
සුදු අඟුරු
නිල් නිලුපුල් දෑසින් - වෑහෙනා ප්‍රේම කඳුලින්
මා හිත තෙත් කෙරුවේ ආදරේ රහස කියමින්
මට මුළු ලෝකේ ජයගන්න ඕන
ඔබ සෙවණැල්ල වී ඉන්න ඕන//
සුන්දර බව ලෝකේ -
වැටහුණේ සිතට ඔබගෙන්//
මගේ ජීවිතේ හැඩය ඔබවත් කලේ-
ඔබ ඇන්ද ආදරයේ ඡායා
හිත අස්සේ කිති කැවෙන මගේ ආදරේ -
ඔබේ හිතට දැනෙනවද මන්දා
ආදරේ ඉව දැනුනට අපේ හිත්වටා-
සිහිනයක් වෙන්න නම් දෙන්නෙපා
මට මුළු ලෝකේ ජය ගන්න ඕනේ
ඔබ සෙවණැල්ල වී ඉන්න ඕනේ//
සුන්දර බව ලෝකේ -
වැටහුණේ සිතට ඔබගෙන්//
ජී නන්දසෙන අධ්‍යක්ෂණය කළ ‘සුදු අඟුරු‘ ටෙලි නාට්‍ය මේ දිනවල කාඅතරත් කතාබහට ලක්වෙලා. කසුන් සමීර නිෂ්පාදනය කළ සුදු අඟුරු තේමා ගීතය හැඩ වෙන්නේ උදේශ් ඉන්දුල සහ කල්පනා කාවින්දිගේ මියුරු හඬින්. කතාවට වගේම තේමා ගීතයටද බොහෝ පිරිසක් ඇලුම් කරනවා. සිඩිනි චන්ද්‍රෙසකර තමයි සුදු අඟුරු තේමා ගේය පදවැල් බොහොම අපූරුවට ගෙත්තම් කරලා තියෙන්නෙ.
ඒ නිසාම සුදු අඟුරු තේමා ගීතය කියැවෙන අරුත දැනගන්නට අපේ කතාබහට ඔහුව එකතු කරගත්තා. මේ ඒ පිළිබඳ ඔහු අපට කියූ අදහසයි.
ඇත්තටම මීට පෙර මා ටෙලි නාට්‍ය කිහිපයකටම තේමා ගීත රචනා කළා. සුදු අඟුරු ඒ අතර සුවිශේෂයි. ඔබට පේනවා නමේ අරුතින්ම මෙය ටිකක් වෙනස් විදිහේ ටෙලිනාට්‍යක් කියලා.
කතිවට කියනවා ඕනෑම සාර්ථක මිනිසෙකු පිටුපස සිටින්නේ හොඳ බ්රිඳක්,කාන්තාවක් කියලා. මෙය විවාහපත්වුණු යුවලක් අතර නෙමෙයි ආදරවන්තයෙක්, ආදරවන්තියෙක් අතර වෙන්නත් පුළුවන්.
සමහර දඩබ්බර, ආවේගශීලී පිරිමින් ඒ තත්වයෙන් මුදවා ලන්නට හොඳ බිරිඳකට හොඳ ආදරවන්තියකට පුළුවන්. මේ කතාවේ එන ප්‍රධාන චරිතයද එහෙමයි. නමුදු ඇයට පෙම්කරනා ප්‍රේමවන්තිය උත්සාහ දරන්නේ ඇගේ ආදරයෙන් ඔහුව හොඳ මගට ගන්නටයි. එසේම ඇගේ ලෝකය ජයගන්නට ඔහුගේ ආදරය ඇය බලාපොරොත්තු වෙනවා. කොතරම් දඩබ්බර වුවද ඔහුගේ ලෝකය ජයගන්නට ඇයගේ ආදරය ඔහු අපේක්ෂා කරනවා.
ඒ නිසා ආදරය කියන්නේ බොහොම සොඳුරු මෙන්ම ඕනෑම කෙනෙකු යහමඟට ගැනීමට හැකි මහා ඔසුවක් කියලා ප්‍රේක්ෂක ඔබට වැටහෙනවා ඇති. සුදු අඟුරු තේමා ගීතයෙන් ප්‍රේක්ෂක ඔබට අවැසි වූ පණිවිඩය එයයි.