ඔබ ලස්සන කරන කෝමා­රිකා සත්කාර | Page 3 | සිළුමිණ

ඔබ ලස්සන කරන කෝමා­රිකා සත්කාර

කවුරුත් කැමැතියි ලස්සන වෙන්න. මං දන්නවා ඔයත් කැමැතියි. එහෙමයි කියලා හිතුමතේ ආලේප වර්ග ආලේප කරලා මූණ නම් කැත කරගන්න එපා. ඔබේ රූපලාවණ්‍යට වැදගත් වන ශාකයක් වන කෝමාරිකා ඔබේ ගෙදරම වගා කරගන්න පුළුවන්. රූපලාවණ්‍යයට කෝමාරිකා කෙසේ සහාය වන්නේ ද යන්න අපි ප්‍රවීණ රූපලාවණ්‍ය ශීල්පී ශෙරින් ප්‍රනාන්දුගෙන් විමසුවෙමු.

 

• රූපලාවණ්‍යයේදී කෝමාරිකා ශාකය වැදගත් වන්නේ කෙබඳු ආකාරයටද?

කෝමාරිකාය නැත්නම් ඇලෝවේරියා කියන්නේ වැඩිපුර වියළි කලාපයේ වැවෙන පැළෑටියක්.

එහෙත් මේ පැළෑටිය කවර දේශගූණික තත්ත්වයක් යටතේ වුවත් වෙනස් කරගත හැකිවෙනවා. හිරු එළියෙන් පිලිසුණු සමට කෝමාරිකා කදිම ආලේපනයක්. ඒ වගේම ඉදිමුමකට, තුවාලවලට, හිසකෙස්වලට ආලේපනයක් ආකාරයට වුවත් භාවිත කළ හැකිය.

අද කවුරුත් කැමැතියි සම ලස්සනට තබාගන්න. ඒත් කුරුලෑ ලප නිසා මුකුත් කරන්න බෑ. ඔබට පුළුවන් කෝමාරිකා ආලේප කිරීමෙන් ඔබේ සම පවිත්‍ර කරගන්න. මේ මඟින් සමට පෝෂණයක් ලැබෙනවා. එක අතකට කෝමාරිකා කියන්නේ හොඳ මොයිස්චරයිස් ආලේපයක්. ඔබේ සම සිනිඳු වේවි.

• කෝමාරිකා අන්තර්ගත කර සාදන නිෂ්පාදන මොනවාද?

ග්‍රීන් ඇලෝවේරා ෂැම්පු, ග්‍රීන් ඇලෝවේරා කන්ඩිෂන්, ඉරමුසු කන්ඩිෂන්, ඉරමුසු ෂැම්පු, හිස්සොරි සඳහා ෂැම්පු වර්ග මේ මඟින් හදනවා.

හෙනා ඔයිල් සාදන්නෙත් කෝමාරිකාවලින්. මේ වගේ ඖෂධ ගුණය සහිත ආලේපන මඟින් සිරුරටවත් මුහුණටවත් කිසිදු හානියක් වන්නේ නැහැ. ඒ වගේම පැහැපත් බවේ අඩුවක් සිදුවන්නෙත් නැහැ.

 

• කෝමාරිකාවල ඖෂධීය ගුණය පිළිබඳ විස්තර කළොත්...

සියයට අනූවක් ජලය අඩංගුයි. ඒ වගේම විටමින් ඒ, විටමින් සී, විටමින් විටමින් ඊ වගේම ෆෝලික් ඇසිඩ්, මිනරල්, ඇමියොන් ඇසිඩ් අඩංගු වෙනවා.

කෝමාරිකා ශාකයේ මැද තියෙන ජෙලි කොටස තමයි රූපලාවණ්‍යයේ දී වැදගත් වෙන්නේ.

කෝමාරිකාවලින් ආලේප හදන කොට කෝමා විතරක් යොදාගෙන එක කරන්න බැහැ. මේ නිසා අපි කෝමාරිකාවලින් සාදන ආලේප සඳහා ගස් ලබු, කැරට් පැෂන්ෆ්රුට්, ආදියත් යොදා ගන්න සිදු වෙනවා. පිලිස්සුණු සමට කෝමාරිකා කියන්නේ දිව්‍ය ඖෂධයක්.

උණු දියෙන් පිළිසුණු සමට කෝමාරිකා ආලේප කිරීමෙන් සිසිලසක් දැනෙනවා. රස්නෙ වෙලාවට සම කසන ගතියක් දැනුණොත්, ශීතකරණයේ තැබූ කෝමාරිකා කැබැල්ලක් ගෙන එහි ඇති ජෙලි කොටස ගෙන පුළුන් කැබැල්ලකින් ආලේප කිරීමෙන් සමට සනීපයක් දැනෙනවා.

 

 

• නිවසේදී කෝමාරිකා රූපලාවණ්‍ය සඳහා භාවිතා කරන්නේ කෙසේද?

ඔබ දැඩි හිරු එළියට නිරාවරණය වී පැමිණියොත් කෝමාරිකා ජෙලි රැගෙන මුහුණේ ආලේප කර විනාඩි දහයකින් සෝදා දමන්න එවිට ඔබට සිසිලසක් දැනේ.

ග්‍රීන් ඇලෝවේරා වියළ හිසකෙස්වලට ප්‍රමාණවත් බවක් ගෙන දෙයි. ඔබේ හිස කෙස්වලට හොඳ පෝෂණයක් ලබා දෙන්නත් කන්ඩිෂනර් වැදගත් වෙනවා.

ඔබ පරිහරණය කරන කන්ඩිෂනර්වලට කෝමාරිකා මද සූරා දමා හිස කෙස්වල ආලේප කිරීමෙන් පසු පැය බාගයකින් පසු සෝදා දමන්න. එවිට දීප්තිමත් කෙස් කලඹක් ඔබට ලැබේ. කෝමාරිකා මදය ගස්ලබු, යෝගට් සමඟ මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි දහයක් පමණ තබා සෝදා හැරීමෙන් ඔබට පියකරු මුහුණක් හිමිකර ගත හැකියි.

 

 

 

නිශානි හේරත් බන්නැහැක

Comments