ගොවි පුවත් | සිළුමිණ

ගොවි පුවත්

වස විෂෙන් තොර ගෙවතුවගාවන්ට පාසල් සිසුන් හුරු කිරිමේ වැඩ සටහනක් පාසල් මට්ටමින් ආරම්භකල බව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ගොවිජනසේවා සංවර්ධන දෙපාර්තමේන්තුව කියයි.

රජය විසින් දියත්කර ඇති වසවිස නැති ආහාර නිෂ්පාදනයට පාසල් සිසුන් දායක කර ගැනිමේ අරමුණෙන් මේ වැඩසටහන ආරම්භ කර තිබේ. මේ අනුව නොමිලේ කොම්පොස්ට් පොහොර හා බීජ ලබාදෙන අතර ඒ සදහා විධිමත් පුහුණුවක් ලබාදෙයි. ගොවිජන සේවා සංවර්ධන කොමසාරිස් එස්.පුනිදකුමාර මහතාගේ උපදෙස් මත සංවර්ධන නිලධාරි එස්.තීපරාජ් මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මේ පුහුණු වැඩසටහන් මෙහෙයවයි.මෙහිදි කොම්පොස්ට් පොහොර මිශ්‍ර කිරිම ඒවාට යෙදිම ට කටයුතු විධිමත්ව පවත්වාගෙන යෑම පිළිබද උපදෙස් ලබාදි සෑම පාසලකටම ගෙවතු වගා ආරම්භ කිරිම මෙහිදි සිදුකෙරේ.

ත්‍රි/මලය විශේෂ ඒ.ටි.එම්.ගුණානන්ද

 

 

වස විස නැති ආහාර භෝග තම ගෙවත්තේ වගාකර ගැනීමට සිසුන් උනන්දු කරවීමේ වැඩ සටහනක් නෙළුව - මැදගම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය ක්‍රියාත්මක කර ඇත.මේ පිළිබදව සිසුන් දැනුවත් කිරීම සදහා ආදර්ශ ගෙවත්තක්ද එම විදුහලේ ආරම්භ කර ඇත. ගැමි ගෙදරක්, එයට අවශ්‍ය ආම්පන්න ඇතුළුව ගෙවත්තේ වගා කටයුතු සිදුකරන ආකාරය සහ කොම්පෝස්ට් පොහොර යොදා වගාව නඩත්තු කරන ආකාරයත් මේ ගෙවත්තෙන් පෙන්වා දෙන අතර වගාව සඳහා අවශ්‍ය උපදෙස් සේවාවක්ද පාසල මඟින් පවත්වාගෙන යනු ලබයි.පාසල මඟින් ආරම්භ කර ඇති මේ ගෙවත්ත ආදර්ශයට ගනිමින් බොහෝ සිසුන් තම දෙමාපියන්ගේ සහායද ඇතිව තම නිවෙස්වල ගෙවතු ආරම්භ කර ඇති බවද විදුහල්පති සෝමරත්න ඩී.සේනානායක මහතා පවසයි.
අකුරැස්ස සමූහ - තේජා විද්‍යාරූප

 

 

 

 

දකුණේ තේ වගාවට බිබිලි අංගමාරය පැතිරිලා

 

මේ දිනවල උදේ කාලයේ පවතින මීදුම් සහිත හා පිනි සහිත කාලගුණ තත්ත්වය නිසා දකුණේ තේ වගාවේ බිබිලි අංගමාරය හෙවත් සුදු පුල්ලි රෝගය පැතිරයමින් පවතියි.සාමාන්‍යයෙන් අධික සීතල හා තද පිනි සහිත කාලගුණ තත්ත්වයන් පවතින මේ මාසවල මේ රෝගය තදින් ව්‍යාප්තවන අතර මේ රෝගය නිසා දලු තලයට හානිවීමත් අස්වැන්න අඩුවීමත් බොහෝ දුරට සිදුවේ. අධික සෙවණ නිසාද රෝගය තදින්ම ව්‍යාප්තවන නිසා මෙය මර්දනය කිරීමට තේ වගාවේ උස් හා පහත් සෙවණ ඉවත් කර හිරු එළිය ලැබීමට සැලැස්විය යුතු බවත් තේ ව්‍යාප්ති අංශ පෙන්වා දෙයි. රෝගය පැතිරයාම වළක්වා ගැනීමට සෙවන ඉවත්කිරීමට අමතරව තඹ හා වෙනත් අංශු මාත්‍ර පෝෂක අඩංගු වන කොපර් ටී සහ මයික්‍රො කොපර් ටී වතුරට මිශ්‍රකර දලු තලයට ඉසින ලෙසද තේ කම්හල් හිමියන් දලු සපයන්නන්ට උපදෙස් දී ඇත.

අකුරැස්ස සමූහ - තේජා විද්‍යාරූප

Comments