
ගෙවතු වගාවේදී වඩාත් වැදගත් වන්නේ තමන්ගේම ගෙවත්තේ පොහොර සාදා ගැනීමයි. මිලදී ගන්නා පොහොරවලට වඩා කාබනික පොහොර යෙදීම මඟින් වගාවේ වර්ධනය වේගවත් වේ.
ඔබේ ගෙවත්තෙන්ම දිරා ගිය සත්ත්ව කොටස් ශාක කොටස් සොයා ගැනීම ඉතාමත් පහසු වන අතර එ් මඟින් පහසුවෙන්ම පොහොර සාදා ගැනීමට හැකියාව ලැබේ. කාබනික පොහොර යෙදීමෙන් පසේ සාරවත් බව වැඩි වෙනවා සේම වගාව සශ්‍රීක කරයි. මේ නිසා ඔබ ගෙවත්තේ වගාවක් ආරම්භ කර ඇති ඒ සඳහා ඔබ කාබනික පොහොර සාදා ගැනීමට උනන්දු වීමෙන් වඩාත් හිතකර ප්‍රතිඵල අත් කර ගත හැකිය.
කාබනික පොහොර යෙදීමේ ප්‍රයෝජන
කාබනික පොහොරවල බෝග වර්ධනයට අවශ්‍ය බොහෝ පෝෂ්‍ය කොටස් අඩංගුය.
රසායනික පොහොරවලට වඩා වැඩි පෝෂ්‍ය කොටසක් කාබනික පොහොරවලින් ලැබේ.
පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි වේ.
පාංශු වාතනය වැඩි කරයි. එමෙන්ම මුල්වලට හොඳින් වාතාශ්‍රය ලබා දී පස බුරුල් කරයි.
පාංශු ජලය රඳවා ගැනීමේ හැකියාව වැඩි කරයි.
මේ ප්‍රයෝජන මඟින් සරු සාර ගෙවත්තක් ඔබට හිමි කරගත හැකිය. රසායනික පොහොර භාවිතා කිරීමෙන් බොහෝදෙනාට අතුරු ආබාධ ඇති වේ.
මේ තත්ත්වය නවත්වා ලීමට හැකි වන්නේ කාබනික පොහොර භාවිතයෙන් පමණි.
මේ නිසා ඔබ ගෙවතු වගාවක නියලෙන්නෙක් නම් සැම විටම කාබනික පොහොර යෙදීමට හුරු වෙන්න. මෙයට හේතුව ඔබේ ගෙවත්තේම දිරා යන සත්ත්ව කොටස් සහ ශාක කොටස් මඟින් මේ පොහොර ඉක්මනින් ලබා ගත හැකි බැවිනි.