
තිබ්බොටු කියන්නේ ඉතාමත් ගුණදායී කෑමක්. තිබ්බොටු මැල්ලුමක් වගේම, තිබ්බොටු හාල් මැස්සෝ දාලා හැදුවහම හුඟක් රසයි. කවුරුත් එතරම් ගණන් ගත්තේ නැති වුණාට තිබ්බොටුවල තියෙන ගුණ ඇහුවෝත හොය හොය කන එක නම් නො අනුමානයි. තිබ්බොටු මඟින් රුධිරය පිරිසුදු කරන අතර පෙණහලු ආශ්‍රිත රෝග සුවපත් කිරීමේ හැකියාව තියෙනවා.
ඇඹිලියාවලට කවුරුත් කැමැති නැහැ. ඒත් අපි නොසිතන ගුණයක් ඇඹිලියාවල තියෙනවා. අකලට හිස කෙස් පැසීම, මෙන්ම අධි රුධිර පීඩනය ද වළක්වා ලනවා. ඇඹිලියාවල ප්‍රතිඔක්්සිකාරක ගුණය නිසා හෘද රෝග මෙන්ම හෘදය ආශ්‍රිත රෝග ද සුවපත් කරනවා. එමෙන්ම පිළිකා සෛල වර්ධනය හීන කිරීමේ ගුණය මේ පලතුරේ අඩංගු බැවින් මේ පලතුරු වැළඳීමෙන් දැරුණු රෝගවලින් අත්මිදීමේ හැකියා ඇත.
ඔබ දන්නේ ගෝවා රසයට කන්න විතරයි. කන්නම විතරක් ගෝවා හොඳයි කියලා දැන සිටීම පමණක්ම මදි. මේ නිසා ඔබේ දැනුමට මේ ටිකකත් එක් කරගන්න. ඔබේ සිරුරේ තැළීමක් ඇති වුණ විට ගෝවා කොළයක් ඒ මත තබා බඳිින්න. එවිට ඉදිමුම අඩුවේ. ඒ විතරක් නෙවෙයි ඔබට අධික හිසරදය නම් හොඳින් සෝදා ගත් ගෝවා කොළයක් නළල මත තබා ගෙන විනාඩි විස්සක් පමණ සිටින්න. එවිට ඔබ නොසිතූ සහනයක් ඇති වේ.
ඔබ දන්න විදිහට කෙසෙල් ගුණයි. ඒත් කෙසෙල් රූපලාවණ්‍යට හොඳයි කියලා අපි නැවත වරක් මතක් කරනවා. හොඳින් ඉඳුණු කෙසෙල් ගෙඩියක් පොඩි කර භාජනයකට දමා ඊට නැවුම් කිරි මේස හැන්දක් ඊටම ලෙමන් යුෂ මේස හැන්දක් දමන්න. දැන් හොඳින් කවලම් කරගෙන පුළුන් කැබැල්ලක් මඟින් මුහුණේ ගාගන්න. විනාඩි විස්සකින් පසු හොඳින් සෝදා හරින්න. මුහුණට නැවුම් බවක් ඇති වේ.
ගෙදරට වැටකොළු ගෙනාවාම හොඳින් කිරිදාලා උයන්න. ඒ වගේම මතක තියාගන්න වැටකොළු ලෙලි ටික අරන් තියන්න. වැටකොළු ලෙලි ජලයෙන් තම්බා හොඳින් ජලය සිදෙන්න අරින්න. ඉන් පසු ඊට ලූනු උම්බලකඩ, මිරිස්, අමුමිරිස් දමා රසවත් සම්බෝලයක් සාදා ගන්න. අද ගෘහණියන්ට මේ වගේ කෑම අමතක වෙලා. ඒත් මතක තියාගන්න. මේවාගේ කෑම රසමෙන්ම ගුණාත්මක බව ද ගෙනදෙයි.
අමායා රසාදරී