විවාහ දිවියේ දස­වැනි සංව­ත්ස­රය දා ශෂිකා යළි මනා­ලි­යක් වෙලා... | සිළුමිණ

විවාහ දිවියේ දස­වැනි සංව­ත්ස­රය දා ශෂිකා යළි මනා­ලි­යක් වෙලා...

ජනප්‍රිය ගායන ශිල්පිනී ශෂිකා නිසංසලා පසුගියදා සිය සැමියා සුරංග සමග නැවතත් යුවතිපතියන් සේ අලංකාර ඇඳුමින් සැරසුණා. ඒ මේ මස 28වැනි දිනට යෙදෙන ඔවුන්ගේ විවාහ දිවියේ දසවැනි සංවත්සරය නිමිත්තෙන්. ඉතා අලංකාරව උඩරට මනාලියක සේ සැරසුණු ශෂිකා දරු දෙදෙනකුගේ මවක් යැයි එදින කිසිවකුටත් සිතුණේ නෑ.ඇගේ සැමියා සුරංගත් නව යොවුන් තරුණයකු සේ දිස්වුණා.

' අපි විවාහ වී 28වැනි දිනට වසර දහයක් වෙනවා. මගේ රූපලාවන්‍ය වැඩ කරන සැලෝන් සිත් රූ හි ඉයන් සංජීව ඩයස් මල්ලි දවසක් සැලෝන් එකට ගිය අවස්ථාවක අක්කේ අපි දහවෙනි ඇනිවසරියට ලස්සනට බ්‍රයිඩ්ල් කෙනෙක් විදිහට අඳිමු කියා යෝජනා කළා.ඇත්තටම මටත් ආසාවක් ඇති වුණා වෙනසකටත් එක්ක එහෙම දෙයක් කරන්න. මොකද මමත්, සුරංගත් දෙදෙනාම අද බොහොම අවිවේකී වෙලා. අපේ පුතාල දෙදෙනාවත් මල් කුමාරවරු විදිහට සරසාගෙන අපේ ජීවිතේ වසර දහයකට පෙර මුහුණ දුන් අවස්ථාවට නැවතත් සතුටින් පෙනී සිටින්න අපි ඉතාමත් ආසා කළා.එම අවස්ථාවට මනාලයාගේ ඇඳුම් සැපයීමෙන් සඳුන් බණ්ඩාරත් , ඡායාරූපකරණයෙන් ශාන් රූපස්සර සහ මල් කළඹ රාජා ‍ෆ්ලෝරා සහ මනාලියගේ සාරිය ශ්‍රී විජයාස් වෙතින් අනුග්‍රහය දැක්වුවා.ඔවුන් සියලු දෙනාටම ස්තූතියි'

ගායන ලොවේ දිදුළන තාරකාවක් මෙන්ම හිත හොඳ කලාකාරිනයක වන ශෂිකා ගේ දසවැනි විවාහ සංවත්සරයට රසඳුන අපෙන් සුබ පැතුම්. 

Comments