ටිල්වින් මහත්තයා ඉන්නේ පක්ෂයට උඩින් ද? | Page 7 | සිළුමිණ

ටිල්වින් මහත්තයා ඉන්නේ පක්ෂයට උඩින් ද?

 ‘දේශපාලන ක්ෂේත්‍රේ ඉන්න මිනිස්සු ගැන මට කල්පනා වුණා’

‘ඒ කතාවේ තේරුම මොකක්ද?’

‘නෑ දේශපාලනේට ඇවිල්ලා ටිකක් කාලයක් යනකොට එයා ගාව ඉන්න මනුස්සයා නැති වෙලා යනවා’

‘ඊට පස්සෙ ද දේශපාලනඥයා කියන නම්බුනාමේ ලැබෙන්නේ’

‘හැබැයි මට හිතෙන විදිහට ටිල්වින් මහත්තයා එහෙම නෑ’

‘ඇයි ටිල්වින් ගැන එහෙම කියන්නේ’

‘නෑ මට හිතෙන විදිහට පාර්ලිමේන්තුවට යන්න ආසාවක් නැති ලංකාවේ ඉන්න එකම දේශපාලනඥයා ටිල්වින්’

‘කොහොමද ස්ථිරවම කියන්නේ?’

‘ටිල්වින් මහත්තයාට පාර්ලිමේන්තුවට හෝ වෙනත් කිසිම දෙයකට වඩා එයාගේ පක්ෂේ වටිනවා’

‘ඇත්තටම හැමෝම පාර්ලිමේන්තු යන්න ඕනෑ නෑ’

‘රටට සේවය කරන්න නම් පාර්ලිමේන්තු යන්නම ඕනෑ නෑ’

‘හොඳ දොස්තර මහත්තයෙක් පාර්ලිමේන්තු ගියොත් එයාගෙන් එතෙක් ඉටුවුන සේවය රටට නැති වෙනවා’

‘හොඳ ව්‍යාපාරිකයෙක් පාර්ලිමේන්තුවට යනවා කියන්නේ සමහරවිට දක්ෂ සාර්ථක ව්‍යාපාරිකයෙක් රටට අහිමි වෙනවා කියන එක.’

‘තමන් ඉන්න තැන ම ඉඳගෙන සේවයක් කරන්න පුළුවන් අය රටට සේවය කරන්න කිය කිය දේශපාලනේට එනඑක තේරුමක් නැති වැඩක්’

‘ඇත්තටම බොහෝ අයට තියෙන්නේ රටට සේවය කිරීමට වඩා දේශපාලනඥයන් හැටියට බැබළීමේ ආසාවක්. පළාත් සභාවලට පාර්ලිමේන්තුවට යන්න ආසාවක්’

‘ටිල්වින් මහත්තයාට එහෙම ආසාවක් නෑ’

‘ඒනිසා තමයි ජේවීපී එක ඔය විදිහට හරි රැකිලා තියෙන්නේ’

‘ප්‍රවෘත්ති සාකච්ඡාවේදීත් ටිල්වින් මහත්තයා ලස්සන කතාවක් කිව්වා’

‘ඒ මොකක්ද?’

‘එතුමා කිව්වා අපට ඉතිං වෙන කරන්න දෙයක් නෑ. ව්‍යාපාර නෑ. දේශපාලනේ විතරයි කරන්නේ. ඉතිං ඒක දිගටම කරනවා කියලා’

‘ඒක අවංකව කියපු කතාවක්’

‘මේ දේශපාලනය තුළට අවංකභාවය ගේන එක රට මුහුණපාන ප්‍රශ්නයක්’

මා සමඟ ම සංවාද කරමින් මා සිතා ඇත්තේ ටිල්වින් මහතා ගැන පමණක් ම නොවේ. හුදු කටමැත දෙඩවීම වෙනුවට දේශපාලනයට අරුතක් දීම අප සැමසතු යුතුකමකි. වගකීමකි. 

Comments