මුහු­ණට ක්ලෙන්සර් | Page 3 | සිළුමිණ

මුහු­ණට ක්ලෙන්සර්

ඉවත දමන කෙසෙල් ලෙල්ල ඔබ ලස්සන කරන බව අප මීට පෙරත් කිවුවා මතකද? අද අප කියන්නේ කෙසෙල්වලින් මූණට ක්ලෙන්සර්-එකක් හදාගන්න විදිහ. ඒක එතරම් අමාරු නැහැ. මොකටද වෙළෙඳපොළේ තියෙන ආලේපවලට මුදල් වියදම් කරන්නේ? මේ නිසා ඔබටත් පුළුවන් මං මේ කියන විදිහට ක්ලෙන්සර්-එකක් හදාගන්න. කෙසෙල් ගෙඩියක් හොඳින් පොඩි කර, එයට ලෙමන් බින්දු කීපයක් දමන්න. ඉන් පසු එයට යෝගට් කෝපයක් දමා හොඳින් කවලම් කරගන්න. දැන් අයිස් වතුරෙන් පොඟවාගත් පුළුන් කැබැල්ලක් ගෙන සාදාගත් මිශ්‍රණයෙන් ස්වල්පය බැගින් ගෙන මුහුණේ ආලේප කර විනාඩි විස්සක් පමණ තබා සෝදා හරින්න. දැන් බලන්න මුහුණට දීප්තිමත් පැහැයක් ලැබෙනවා නේද?

ඒ වගේම ඔබට මුහුණ සිනිඳු කරගැනීමට අවශ්‍ය නම් මී පැණි සමඟ යෝගට් කෝප්පයක් කවලම් කර හොඳින් අනාගන්න. ඊට පසු එය සමේ ගාගන්න. මෙලෙස විනාඩි විස්සක් පෙර සේම තබන්න. දැන් සෝදා හරින්න. බලන්න ඔබේ සම සිනිඳුයි නේද?

 

දිල්හානි කරුණාරත්න 

Comments