BOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD

 ‍රිතික් - සුසෑන් යළි යුග දිවියට ?

රිතික් රෝෂන් - සුසෑන් ඛාන් යුග දිවිය දෙදරා ගියේ මීට අවුරුදු 3 කට කලින් බොලිවුඩ්පුරයේ බලගතු යුවළක් හැටියට පෙනි සිටි මේ දෙදෙනාගේ වෙන්වීම ගැන කවුරුත් දුක් වුණා. නීතියෙන් ම වෙන් වූ රිතික් සහ සුසෑන්, යළි එක්වීමේ ඉඩක් ඒ දිනවල තිබුණේ නැහැ.

කාලය දිනෙන් දින ගෙවි යද්දී රිතික් සහ සුසෑන් යළි හමුවෙන්නට පටන් ගත්තා. ඒ, දෙදෙනාගේ උපන්දින සාදවලදීයි. රිතක්ගේ උපන්දිනයට සුසෑන් නොවැරදීම පැමිණියා. සුසෑන්ගේ උපන්දිනයටත් රිතික් එක්වුණා. මේ හැම විටම දෙදෙනාගේ දරුවන් ද එකතු වුණේ හරිම සතුටකින්.(සුසෑන්ගෙන් වෙන් වු පසුව දරුවන් දෙදෙනා රිතික් සමඟයි රැඳී සිටින්නේ) විශේෂයෙන් ම බොලිවුඩ් මාධ්‍යවලට එය කදිම පුවතක් බවට පත් වුණා.

පසුගිය සතියේ බොලිවුඩ්පුරයෙන් වාර්තා වුණේ මේ සුපිරි යුවළ ගැන තවත් උණුසුම් පුවතක්. රිතික් - සුසෑන් යළි විවාහ වීමට බලාපොරොත්තු වෙනවා කියලයි එහි සටහන් වුණේ. රිතික්ටත් සැසෑන්ටත් දැන් ඕනෑ යළි අලුත් ගමනක් ආරම්භ කරන්නලු. වෙන්වීම නිසා අසරණ වූ දරුවන් ගැන සිතා යළි විවාහවීමේ අදහසක් දෙදෙනා තුළ පවතින බවයි, මේ උණුසුම් ආරංචියෙන් කි‍යවෙන්නේ.

පසුගිය දා රිතික්ගේ 44 වැනි උපන් දිනය යෙදී තිබුණේ ඒ වෙනුවෙන් පැවැත්වුණු සාදයටත් සුසෑන් පැමිණ සිටියා. තමන්ගේ යෙහෙළියන් කිහිප දෙනකු සමඟ පැමිණි සුසෑන්, බොහෝ වේලාවක් රැඳී සිටියා. ඒ විතරක් නොවෙයි. උපන්දින සාදයට පැමිණෙන්නට කලින් රිතක් වෙත උපන්දින සුබ පැතුමක් එවු සුසෑන්, එහි මෙලෙසද සටහන් කර තිබුණා “........ඔබ හැමදාම මගේ ජීවිතයට හිරු මෙන් ආලෝකය ලබා දුන්නා....හැමදාම මට ආලෝකය ලබා දෙන්න. ..!”

කිසිම සැකයක් නැහැ, රිතික් ගෙන් ඒ ආලෝකය, රැකවරණය සුසෑන්ට ලැබේවි. ජනප්‍රිය නිළියක වන කන්ගනා රනවුත් සහ රිතික් අතර පැන නැඟුණු ආරවුලේදී පවා රිතික් වෙනුවෙන් සීමාරහිතව පෙනී සිටි සුසෑන් ව අමතක කරන්නට රිතික්ට හැකිවන එකක් නැහැ.


විද්‍යාට ඉර්ෆාන්ට ජය

බොලිවුඩ් සිනමාව වර්ණවත් කළ තවත් ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළෙලක් පසුගිය 20 දා මුම්බායි නුවර NSCIප්‍රේක්ෂකාගාරයේදී පැවැත්වුණා. 63 වැනි වරටත් පැවැත්වුණු මේ සම්මාන රාත්‍රියේදී 2017 වසරේ හොඳම නිළිය ලෙස ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මානයෙන් පිදුම් ලැබුවේ ‘තුම්හාරි සුලු’ චිත්‍රපටයේ රඟපෑ විද්‍යා බාලන්. හොඳම නළුවාට හිමිවන සම්මාන දිනා ගත්තේ ‘හින්දි මීඩියම්’ චිත්‍රපටයේ රඟපෑ ඉර්ෆාන් ඛාන් 2017 වසරේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනුවේ ‘හින්දි මීඩියම්’ චිත්‍රපටයයි. හොඳම ජනප්‍රිය චිත්‍රපටය ලෙස එම සිනමා නිර්මාණය සම්මාන දිනා ගනිද්දී වසරේ හොඳම චිත්‍රපටයට හිමිවන විචාරක සම්මානය හිමි වුයේ ‘නිව්ටන්’ චිත්‍රපට‍යටයි.

මෙවර ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් පුද ලද සෙසු තරු පිරිවර

*හොඳම නළුවා (විචාරක සම්මානය) – ‘ට්‍රැප්ඩ්’ චිත්‍රපටයේ රඟපෑ රාජ් කුමාර් රාඕ

*හොඳම නිළිය ( විචාරක සම්මානය ) – ‘සීක්‍රට් සුපර්ස්ටාර්’චිත්‍රපටයේ රඟපෑ සයිරා වසීම්

*හොඳම අධ්‍යක්ෂ - ‘බාර්ලි කි බාෆි’චිත්‍රපටයේ අධ්‍යක්ෂ අශ්විනි අයියර් තිවාරි.

හොඳම සහය නළුවා - රාජ් කුමාර් රාඕ (චිත්‍රපටය - ‘බාර්ලි කි බාෆි’)

• හොඳම සහය නිළිය - මෙහර් විජ් ( චිත්‍රපටය - සීක්‍රට් - සුපර් ස්ටාර්)

• *හොඳම පසුබිම් ගායක - අර්ජිත් සිං ( චිත්‍රපටය - ‘බඩ්රිනාත්- කි දුල්හානියා’.

• * හොඳම පසුබිම් ගායිකා - මෙග්නා මිෂ්රා ( චිත්‍රපටය- ‘සීක්‍රට් සුපර් ස්ටාර්’)

• *හොඳම ගීත ඇල්බමය - ‘ජග්ගා ජාසුස්’ චිත්‍රපටය වෙනුවෙන් ගීත නිර්මාණය කළ ප්‍රීතම්.


ශාරුක් ලෝක ආර්ථික සංසදයේ

ලෝකයේ සියලුම රාජ්‍ය නායකයන් ‘මී ටු මුව්මන්ට්’( Me too Movcment) නම් වූ වැඩ පිළිවෙළ ප්‍රවර්ධනය කිරීමට සහයෝග දිය යුතු යැයි සුපිරි නළු ශාරුක් ඛාන් පසුගිය දා පැවැති ලෝක ආර්ථික සංසදය අමතමින් ප්‍රකාශ කළා. මෙම සංසදයේ ජගත් සමුළුව පැවැත්වුණේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදීයි.

එහිදී ශාරුක්,ක්‍රිස්ටල් සම්මානයෙන් පිදුම් ලැබු‍වා මේ සම්මානය ඔහුට පිරිනැමුණේ බොලිවුඩ් සිනමාවට මෙන්ම පීඩනයට ලක්වන කාන්තා පරපුර වෙනුවෙන් ඔහු විසින් කරන ලද අනගි මෙහෙය වෙනුවෙන් ශාරුක් ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මියර් පදනම ඔස්සේ තමයි ලොව පුරා අසරණ භාවයට,පීඩනයට පත් කාන්තාවන්ගේ අභිවෘද්ධියට කටයුතු කරන්න. ‘මී ටු මුව්මන්ට්’ ව්‍යාපාරය ක්‍රියාත්මක වන්නේ කාර්යාල තුළ , වැඩ බිම් තුළ සේවය කරන කාන්තාවන් ලිංගික හිංසනයෙන් මුදවා ගන්නටයි.

“මේ හිරිහැර ඇමරිකාව තුළ වගේම වෙනත් රටවලත් සිදුවෙනවා. මම හිතන්නේ ලෝක නායකයන් මේ තත්ත්වය තේරුම් ගෙන ‘මී ටු මුව්මන්ට්’ ව්‍යාපාරයට සහයෝගය දිය යුතුය කියලයි. එමඟින් කාන්තාවන් රැක ගත යුතුය කියලයි. ශාරුක් , ලෝක ආර්ථික සංසදයට සහභාගි වූ ලෝක නායකයන් අමතමින් පැවසුවා. 

 

Comments