ඔබ ළඟ ඇති රන් කහ­වණු | සිළුමිණ

ඔබ ළඟ ඇති රන් කහ­වණු

වයස අවුරුදු 15 ට වැඩි පොල් වගාවක ගම්මිරිස් මනාව වගා කළ හැකි ය.සෑම පොල් පේළි දෙකක් අතර ම අඩි 08 ක පරතරයක් සිටින සේ ගම්මිරිස් පැළ සිටුවීම නිර්දේශයයි. අවුරුදු 25ට වඩා වයස ඇති පොල් ගස් ද ආධාරකය ලෙස යොදා ගෙන ගම්මිිරිස් වැවිය හැකි ය. පොල් ගසේ පහසු උසකට ගම්මිරිස් වැල නැගීමට ඉඩ සැලැස්විය යුතු අතර ගසේ අග්‍රස්ථයට වැල් ළඟා වීමට ඉඩ නොදිය යුතු ය.

 

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපනයන කෘෂි භෝග ප්‍රවර්ධනය සඳහා ස්ථාපිත කර ඇති ප්‍රධානම රාජ්‍ය ආයතනයයි. එමගින් අපනයන කෘෂි භෝග සම්බන්ධව පර්යේෂණ කිරීම, වගා කටයුතු සදහා ගොවීන්ට අවශ්‍ය දැනුම හා සම්පත් ලබාදෙමින් ව්‍යාප්ති සේවා කිරීම, උසස් තත්ත්වයේ අපනයන කෘෂි භෝග පැළ හා රෝපණ ද්‍රව්‍ය සැපයීම, ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් පුහුණු කිරීම, පොහොර භාවිතයට අදාළ දැනුම්වත් කිරීම් සිදු කිරීම හා අපනයනට සම්බන්ධ අලුත් කෘෂි බෝග සම්බන්ධයෙන් සොයා බැලීම සිදු කෙරෙයි.

ඉන්දියන් සාගරයේ මුතු ඇටය යනුවෙන් හඳුන්වන ශ්‍රී ලංකාවෙහි භෝග වගාවන් වර්තමානයේ දී පර්යේෂණ මට්ටමින් සිදු කරනු ලබයි. ඒ මන්ද යත් ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වලට අනන්‍ය වු භෝග වගාවලින්් ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට හැකි වන නිසා ය. අපනයන කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුව තුළින් ලක්දිවට ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ද උරුම කර ගැනීමට පුළුවන. පහත දැක්වෙන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පර්යේෂණ මට්ටමින් සිදු කරන ලද භෝග වගාවන් පිළිබද තොරතුරු කිහිපයකි.

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපනයන කෘෂි භෝග ප්‍රවර්ධනය සදහා ස්ථාපිත කර ඇති ප්‍රධානම රාජ්‍ය ආයතනයයි. එමගින් අපනයන කෘෂි භෝග සම්බන්ධව පර්යේෂණ කිරීම, වගා කටයුතු සදහා ගොවීන්ට අවශ්‍ය දැනුම හා සම්පත් ලබාදෙමින් ව්‍යාප්ති සේවා කිරීම, උසස් තත්ත්වයේ අපනයන කෘෂි භෝග පැළ හා රෝපණ ද්‍රව්‍ය සැපයීම, ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් පුහුණු කිරීම, පොහොර භාවිතයට අදාළ දැනුම්ිවත් කිරීම් සිදු කිරීම හා අපනයනට සම්බන්ධ අලුත් කෘෂි භෝග සම්බන්ධයෙන් සොයා බැලීම සිදු කෙරෙයි.

කහ වගාව උද්භිද විද්‍යාත්මකව ( Curcuma Domestica) ලෙස හඳුන්වනකහ භෝගය සින්ජිබරේසියේ කුලයට අයත් වේ. පිළිකා නාශක ගුණයකින් යුත් කහ සඳහා ඉහළ ආර්ථික වටිනාකමක් ඇති අතර ආහාර සැපයීමේ දී ද, විෂබීජ නාශකයක් හා ආයුර්වේද ඖෂධයක් මෙන් ම රෙදිපිළි වර්ණ ගැන්වීම සඳහා ද , රූපලාවන්‍ය කටයුතු සඳහා ද බහුලව භාවිතා වේ.

දේශීය පරිබෝජනය සඳහා වසරකට වියළි මෙට්ට්‍රික් ටො. 6800 ක් පමණ අවශ්‍ය වේ. 2009 වසරේදී ද දේශීය අමු කහ නිෂ්පාදනය මෙ. ටො.7747 ක් පමණ වු අතර දේශීය අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා වියළි කහ මෙ. ටො 4200 ක් පමණ ආනයනය කිරීමට රු මිලියන 543 ක් පමණ වැය කර තිබේ. කුරුණෑගල , මහනුවර , මාතලේ, ගම්පහ , කොළඹ, කෑගල්ල, නුවරඑළිය, කළුතර, ගාල්ල, මාතර, බදුල්ල, රත්නපුර, මොනරාගළ, පොලොන්නරුව, අම්පාර, ජල සම්පාදනය යටතේ වියළි කලාපයේ තෝරා ගත් ප්‍රදේශවල හා අතරමැදි කලාපයේ ද වගා කළ හැකි ය.

අමු කහ, වියළි කහ කුඩු , වියළි කහ පෙති, සහ කහ ඔලියොරෙසීන, කහ තෙල් කහ නිෂ්පාදන ලෙස හඳුන්වා දිය හැකිය.

කහ නිෂ්පාදනයන් සඳහා අපනයන කෘෂිකර්ම, දෙපාර්තමේන්තුවෙන් සපයන සේවා වන්නේ බෝග වගාව සහ නිෂ්පාදන සැකසීම පිළිබඳ නොමිලේ තාක්ෂණික උපදෙස් ලබා දීම හා කහ බීජ අල කිලෝ 1ක් සඳහා රු 30 බැගින් කිලෝ 750ක උපරිමයක් දක්වා ආයෝජන ආධාර ලබා දීම වේ.

පොල් වගාවේ අතුරු භෝගයක් වශයෙන් ගම්මිරිස් සුදුසුයැයි පර්යේෂණ මඟින් තහවුරු කර ඇති පරිදි පොල් වගාවක ඇති ඉඩකඩෙන් අස්වනු සඳහා ප්‍රයෝජනවත් වන්නේ 30% ක පරිසරයකි. මේ අනුව ඉතිරි 70% ක් වු භූමිය පොල් වගාවට හිතකර අතුරු වඟා සඳහා එලදායීව යොදා ගත හැකි ය.මේ සඳහා ගම්මිරිස් ඉතා යෝග්‍ය භෝගයකි.මෙමඟින් ඉඩමේ එලදායීතාව ඉහළ යෑම, ආදායම තුන් ගුණයකින් වැඩි වීම හා ශ්‍රමය කාර්යක්ශමව භාවිතා කළ හැකි වීම ද විශේෂ වාසි වේ.තව ද ගම්මිරිස් ආධාරක ශාකයේ කොළ පොහොර පොල් වගාව සඳහා ද යෙදිය හැකි අතර පොල් අස්වැන්නේ කාලීනව අඩු වන ආදායම් අවදානම පිටු දැකීමට ද මනා පිටුවහලක් ගම්මිරිස්වලින් ලැබේ.

වයස අවුරුදු 15ට වැඩි පොල් වගාවක ගම්මිරිස් මනාව වගා කළ හැකි ය.සෑම පොල් පේළි දෙකක් අතර ම අඩි 08 ක පරතරයක් සිටින සේ ගම්මිරිස් පැළ සිටුවීම නිර්දේශයයි. අවුරුදු 25ට වඩා වයස ඇති පොල් ගස් ද ආධාරකය ලෙස යොදා ගෙන ගම්මිරිස් වැවිය හැකි ය. පොල් ගසේ පහසු උසකට ගම්මිරිස් වැල නැගීමට ඉඩ සැලැස්විය යුතු අතර ගසේ අග්‍රස්ථයට වැල් ළඟා වීමට ඉඩ නොදිය යුතු ය. සාමාන්‍ය යෙන් වසර තුනකදී පමණ අස්වනු ලබා දීම අරඹන ගම්මිරිස් වසර 30 ක පමණ කාලයක් ආදායම් ගෙන දේ.

පොල් අක්කර 1 ක ගම්මිරිස් වැල් 294 ක් පමණ වගා කළ හැකි අතර වසරකට එක් වැලකින් කි.ග්‍රෑ. 03 ක ( වියළි) අස්වැන්නක් අපේක්ෂිත ය.තෙත් හා අතරමැදි කලාපයේ පොල් වගා සඳහා ගම්මිරිස් නිර්දේශ කරනු ලබයි. නමුත් වියළි කලාපයේ මනා ජල සම්පාදනය ඇති පොල් වගාවන් සඳහා පමණක් ගම්මිරිස් වගාව සුදුසු ය.

රබර් වගාව අතරට කොකෝවා වගාව -කොකෝවා බීජ, චොක්ලට් හා රස කැවිලි නිෂ්පාදනයේ දී යොදා ගන්නා ප්‍රධාන අමු ද්‍රව්‍ය වේ. මේ සඳහා ලෝකයේ ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් පවතී. ශ්‍රී ලංකාවද කොකෝවා වගාව සඳහා ඉතා යහපත් රටකි.ඌව පළාතේ බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවල රබර් වගාවන් තුළ අතුරු වගාවක් ලෙස කොකෝවා ඉතා සාර්ථකව වගා කළ හැකි ය.

රබර් සමඟ කොකෝවා වගා කිරීම මඟින් රබර් වගාවේ කිරි අස්වැන්න වැඩි වේ. කොකෝවා වගා කර ඇති විට සිසිලස වැඩි කරන බැවින් රබර් ගසේ පොත්ත වියළීම අඩු වේ. එබැවින් වැඩිපුර කිරි අස්වැන්න ලබා ගත හැකි ය. එපමණක් නොව එකම භූමියක නඩත්තු වියදම ඉතා අඩුවෙන් වැයකර, අමතර ආදායමක් ලබා ගත හැක. රබර් මිල අස්ථාවරව පවතින විට කොකෝවා මගින් ලැබෙන අමතර ආදායම නිසා ගොවියාට ආර්ථික වශයෙන් සුරක්ෂිතතාවක් ඇති කරයි. රබර් අතරට කොකෝවා වගාව සිදු කිරීම සඳහා, උසස් තත්ත්වයේ කොකෝවා පැල නොමිලේ ලබා දීම, සාර්ථකව නඩත්තු කරන ඉඩම් සඳහා මුදල් ආධාර ලබා දීම, උපදෙස් හා රෝග පලිබෝධ නිවාරණ මඟ පෙන්වීම ආරම්භයේ සිට නොමිලේ ලබා දීම, අස්වනු සැකසීම, යන්ත්‍ර සුත්‍ර මිලදී ගැනීමට ආධාර හා උපදෙස් ලබා දීම යනාදිය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ලබා දෙනු ලබයි.

පුවක් වගාව හෙක්ටයාර් 1 ක තනි පුවක් වගාවකින් ලක්ෂ 5ක පමණ ආදායමක් වාර්ෂිකව උපයා ගත හැකි ය. තනි වගාවක දී හෙක්ටයාර් 1ක සිටුවිය හැකි පුවක් ගස් ප්‍රමාණය 1100කි.

පුවක් වගාව - හෙක්ටයාර් 1ක තනි පුවක් වගාවකින් ලක්ෂ 5ක පමණ ආදායමක් වාර්ෂිකව උපයා ගත හැකි ය. තනි වගාවක දී හෙක්ටයාර් 1 ක සිටුවිය හැකි පුවක් ගස් ප්‍රමාණය 1100කි.

වසරකට පුවක් ගසකින් ගෙඩි 750කට වඩා ලබ ගත හැක. තනි වගාවක් මෙන් ම උස් සෙවණ ශාක සමග මිශ්‍ර වගාවක් ලෙස ද ඇළ වේලි දිගට ද වැට මායිම්වල ද පුවක් වගා කල හැකි ය.

මඩ පුවක් , (පල් පුවක්, නිර්වායු තත්ත්වයට පත් කිරීමේන් ) කරුංකා (අව්වේ වියළා ගැනීමෙන්) පෙති පුවක්- (නොමේරු පුවක් කපා වියළා ගැනීමෙන්) යනාදී වශයෙන් පුවක් කල් තබා ගත හැකි ය.

අවාරයේ පරිභෝජනය සදහා මඩ පුවක් නිෂ්පාදනය කරනු ලබයි. හොඳින් ඉඳුණු මධ්‍යම ප්‍රමාණයේ පුවක් මේ සදහා භාවිතා කරයි.

මෙහි දී පුවක් ලෙල්ලත් සමග දැල් ගෝනිවල බාහා ජල ටැංකියක හෝ මඩ වලක ගිල්වා තබනු ලබයි.පුවක් ලෙල්ලේ පැහැය ආරක්ෂා කිරීම සදහා උණ අතු සහ කුරුදු අතු මඩ මඩ පුවක් වළවල්වල ඇතිරීම සිදු කරයි.

මඩ පුවක් සැකීම සදහා මැටි මුට්ටි,බැරල් , වලවල්,කොන්ක්‍රීට් ටැංකි භාවිතා කළ හැක. අඛණ්ඩ ජල සැපයුමක ලබා දී සම්පුර්ණ කාලයම පුවක් බීජ ජලයේ ගිල්වා තිබීම අත්‍යවශ්‍ය වේ.ජල මට්ටම වෙනස් වීම නිසා පුවක් මදය ක්ෂුද්‍ර ජීවි ආසාදනයෙන් දුර්ගන්ධය හා අවරසය හට ගනී.ඉදුණු පුවක් මේසේ වසරක් පමණ වුවත් කල්තබා ගත හැකි ය.එපමණක් නොව මදුරුවන් බෝවීම වැළැක්වීමට පියවර ගත යුතු ය.

පුවක් තද අව්වේ හෝ දුම් මැසිවල දමා හොදින් වියළීමෙන් පසු පිට පොත්ත හෙවත් එලාවරණය ඉවත් කර කරුංකා ලෙස ප්‍ර යෝජනයට ගැනේ. නොමේරු පුවක් කපා වියළී ගැනීමෙන් පෙති පුවක් නිෂ්පාදනය කර ගැනීමට පුළුවන.

ඉහත සදහන් තළ වගාවන් පිළිබද වැඩිදුර විස්තර 1095, සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, පෙරාදෙණිය යන ස්ථානයේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ 081 2388651 නමැති දුරකථන අංකයට අමතා දැන ගැනීමට පුළුවන.

සාම්ප්‍රදායික අපනයන භෝගවලට පමණක් සීමා වී සිටි මහජනයා හට තමන්ට හිමි වී තිබෙන භෝග වගාවන් සමග සිදු කළ හැකි අමතර වගාවන් කිහිපයක් පිළිබදව මෙහිදී සදහන් කර තිබේ. සැඟවුණු රන් කහවනු මෙන් මෙම පර්යේෂණාත්මක භෝග වගාවන් හෙට ලොව දිනන්නට සිටින ගොවි මහත්මමහත්වරුන්ට මෙන් ම ව්‍යවසායකයන්ට ද ඉතාමත් ප්‍රයෝජනවත් ය.

 

 

මදාරා මුදලිගේ

පේරාදෙණිය අපනයන කෘෂිකර්ම

දෙපාර්තමේන්තුව

 

Comments