පොහොර නිසා අර්බු­ද­ය­කට පැට­ලෙන රුසි­යානුවෝ | Page 3 | සිළුමිණ

පොහොර නිසා අර්බු­ද­ය­කට පැට­ලෙන රුසි­යානුවෝ

රුසියාවේ ආර්ථිකයට කෘෂිකර්මාන්තයෙන් ලැබෙන අත්වැල පිළිබඳ විග්‍රහ කිරීම පහසු නැත. විවිධ කණ්ඩායම් සහ විවිධ විශ්ලේෂකයන් විවිධ වකවානුවලදී විවිධ සොයා බැලීම් කර තිබේ. විශාලත්වයෙන් හා ප්‍රමාණත්වයෙන් වැඩි භූමි ප්‍රමාණයක් හිමි රුසියානුවෝ විවිධකාර ගොවිතැන්වල නිරතවෙති. මින් ප්‍රධාන තැනක් හිමිවන්නේ ධාන්‍ය සඳහාය. රුසියාවේ බොහෝ ප්‍රාන්තවල වැසියෝ ධාන්‍ය නිෂ්පාදනයේ නිරතවී සිටිති. මෙය ඉතාමත් සාර්ථකව කරගෙන යන අතර රුසියන් වැසියෝ වැඩි දෙනෙකු ධාන්‍ය වගා කරන්නේ තමන්ගේ නිවස අවටය. නිවස අවට කුඩා ගොවි බිමක් පවත්වාගෙන යන රුසියන් වැසියෝ හරකුන් මෙන්ම කුකුළන් ද ඇති කිරීමේ නිරත වෙති. මේ නිසා තමන්ගේ ආහාරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ තම ගෙවත්‍ෙතෙන්ම සපයා ගන්නා අතර ක්‍රමවත් ආහාර රටාවකට ඔවුහු හුරුවී සිටිති.

ධාන්‍ය පෝෂ්‍ය ගුණයෙන් වැඩි බවත්, ඉන් ලැබෙන ඉහළ ගුණත්වය නිසාත්, බොහෝ රුසියානුවෝ කුමන හෝ ධාන්‍ය වර්ගයක් තමන්ගේ ගෙවත්තේ වගා කිරීමට උනන්දු වෙති.

කාර්යය බහුල තත්ත්වය නිසා බොහෝ වැසියෝ ගොවිතැනින් ඈත් වුණ ද ඒ ප්‍රශ්න බාධාවකවලට මුහුණ දෙමින් ගොවිතැන පවත්වාගෙන යන්නෝ ද වෙති. වර්තමානයේ රුසියාවේ වගාකරුවන්ට ඇති ප්‍රබලම ප්‍රශ්නය පොහොර මිලයි.

පොහොර මිල සහ කෘෂි අමුද්‍රව්‍යවල මිල දිගින් දිගටම ඉහළ යාම නිසා බොහෝ වගාකරුවෝ මැසිවිලි නඟති. නොයෙක් කණ්ඩායම් උද්ඝෝෂණවල නිරත වූවත් පොහොර සඳහා නිසි විසඳුමක් මේ වන විටත් නොලැබී ඇත.

එක් එක් ප්‍රාන්තවලට එක් එක් ප්‍රශ්න තිබුණත්, පොදුවේ සියලු ප්‍රාන්ත සඳහා පොදු වූ එකම ප්‍රශ්නය පොහොර ප්‍රශ්නය ලෙස නම් කළ හැකිය.

සෑම රුසියානුවකුම පොහාර සඳහා අර්බුදයට මුහුණ පා ඇති අතර මෙයට හේතුව විශාල ජනතාවක් ගොවිතැනට යොමු වී ඇති බව යැයි විශ්ලේෂකයෝ පවසති.

සමාගම් වශයෙන් ගොවි ව්‍යාපාරවල නිරත වී සිටින්නෝ ද බොහෝ වෙති.ගොවි සමාගම්වලට පොහොර ප්‍රශ්නයක් නැත. මහා පරිමාණයේ ගොවි සමාගම්වලට පොහොර සපයා ගන්නේ රජයේ මැදිහත් වීමෙනි. මේ සමාගම් විශාල වශයෙන් පොහොර ලබා ගන්නා අතර නවීන පන්නයේ යන්ත්‍ර සූත්‍ර යොදමින් වගා බිම්වලට පොහොර යෙදීමේ නිරත වී සිටියි. යන්ත්‍රය වගාවන්ට පොහොර සපයන්නේ එකහා සමාන ප්‍රමාණයකිනි. පොහොර අපතේ යෑම් මේ නිසා අඩු වෙන අතර සමාන ප්‍රමාණයට පොහොර වැටේ.

එහෙත් ගෘහාශ්‍රිතව ‍වගා කරන කුඩා ගොවි පොළවල පොහොර යෙදීමේදී ඇතැම් විට නියමිත පොහොර මාත්‍රාවෙන් බැහැර වීමට සිදු වේ.

මෙවැනි අවස්ථාවල පොහොර වැඩි අඩු වන අවස්ථා ද ඇත. එහෙත් ක්‍රමවත්ව පොහොර යොදන්නට හුරුපුරුදු වූවෝද නැතුව නොවේ. මෙයට හේතුව එකිනෙකා වගාව කෙ‍රෙහි දක්වන උනන්දුවයි.

එකිනෙකාගේ කැමැත්ත හා උනන්දුව මත වගාවට යොදන කාල ප්‍රමාණය ද වෙනස් වේ. රුසියන් වැසියෝ වැඩි කැමැත්තක් ධාන්‍ය සඳහා දක්වන අතර ඔවුහු ධාන්‍ය නිෂ්පාදන සඳහා වැඩි කාලයක් ද වැය කරති.

මේ අනුව රුසියානුවගෙන් සියයට හැටක් පමණ ධාන්‍ය නිෂ්පාදනයේ නියුක්ත වන අතර රුසියාවට අවශ්‍ය ධාන්‍යවලින් වැඩි ප්‍රමාණයක් එහි වැසියෝ සපයා ගනිති. මේ නිසා කිසිවිටකත් ධාන්‍ය හිඟයකට ඔවුන් මුහුණ පා නැත.

 

විශාල පරිමාණයෙන් ධාන්‍ය වගා කරන්නෝ අතිරික්තය පවා හිඟ කාල සඳහා ගැනීම ‍උදෙසා ගබඩා කර තබති. එහෙත් එහි කිසිදු පලක් නැති වන්නේ ඔවුන් විධිමත් ගබඩා පහසුකම් නොයෙදූ විටය. රුසියානුවෝ ගබඩා ක්‍රම තමන්ගේම නිවෙස්වල සාදා ගැනීමට පුරුදු වී සිටිති. විශාල අතිරික්ත සුරක්ෂිත කිරීමට විශාල ගබඩා නොමැති අවස්ථාවල ධාන්‍ය අපතේ යාම් ද සිදු නොවන්නේ ද නොවේ.

මේ නිසා ගෙවතුවල වගා කරන ධාන්‍යවල සඳහා ගෙවතුවලම ධාන්‍ය ගබඩා සාදා ගැනීමට රුසියානුවෝ හුරුව සිටිති. මේ ගබඩා තාක්ෂණික වශයෙන් විධිමත් නොවූවත්, ඔවුන්ගේ අවශ්‍යතාව පිරිමසා ගැනීමට සෑහේ.

 

 

තේ කර්මාන්තයේ වර්ධනයක්

 

 

තේ කර්මාන්තය විසින් ශ්‍රී ලංක‍‍ාවේ සමස්ත ආර්ථිකයට දෙන දායකත්වය ඉතා වැදගත් වන අතර එමඟින් සැලැකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලබා දෙමින් විශාල ප්‍රමාණයකට රැකියා හා ව්‍යාපාර අවස්ථා උදාකර ඇත. 2017 වර්ෂයේදී සමස්ත නිමි තේ නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් මිලියන 307.4 වන අතර එය 2016 වර්ෂයේ දී කිලෝ ග්‍රෑම් මිලියන 292 ක් ලෙස සටහන් වී තිබුණි. ඒ අනුව 2017 වසරේ නිමි තේ නිෂ්පාදනය 2016 වසරට සාපේක්ෂව 5% ක වර්ධනයක් පෙන්නුම් කරයි. රජය විසින් පසුගිය කාලය තුළ ක්ෂේත්‍රයට ලබා දුන් මුල්‍යාධාර, තේ වගාවේ යෙදවුම් සඳහා ලබා දුන් සහනාධාර, ධානාත්මක ව්‍යාප්ති සේවා සහ රටේ පැවැති යෝග්‍ය කාලගුණික තත්ත්වයන් මේ සඳහා දායක වී ඇත.

1017 වර්ෂයේදී නිමි තේ කිලෝ ග්‍රෑම් මිලියන 289ක් අපනයනය කර ඇති අතර එයින් ලැබූ ආදායම රු. බිලියන 233ක් හෙවත් ඇමරිකානු ඩොලර් බිලියන 1.52 ක් වේ ඒ අනුව නැව් ගත කිරීමට පෙර මිල (FOB) කිලෝ ග්‍රෑම් 1 ක් සඳහා රු. 807.44ක් හෙවත් අමෙරිකානු ඩොලර් 5.2ක් වේ.

2017 වර්ෂයේ අපනයනය කළ තේ ප්‍රමාණය 2016 වර්ෂයේ අපනයනය කළ තේ ප්‍රමාණයට වඩා කිලෝ ග්‍රෑම් 213,587ක වැඩි වීමක් දක්නට ලැබෙන අතර එය 2016 ට සාපේක්ෂව 0.07%ක වර්ධනයකි. 2017 වර්ෂයේ තේ අපනයනයෙන් ලැබූ සමස්ත ආදායම 2016 වසරට සාපේක්ෂව 26.28%කින් වර්ධනය වී ඇත.

2017 වසර තුළදී “කොළඹ” තේ වෙන්දේසියේදී ලෝකයේ අනෙක් තේ අපනයනය කරන රටවල තේ වෙන්දේසිවලදී ලැබූ මිලට වඩා ඉහළ මිලක් තේ සඳහා ලබා ගත හැකි වූ අතර එය කිලෝ ග්‍රෑම් 1ක් සඳහා අමෙරිකානු ඩොලර් 4.07 ක් ලෙස වාර්තා විය.

2016 වර්ෂයේදී එලෙස ලැබූ ඉහලම මිල තේ කිලෝ ග්‍රෑම් 1ක් සඳහා අමෙරිකානු ඩොලර් 3.19ක් ලෙස සටහන් වී තිබුණි. 2017 වර්ෂයේදී “චිතගොන්” තේ වෙන්දේසියේදී තේ කිලෝ ග්‍රෑම් 1ක් සඳහා ලැබූ සාමාන්‍ය මිල ඇමරිකානු ඩොලර් 2.6 සිට ඇමරිකානු ‍ඩොලර් 2.4 දක්වා පහල බැස තිබු අතර, “කල්කටා” තේ වෙන්දේසියේදී තේ කිලෝ ග්‍රෑම් 1ක් සඳහා ලැබූ සාමාන්‍ය මිල අමෙරිකානු ඩොලර් 2.42 සිට අමෙරිකානු ඩොලර් 2.46 දක්වා ඉහල ගොස් තිබුණි. “මොම්බාසා” තේ වෙන්දේසියේදී තේ කිලෝ ග්‍රෑම් 1 ක් සඳහා ලැබූ සාමාන්‍ය මිල ඇමරිකානු ඩොලර් 2.28 සිට අමෙරිකානු ඩොලර් 2.82 දක්වා ඉහළ ගොස් තිබුණි.

මේ දත්තයන් අනුව 2017 වර්ෂයේ ලෝකයේ සියලුම තේ වෙන්දේසිවල මිල අභිබවා තේ කිලෝ ග්‍රෑම් 1 ක් සඳහා ලැබූ සමාන්‍ය විකුණුම් මිල ඩොලර් 4.07ක් ලෙස වාර්තා වීම 2017 වර්ෂයේදී අප ලැබූ ජයග්‍රහණයක් වේ.

ශ්‍රී ලංකාවේ තේ අපනයන ආදා‍යමෙන් 85%ක් පමණ ප්‍රමාණයක් රටවල් 20 කට පමණ අපනයනය කරනු ලබන තේ වලින් ලැබෙන අතර 2017 වසරේදී ලංකාවේ තේ මිලදී ගත් ප්‍රධානතම ගැනුම්කරු ලෙස “තුර්කිය” වාර්තා වේ.

තුර්කිය වෙත අපනයනය කර ඇති. තේ ප්‍රමාණය කිලෝ ග්‍රෑම් මිලියන 35.5 කි.

 

ඉරාකයට කිලෝ ග්‍රෑම් මිලියන 31.4ක් ද, රුසියාවට කිලෝ ග්‍රෑම් මිලියන 31ක්ද, ඉරානයට කිලෝ ග්‍රෑම් මිලියන 27 ක් ද, වශයෙන් ශ්‍රී ලංකාව තේ අපනයනය කර ඇත. 2016 වර්ෂයට සාපේක්ෂව සමස්ථ තේ අපනයනය 2017 වර්ෂයේදී 1.47%කින් වර්ධනය වී ඇත. එයින් ලැබූ සමස්ත ආදායම 2016 වර්ෂයට සාපේක්ෂව 29%කින් වර්ධනය වී ඇත. 

රූපාන්ති බුලත්සිංහල

Comments