
අපේ පසුගිය කලාපයක කවරයේ පින්තූරය වූයේ කොළඹ රාජකීය විද්‍යාලයේ ගෙවත්ත. ඔවුන් ගෙවත්ත වගා කිරීමට දක්වන උනන්දුව අපූරුයි. ඇත්තට ඒ උනන්දුව පාසල් කාලයේදී ඒ සඳහා විවේකයක් සොයා ගන්නා ආකාරය විදුහල්පති තුමාගේ
සහ කෘෂිකර්මය භාර ආවාර්යවරියගේ උපදෙස් මත ඒ කටයුත්තේ නියැයෙළන ආකාරය පිළිබඳ අපි ඔවුන්ගෙන් අදහස් විමසුවෙමු. රාජකීය විද්‍යාලයේ කෘෂිකර්ම කමිටුවේ අසේල බණ්ඩාර සිසුවා තම විද්‍යාලයේ කෘෂිකාර්මික වටපිටාව පිළිබඳ විස්තර කරමින්‘‘ මම මේ අවුරුද්දේ ඉඳලා තමයි කෘෂි කර්ම සංගමයට දායක වුණේ. සභාපති විදිහට විශාල කාර්යය භාර්යක් මට කරන්න සිදුවෙලා තියෙනවා. පාරිසරික ගොවිතැනට වැඩි දායකත්වයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අනිත් පාසල්වලට ආදර්ශයක් දෙන ආකාරයට මේ ගෙවත්ත සංවිධානය කරලයි තිෙබන්නේ. ඉදිරියේදී අපි අනිත් පාසල්වලට උදව් උපකාර කිරීමට බලාපොරොත්තු වෙනවා.
කොහොම හරි ගෙවත්තේ වැඩ සඳහා අපි කාලයක් වෙන් කරගන්නවා. මේ හැමදෙයකටම අපේ විදුහල්පතිතුමා සහ කෘෂිකර්මය භාර ගුරුතුමියගෙන් ලැබෙන්නේ නොමඳ සහයක්. කුඩා කාලයේ ඉඳලා ගහට කොළට ආදරේ කරන එකට උනන්දුවක් ආසාවක් ඇති වෙන්නේ මෙවැනි ගෙවත්තක් වගා කිරීමෙන්. කෘෂිකර්ම සංගමයේ ලේකම් අසංක රුක්ෂාන් අදහස් දක්වමින්. ඉදිරියේදී තවත් වගාවන් වෙත ව්‍යප්ත වීමට අදහසක් ඇති බව පැවැසූ අතර මේ මඟින් ඕකීඩ් වගාවට ඉඩක් වෙන් කිරීමට ද බලාපොරොත්තු වෙන බව පැවැසුවේය. සිසුවන් වශයෙන් ඔවුන්ට පවතින ඉඩකඩ සීමා සහිත බවත්, ඒත් පාඩම් අතර තුර තමන් මේ දරන ප්‍රයත්නය අනාගතයට වැඩදායී වන බවත්, හෙතෙම පැවැසුවේය. කෘෂිකර්මය සඳහා දරුවන්ට දෙන සහයෝගය පිළිබඳ පැවැසු විදුහල්පති තුමා මෙවැනි ව්‍යාපෘති සඳහා දරුවන් යොමුවීමෙන් දරුවන් අතර සාමකාමී සහජීවනය ඇති වන බවත්, කුඩා කාලයේ සිට දරුවන් යහපැවැතුම් සහ සහයෝගීත්වයට අවස්ථාව සැලැසෙන බවත්, ඉදිරියේදී සෙසු පාසැල් ද මේ කාර්යයට යාවජීව යොදා ගන්නා බවත් පැවැසුවේය.
කෘෂිකර්මය භාර ගුරුතුමිය තම අදහස් දක්වමින්, දරුවන් අතර කෘෂි අවබෝධය පිළිබඳ දැනුම වැඩි කිරීමටත් මේ ගෙවත්ත ඉහල් වූ බව පැවැසුවාය.
මේ මඟින් දරුවන් තම තමන්ගේ ගෙවතු වගාකිරීමට උනන්දු වී ඇති බව ද පැවැසීය. දරුවන් දැනුම සොයන්නන් බවට පරිවර්තනය කිරීමට මේ ගෙවත්ත ඉවහල් වූ බවත්, වස විසෙන් තොර ආහාර ගැනීමට කුඩා කාලයේ සිට වුවමනාවක් ඇති කළ යුතු බවත් ඇය කියා සිටියාය. දරුවා නිරන්තර පරිසරය හා ගොවිතැන හා බද්ධ වුවහොත් ඔවුන් තුළ ඒකාත්මික බව නිරන්තරව වැඩෙන බවත්, ඇය පැවැසුවේ මේ ගෙවත්ත මඟින් දරුවන්ගේ මනසේ විප්ලවයක් සිදු වී ඇති බව පවසමිනි.
රූපාන්ති