
පාලි බොදු ගී මිහිර ජනගත කිරීම හා ප්‍රාසාංගික පාලි ගී සැඳෑව මේ මස 23දින සවස 5.00ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ඒ කමිටු ශාලාවේදි පැවැත්වේ. විශාරද අමරසිරි පීරිස්, ඉෂාක් බෙග්, නෙලූ අධිකාරි, ශෂිකා නිසංසලා, හර්ෂණ දිසානායක ගීත ගායනයෙන්ද ලලිත් වික්‍රමරත්න, චාමර හපන්ගම සංගීතයෙන්ද සහය වෙති. මෙය ශ්‍රි දේව කුමාරසේමගේ ඉදිරිපත් කිරීමකි.
සිතුවම් දැක්මක් 23,24,25 ලයනල් වෙන්ඩ්ට් හිදී
ප්‍රවීණ චිත්‍ර ශිල්පී එම්. එම්. එස්. ගුරුසිංහයන් දිගු කලෙක සිට චිත්‍ර ශිල්පියෙක් වශයෙන් ලද අත්දැකීම් සහ ළමා කල ගැමි පරිසරයෙන් විඳගත් සුන්දර අත්දැකීම්ද පාදකකරගෙන අඳින ලද'මිනිසා සහ සෞන්දර්ය'ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදි මේ මස 23, 24, 25 දිනයන්හි පෙ.ව9.00සිට ප.ව 7.00දක්වා පැවැත්වේ.
සහෘදයාමය තුළින් තරු එළියේ ගී අහන්න 23දා මාවනැල්ලට එන්න
මෙයට වසර තුනකට පෙරාතුව කලාකරුවන්, ව්‍යාපාරිකයන්, වෛද්‍යවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල නිරතවූවන්ගෙන් සැදුම්ලත් එකමුතුවක් ඔවුන්ගේ විනෝදාස්වාදය සඳහා සහෘදයාමය නම් සංගීතමය වැඩසටහන ආරම්භ කළේය.
මාවනැල්ල කලා කේන්ද්‍රය හරහා වඩා විධිමත් ආකාරයට ‘සහෘදයාමය‘ සංවිධානයවිය. විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෛද්‍යවරු, පාඨශාලාචාර්යවරු සහෘදයාමයට සම්බන්ධ වී ගීත ගායනය, විවේචනය සඳහා සහභාගි වූහ. මෙය ලංකාව පුරා ව්‍යාප්ත වූ අතර විවිධ ආයතනවලින්, පාසල්වලින් සහෘදයාමය ප්‍රසංග සඳහා ඉල්ලුමක් ලැබිණි. මෙහි ගීත ගායනය සඳහා සහභාගි වන්නේ සංගීත ගුරුවරුන්, පාසල් ළමයින් සහ සමස්ත ලංකා මට්ටමින් අවුරුදු කිහිපයක් ජන ගායනා තරගවලින් ජයග්‍රහණය ලැබූ අය වන අතර වර්තමානය වනවිට සංගීත කේෂ්ත්‍රයේ විශාරදයින් වෛද්‍යවරුන් ද මේ සඳහා සහභාගි වේ .
සහෘදයාමය වැඩසටහන සඳහා තෝරා ගැනෙන්නේ 70 සහ 80 දශකයේ ගීත සහ වර්තමානයේ ගැයෙන ඉතා උසස් මට්ටමේ ගීතයි.
සහෘදයාමයේ ඉදිරි වැඩසටහන් සංවිධානය කිරීමේදී අවධානය යොමු කරන අරමුණු කිහිපයක් ද වෙයි. එනම් රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන් වෙනුවෙන් නොමිලේ සංගීත වැඩසටහන් කිරීම, විශේෂයෙන් ගැබිනි මාතාවන්, පිළිකා රෝගීන්ට සංගීත චිකිත්සාවක් ආකාරයට වැඩසටහන් සංවිධානය කෙරෙන අතර පාසල් සංගීත වැඩසටහන් සංවිධානය කිරීමේදී සම්පූර්ණ සිංහල විෂය නිර්දේශයට අයිති ගීත ප්‍රසංගයේ ගායනා කිරීමට ද අපේක්ෂිතය. සහෘදයාමයේ අපේක්ෂිත තවත් සද්කාර්යයක් නම් ප්‍රසංග සඳහා තෝරාගන්නා ගීතවල මුල් ගායකයන් සහ පද රචකයන්, සඳහා එනම් කර්තෘ භාගය වෙනුවෙන් කිසියම් මුදලක් ගෙවීමය. සහෘදයාමය සංගීත වැඩසටහන ආරම්භයේ සිට වර්තමානය දක්වාම මෙහෙයවීම, සංවිධානය කිරීම ඇතුළු කටයුතු රාශියක් වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථීක සංවර්ධන නිලධාරි සුරංග හපුතොට මහතායි. මේ වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්ගනී පෙතන්ගොඩ මහත්මිය ද විශේෂ සහයෝගයක් ලබා දෙයි.
2018 වර්ෂය සඳහා සහෘදයාමය විශේෂිත වැඩසටහන මේ මස 23 දා මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එළිමහනේදී රාත්‍රී හතට 'තරු එළියේ ගී අහන්න' තේමාව කර ගනිමින් පැවැත්වීමට නියමිතය. මෙහිදී තෝරාගත් පැරැණි සහ අලුත් ගීත 15 ක් පමණ ගායනයට සූදානම් කර ඇත. මාවනැල්ල රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු ගායනයට සම්බන්ධවීමට නියමිත අතර ප්‍රථම වතාවට දමිළ ගීත කිහිපයක් ද ගායනා කිරීමට නියමිතය.