනා පුෂ්පකුමාරි, නිශා සඳකැළුම්, ලිහිණි ආශා පූජාපිටිය සමග බුද්ධික එදිරිසිංහ යන රංගන ශිල්පීන් සහ ශිල්පිනියෝ මේ නාට්‍යයට රංගනයෙන් දායකවෙති.

Comments