නමක් ගැන යමක් | Page 2 | සිළුමිණ

නමක් ගැන යමක්

ඔළු පැළියාවෙන් උස්වැටකෙයියාවට

සිංහල ගම් නම් අතුරින් සරල සංඥා නාම පද සමහරක් කලින් දැක්විණ. එවැනි පද සදා ගැනීමට යොදා ගත් ශබ්ද සංඛ්‍යාව අනුව ඒ පද වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කෙරිණි. මෙහි දැක්වෙන්නේ අකුරු හයකින් හතකින් හා අටකින් සැදුණු සරල නම් කීපයකි.

මේ නම්වල මුලින් ම එන ’ඔ`ළු‘ ‘ක`ළු’ ‘ගල’ ‘බක්’ වැනි පද වෙන් කොට ලිවිය හැකි වුවත් එසේ වෙන් කොට ලිවීම පොදු සම්ප්‍රදාය නොවේ.

අකුරු හයකින් සැදුණු සරල ගම් නම්

ඔ ළු පැ ළි යා ව

ක ළු කො ඳ යා ව

ග ල හි ටි යා ව

ත ම් මැ න් නා ව

නා බි රි ත් තා ව

පො ලො න් න රු ව

බ ක් මි ටි යා ව

අකුරු හතකින් සැදුණු සරල ගම් නම්

ත ලේ ම න් නා ර ම

පො ම් ප රි ප් පු ව

මු රු ත් තෙ ට් ටු ව

අකුරු අටකින් සැදුණු සරල ගම් නම්

උ ස් වැ ට කෙ යි යා ව

අකුරු අටකට වඩා යෙදී සිදුණු ගම් නම් සිංහලයෙහි විරල නොවේ. එහෙත් ඒ නම් සරල නම් නොව සමාස නම් ය. පහත දැක්වෙන ගම් නම් මෙනි.

අ ඟු ණ කො ළ පැ ළැ ස් ස

(අඟුණ-කොළ-පැළැස්ස)

ක හ ට ග ස් දි ගි ලි ය

(කහට-ගස්-දිගිලිය)

Comments