
තනූජා අලුත් වැඩක
තනූජා ජයවර්ධන මාධ්‍ය ක්ෂේත්‍රයේ අමතක කරන්න බැරි චරිතයක්. නිවේදිකාවක, වැඩසටහන් අධ්‍යක්ෂවරියක වගේම නාළිකා අධ්‍යක්ෂවරියක ලෙස ඇය මාධ්‍ය ක්ෂේත්‍රයේ දිගු ගමනක් ආවා. හිටි හැටියේම ඇය තමා සේවය කළ නාළිකාවෙන් ඉවත් වුණා. කොහොම නමුත් ඇගේ නවතම තොරතුරු සොයාබලන්නත් එක්ක අපි ඇයට කතා කළා.
'මම අලුත්ම වැඩකින් ප්‍රේක්ෂකයන් අතරට එන්නට සූදානම් වෙනවා. මම තරමක් වැඩසටහන් වලින් ඈත්ව සිටියත් මගේ ප්‍රේක්ෂකයින්ගෙන් ඈත් වෙන්නේ නැහැ. Freelance Artist කෙනෙක් විදිහට නිදහසේ වැඩ කරන්නයි මම එළියට අවේ. ඉදිරියේදී අනිවාර්යයෙන්ම ජාතික නාළිකා කිහිපයක් සමඟ මම අලුත් විදිහකට ප්‍රේක්ෂකයන් හමුවට එනවා.
සෙනෙහෙබර හේතුවක්
තෙසාරා ජයවර්ධන කවුරුත් හඳුනන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක් ලෙසයි. පසුගිය දවසක ඇය ආචාර්ය උපාධිය දිනා ගත්තා. ඒ විතරක් නෙමෙයි ඇගේ ජීවිතයේ අලුත්ම වෙනසක් පසුගිය කාලයේ සිදුවූ බව අපිට දැන ගන්නට ලැබුණා. ඒ ඇය මව් පදවිය ලැබීමයි. මේ සෙනෙහෙබර හේතුව නිසාම ඇයත් එක්ක කතාබහ කරන්නට අපි සිතුවා. 'දැන් පුතාට මාස හතක් පමණ වෙනවා. පුතාගේ නම ජෙහාර සමරසේකර. පහුගිය දවස් ටිකේම පුතා වෙනුවෙන් තමයි ලොකු අවධානයක් දුන්නේ. ඒ නිසා ටෙලිනාට්‍යවලට දායක නොවුණු තරම්. නමුත් 'ආටක නාටක'
ටෙලිනාට්‍ය සීරීස් එකට දායක වෙනවා. ඒ වගේම මොරටුව විශ්ව විද්‍යාලයේ සිසු දරුවන් කලා සංගමයක් හැදුවා. එහි අනුශාසිකාව ලෙසත් මම කටයුතු කරනවා. ඔවුන් නිර්මාණය කළ 'යුනිවර්' කියන වේදිකා නට්‍යය එදිරිවීර සරච්චන්ද්‍ර අනුස්මරණ තරගාවලියේ හොඳම නාට්‍ය 3 වැනි ස්ථානය දිනා ගත්තා. මේ දේවල් සමඟ කාලය සතුටින් ගත වෙනවා.'
හර්ෂගෙන් මැදිරියක්
චිත්‍රපට අධයක්ෂවරයෙක් ලෙස කටයුතු කරන හර්ෂ උඩකන්ද තවත් අලුත්ම වැඩකට අතගහලා කියලා අපිට දැන ගන්නට ලැබුණා. හැබැයි හර්ෂ මේ සැරේ නම් කලාව වෙනුවෙන්ම අවශ්‍ය කරන කටයුත්තකට තමයි අතගහලා තියෙන්නේ කියලයි අපිට දැන ගන්නට ලැබුණේ. කොහොම වුණත් හර්ෂ මේ ගැන අපිත් එක්ක කතා කළා.' මම සියලුම කලා නිර්මාණ වල පසු නිෂ්පාදන කටයුතු සිදු කරන්නට පුළුවන් ස්ටුඩියෝ එකක් ආරම්භ කළා. එය නම් කර තිබෙන්නේ 'HU Creations' නමින්. සංස්කරණය, වර්ණ සංයෝජනය, හඬ කැවීම, ශබ්ද සැකසීම, ඇතුළු හැම කාර්යයක්ම මේ ඔස්සේ කරගන්නට පුළුවන්. මේ වන විට මෙයින් කෙරෙන පළමු නිර්මාණ කාර්යය හැටියට 'කොළඹ සන්නිය'චිත්‍රපටයේ හඬකැවීම් සිදුවෙනවා.