
ඔවුන් සිය පවුල් සමඟ සතුටින් දිවි ගෙවී ය. එහෙත් ඒ අඳුරු දිනයේදී මොහොතකින් සතුට පලා ගියේ ලොවම ප්රකම්පනයට පත් කරමින් ඇමරිකාවට එල්ලවූ 9/11 ත්‍රස්ත ප්‍රහාරය නිසාවෙනි. ප්‍රහාරයෙන් තුන් දහසකට ආසන්න පිරිසක් මිය ගියහ. හය දහසකට අධික පිරිසක් තුවාල ලැබූහ. අශ්ව සොල්දාදුවන් දොළොස් දෙනෙකුට බලාපොරොත්තුවකට කාරණයක් ඇති විය.
2001 වසරේ සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු යැවුණු භටයන් දොළොස් දෙනෙකුගෙන් යුතු ප්‍රථම හමුදා කණ්ඩායමේ සත්‍ය කතා පුවතක් ඇසුරින් ‘ටිවෙල්ව් ස්ට්‍රෝන්ග්’ සිනමා නිර්මාණය බිහි විය. මේ යුද ක්‍රියාදාම සිනමා පටෙය් අධ්‍යක්ෂණය නිකොලායි ෆග්ල්සිග්ගේය. තිර රචනය ටෙඩ් ටැලි සහ පීටර් ක්‍රේග්ගේ ය. කතාවට පාදක වූයේ ඩෞග් ස්ටැන්ටන්ගේ ‘හොර්ස් සෝල්ජර්ස්’ කෘතියයි.
2011 දෙසැම්බර් 30 වැනිදා නිෂ්පාදක ජෙරී බ්රකීමර් ටෙඩ් හා පීටර්ගේ පිටපත ලබා ගන්නා ලදී. 2016 මාර්තු 29 දිනයේදී නිල වශයෙන් ෆග්ල්සිග් අධ්යක්ෂ වශයෙන් තෝරා ගත් බව ප්‍රකාශ කළේ ය. මෙය ෆග්ල්සිග්ගේ කුලුඳුල් අධ්‍යක්ෂණය විය. ඩෙන්මාර්ක් ජාතිකයකු වූ ඔහු ඡායරූප මාධ්‍යවේදියකි. ජනමාධ්‍යවේදය පිළිබඳ උපාධිධාරියකු වූ ඔහු ලියූ ‘නියුක්ලියර් ඩිසාස්ටර්’ කෘතිය නිව්යෝර්ක් අයිසීපී ඉන්ෆිනිටි සම්මානයෙන් පිදුම් ලැබුවේ ය. වයස අවුරුදු තිහෙන් පහළ හොඳම ඡායාරූප ලෙසින් ‘වර්ල්ඩ් ප්‍රෙස් ෆොටෝ’ සම්මානයෙන් ද ඔහු පුද ලබා තිෙබ්. එනිසා ෆග්ල්සිග්ගේ මංගල සිනමා පටය ගැන ද බොහෝ දෙනෙක් බලාපොරොත්තු දල්වා සිටිති.
මෙහි ඇමෙරිකානු විශේෂ බළකායේ කපිතාන් ලෙස රඟන්නේ ක්‍රිස් (ක්‍රිස්ටෝපර්) හෙම්ස්වර්ත් ය. 2016 සැප්තැම්බර් 30 වැනිදා ක්‍රිස් හා මයිකල් ෂැනොන් රඟන බව සහතික කෙරිනි. ‘ට්වෙල්ව් ස්ට්‍රෝන්ග්’ සිනමා පටයට මුල්වරට තෝරාගත් නළුවන් වූයේ ඔවුන් ය. ක්‍රිස්ට 2018 වසර උදාවූයේ සම්මානනීයවය. ඔහුට ලොස් ඇන්ජලීස් හි පැවැති ක්‍රිටික්ස් වොයිස් සම්මානය මෙවර හිමිවිය. ඔස්ට්‍රේලියානු ජාතිකයකු වූ ක්‍රිස්ට ක්‍රියාදාම සිනමා රංගනය නවමු අත්දැකීමක් නොවේ.
තිස් හතර හැවිරිදි ඔහු මින් පෙර ස්ටාර් බ්‍රක් (2009), අ පර්ෆෙක්ට් ගෙට්අවේ (2009), ද - කැබින් ඉන් වුඩ්ස් (2012), ස්නෝ වයිට් ඇන්ඩ් ද හන්ට්ස් මෑන් (2012), රෙඩ් ඩොවින් (2012) බ්ලැක්හැට් (2015) ඉන් ද හාට් ඔෆ් ද සී (2015) තෝර් මාලාව වැනි සිනමා පටවල රඟපා ඇත්තේ ද ක්‍රියාදාම චරිතය. ක්‍රිස්ට ’12 ස්ට්‍රෝන්ග්’ විශේෂ වන්නේ එය අශ්වයකු පිට නැඟී කරන රංගනයක් නිසා ය.
අශ්වයන් මත යාම අලුත්ම අත්දැකීමක් නොවේ. එහෙත් ඔහුට ඒ පිළිබඳ එතරම් අත්දැකිම් නැති නිසා අශ්වයන් පිට යාමට අතිරේක පුහුණුවක් ලැබීය. චරිතයට උපරිම සාධාරණයක් කිරීමට ක්‍රිස්ට අවශ්‍ය විය. කොතරම් පුහුණු වූවත් තුවක්කු සහ හමුදා ආම්පන්නවලින් සන්නද්ධව අශ්වයා මත නැඟි විට ආධුනික බවක් දැනී ඇත. එහෙත් පසුව ඔහු ඒ අභියෝගය ජය ගත්තේ ය.
සිනමා පටයේ ප්‍රධාන වොරන්ට් නිලධාරියා ලෙස රඟන්නේ මයිකල් ෂැනොන් ය. ඔහු දෙවරක් ම ඔස්කාර් සම්මාන සඳහා හොඳම සහාය නළුවා යන අංශයෙන් නිර්දේශ විය. මයිකල් වෙනාර්, නේවිඩ් නෙගාඛාන්, ට්රිවාන්ටේ රෝඩ්ස්, ජොන් ස්ටල්ට්ස්, තැඩී ලකින්බිල්, විලියම් ෆිච්නර්, රොබී රිග්ල්, එල්සා පැටාකි, ඔස්ටින් ස්ටොවෙල් වැනි නළු නිළියෝ රැසක් රඟති.
එල්සා පැටාකි වඩාත් ප්‍රකට ‘ද ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස්’ සිනමාපට මාලාවේ එලීනා නිවුස් ලෙස ය. ක්‍රිස් හෙමිස්වර්ත්ගේ සැබෑ දිවියේ ද බිරිය වන ඇය සිනමා පටයේ ද බිරිය වීම දෙදෙනාටම අපූරු අත්දැකීමක් වන්නට ඇත. තිරයේ පෙම්වතුන් වන පළමු අවස්ථාව මෙයය. සිනමා පටය ඇරඹෙන්නේ දෙදෙනා අතර හුවමාරු වන උණුසුම් හාදුවකිනි. බාලම දියණියගේ පාසල් ගමන ගැන කතා කරමින් සිටින ඔවුන්ට රූපවාහිනී යන්ත්‍රයෙන් තලෙයිබාන් ත්‍රස්ත ප්‍රහාරය ගැන අසන්නට ලැබේ.
මයිකල් පේනා හා මයිකල් ෂැනෝන් ඇමෙරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අළලා නිපදවූ සිනමා පටයේ ද රඟපෑහ. එය 2006 දී තිරගත විය.
’12 ස්ට්‍රෝන්ග්’ මෑත ඉතිහාසයේ රුදුරු පුවතක් අමු අමුවේ ම සිනමාවෙන් ගෙන හැර පෑමක් නොවේ. සිනමා පටයේ ඇෆ්ගන් සොල්දාදුවන් ඇමෙරිකානු සොල්දාදුවන්ට උපකාර වන අන්දම, ත්‍රස්තවාදය කිසිදු රටකට පොදු වූවක් නොවන බව වටහා ගැනීමට ප්‍රේක්ෂකයන්ට ’12 ස්ට්‍රොන්ග්’ අවකාශය සලස්වා දී ඇත. හමුදා භටයන් සේ ම ඇෆ්ගන් වැසියන් ද සටන් වදින්නේ ත්රස්තවාදයට එරෙහිව. අද ලොවට අවශ්‍ය වී තිබෙන්නේ ද එයමය.
සිනමා පටයේ සංගීත සංයෝජනය ලෝන් බල්ෆේ ගෙනි. වෝනර් බ්‍රදර්ස් බෙදා හැරීමක් වන මෙය 2018 ජනවාරි 19 වැනිදා තිරගත වීමට නියමිත ය. මිනිත්තු 129 ක් පුරා තිරගත වන ’12 ස්ට්‍රෝන්ග්’ නවතම යුදමය සිනමා පටය යුද්ධයකට වඩා බොහෝ දේ සමාජයට දායාද කරනු ඇත.
කෙසේ වුවත් යුද්ධය රුදුරු අත්දැකීමක් නිසා කපිතාන් මිචී නෙල්සන් ලෙස චරිත නිරූපණය කරන ක්‍රිස් හෙම්ස්වර්ත්ට කෙතරම් ඇලුම් කළත් දරුවන්ට මෙය නොපෙන්වන ලෙස මවුපියන්ට රතු එළියක් දල්වා තිබේ.
පද්මන් ‘පෑඩ් මෑන්’ ප්‍රවර්ධනය අක්ෂේ කුමාර්ගේ නවතම සිනමා පටය ගැන රසමුසු තොරතුරු අපි පසුගිය සතියේ ගෙන ආවෙමු. අප චිත්‍රපටයේ නම ලෙස පද්මන් දැක්වූවද ඔවුන් ඒ නම යොදා තිබුණේ ප්‍රවර්ධන උපක්‍රමයක් ලෙසිනි. සිනමා පටයේ සැබෑ නම ‘පෑඩ් මෑන්’ ය.