
දිවුලපිටිය පරණ හන්දියේ පදිංචිව වෑල්ඩින් වැඩපළක් පවත්වාගෙන යන එස්.ඒ. ප්‍රේමරත්න මහතා කවුරුත් හඳුන්වන්නේ දාස අයියා කියලා. දාස අයියගේ පුංචි වෑල්ඩින් වැඩපළ තියෙන්නේ පුංචි බිම්කඩක. කුලියට ගත් ඒ පුංචි බිම් කඩේ වැඩපළ ඉදිකරගෙන ඇති දාස අයියා විශේෂයෙන් උඩරට “එළවළු” වවන්න දක්වන්නේ අසීමිත ආශාවක් වගේ ම දක්ෂතාවක්. එනිසා ලද හැම විවේකයේම ඔහුට තිබෙන පුංචි ගොවිපළේ ඔහු ලොකු ලොකු එළවළු වගාවන් කරනවා. අඩි 20 x 10 ක පමණ බිම්කඩ හැමදාම ලස්සන ගොවිපළක් කරන දාස අයියා හැමදාම වවන්නේ පෙර කී පරිදි උඩරට එළවළු. බිම්කඩ නිසි ලෙස කළමනාකරණය කරගන්නා ඔහු හරි අපූරුවට හා අගේට එක එක වර්ගයේ ගොවිතැන් කරන්නේ අසිරිමත් ලෙසට. වෙනදා අතුඅල - නෝකෝල් - බීට් 0 රාබු වැනි ගොවිතැන් කරන දාස අයියා මෙවර සිදුකර ඇත්තේ අපූරුතම මල්ගෝවා වගාවක් හා වම්බටු වගාවක්. තෙල් බෙහෙත් හෝ රසායනික පොහොර නොයොදන දාස අයියාගේ ගොවිතැන් කරන්නේ කාබනික පොහොර යොදලයි. ඇත්තටම සිතෙන්නේ දාස අයියාගේ අත්ගුණය කියලයි.
මෙවර ඔහු සිදු කර ඇති මල්ගෝවා වගාව දුටුවන් මන නුවන් පිනවන හරිම ලස්සන දර්ශනයක්. ඇත්තෙන් ම දාස අයියා රටට ගමට සැමට ආදර්ශයක් බව ගොවිපළ පිළිබඳ අදහස් දැක්වූ තැපැල් දෙපාර්තමේන්තුවේ සේමසිංහ සිටුබණ්ඩාර මහතා කියා සිටියේ මෙවන් ලස්සන ගොවිපළවල් හැදීමට දාස අයියා දක්වන කැමැත්තා හා උත්සාහය අප සියලු දෙනාටම ආදර්ශයක් බවයි.
අයි.එම්. අබේරත්න
දූනාගහ - සමූහ