
මහ මෙරක් තරම් බලාපොරොත්තු තියාගෙන මම ඔයාට ආදරේ කළේ. මම හැම තත්ත්පරේම හිතුවේ මගේ ජීවිතේම ඔයා විතරමයි කියලා. මොකද ඔයත් මට ඒ තරම් ආදරේ කළා. මට මගේ හිත හදාගන්න බැහැ. ඔයා කියූ වදන්, ඔයාගේ සිනහව දැනුත් මගේ හිතේ දෝංකාර දෙනවා. එකම එක සැරයක් කියන්න මම කොහොමද හිත හදාගන්නේ කියලා. තාරුණ්‍යයේ අභියස සිටින ශානු මිතුන්ගේ හඩින් ගීතවත් රූපවාහිනි නාළිකා, ගුවන් විදුලි නාළිකා මෙන්ම යූ ටියුබ් වල ප්‍රචාරය වෙන ‘සිහි නොවේදෝ‘ ගීතය රචනා කර තිබෙන්නේ ජනප්‍රිය ගේය පද රචක ප්‍රසන්න කුමාර දම්මලගේ විසිනි. මෙහි සංගීතය නිසාම් ගුණසිංහ. රසඳුන ශානු මිතුන්ට කතා කරලා මේ ගීතය ගැන ඇහුවම මෙන්න මේ විදියට උත්තර දුන්නා.
කොහොමද ශානු ජිවිතය ?
වරදක් නැහැ. මේ දිනවල දික්වැල්ල රාවෝ බෑන්ඩ් එකට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා.
ඒ කියන්නේ සිංදු කියනවට අමතරව බෑන්ඩ් එකකත් ඉන්නවා ?
ඔව්. පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ නායක සේනක ක්‍රිස්බන් මහත්මයගේ මල්ලී චන්දන ප්‍රසාද් දික්වැල්ල රාවෝ නමින් බෑන්ඩ් එකක් කරගෙන යනවා. එහි ගිටාර් වාදකයෙක් ලෙසත් කටයුතු කරනවා.
එතකොට ගම් පළාත
මාතර තල්පාවිල
පාසල් ගියේ
තල්පාවිල මධ්‍ය මහා විද්‍යාලයට
පාසල් යන කාලයෙත් සංගීතය කළාද
ඔව් මම පාසලෙත් සංගීතය කළා. ඒ වගේම සමස්ත ලංකා ගායන තරගවලින් ජයග්‍රහණ පවා දිනාගෙන තියෙනවා. මම හිතන්නේ මෙය මගේ සහජයෙන් ආපු දෙයක්
පාසලෙන් ඉවත් වුණාට පස්සේ සංගීතය හැදෑරුවේ නැද්ද
ලාල් රූපසිංහ (රූපසිංහ මාස්ටර්) ගේ පුතා ඒ කියන්නේ ලයනල් රූපසිංහ මහත්මය ළග සංගීතය හැදෑරුවා.
ගීත කොපමණ සංඛ්‍යාවක් කරල තියෙනව ද?
ගීත දෙකක් කරලා තියෙනවා. මේ ගීතය මේ වන විට ගුවන් විදුලි හා රූපවාහිනි නාළිකාවල හා යූ ටියුබ් එකේ ප්‍රචාරය වෙනවා.
කවුද මේ තරම් දුර එන්න අතහිත දුන්නේ
ගෙදර අය, නෑදෑයෝ, යාළුවෝ, සංගීත කණ්ඩායමේ නායක චන්ද ප්‍රසාද් අයිය වගේම සංගීත කණ්ඩායමේ මිතුරන්ගේ සහයත් ලැබුණා.
සිහි නොවේදෝ - යළි නොඒදෝ
නිතර විමසයි - මසිත වැළපෙයි
ඔබ කොහේදෝ - පෑ සෙනේ කෝ
කී කතා කෝ
දෙනෙත වෙහෙසයි - කඳුළු උතුරයි
ඒ සිනා කෝ
ඉවසාගනු කෙසේ සඟවලා පිරූ පැතුමන්
ළඟම ගැවසිලා පෙරදා
ඔබේමයි කියා මා - ගෙනා ආදරේ හීනේ
අතැරලා ගිහිල්ලා
හදාගන්න බෑ හිත මේ ඔබම ඉල්ලනා
මතක ඉකිගසා නොනිදා - තියාවී දුකේ මා
සදා තනිකමේ සුසුමේ - දැවෙනා ඉතින් මා
හදාගන්න බෑ හිත මේ ඔබම ඉල්ලනා