
මුතු කුඩ
සඳුන් පිණිදිය නොනිමි ගිණිවිය
රුසිරු කොමළිය අවිරු සෙබළිය වී
නැගූ කාහල ගිගුම් දේ මේ බිම පුරා
පිදූ අභිමන් සුවඳ විහිදේ යුග අරා //
ඉසට ඉසිලූ මුතු කුඩය සුනිමල්
මුතුද ගිලිහී නොයන සේ
පණමෙන් සුරැකි අන්දම්
දැයින් පැළඳූ උතුම් හර සුවිපුල්
සළෙල දන වෙත නොයා කුළඹර
සඳ නැඟූ එළඳුන්
නැඟූ කාහල ගිගුම් දේ බිම පුරා
පිදූ අභිමන් සුවඳ දේ යුග අරා //
කඳුළ ඇතිරූ දිවි පෙතේ හසරැල්
පැතුම් බොඳවී දැදුරු වී ගිය නමුදු සිත අදිටන්
කුසුම් පිබිදූ අසිරි සිරි පවසම්
ලොවට හෙලිකළ සදා විකසිත
දැය පිරෑ පෙරුමන්
කාන්තාව යනු උපතින්ම මට සිලිටු, සුකොමළ, ළඳ බොළඳ තැනැත්තියකි. ඇය අහිංසකය. එහෙත් ඉවසීමෙන් හා දරා ගැනීම අතින් ඇය ප්රබලය. මේ නිසා අවැසි වූ විට අවස්ථානුකූලව අභියෝග ඉදිරියේ ඇය අභීතය. නොසැලී සිටින්නීය.
කාන්තාවගේ උදාරවු අභීනත්වය ගැන කියවෙන කතාවක් ලෙස ‘මුතුකුඩ‘ හැඳින්විය හැකිය.මෙය ටිකිරි රත්නායක අධ්‍යක්ෂණයකි. මෙහි තේමාගීතය පවරි අමරසරාගේ හඬින් ගැයෙන අතර, සංගීතය රෝහණ වීරසිංහගෙනි. තේමා ගේය පදවැල් බන්දුල නානායක්කාරවසම්ගෙනි.
මේ ‘මුතුකුඩ‘ තේමා ගීතය පිළිබඳ ඔහු අපට දැක්වූ අදහසයි.
‘‘මුතුකුඩ කියන්නේ අප මෙතෙක් දැකපු, දකින ටෙලිනාට්‍යය නිර්මාණ වලට වඩා හාත්පසින්ම වෙනස්වු අයුරකින් නිර්මාණය වුණු ටෙලි සිත්තමක්. සත්‍ය සිදුවීම් පාදක කොටගෙන මෙතෙක් නිර්මාණය වූ ටෙලි නාට්‍ය තිබුණද ‘ මුතුකුඩ‘ ඊට වඩා හාත්පසින්ම වෙනස්. එයට හේතුව එවැනි ටෙලිනාට්‍ය තුළින් විකාශය වූ සමාජ කතිකාවට මෙතෙක් හසු නොවූණු තේමාවක් සමාජයට හෙළි දරවු කිරීමත්, හරවත් වූ පණිවුඩයක් ප්රේක්ෂකයනට ලබා දීමට ගත් උත්සාහයත්. මුතුකුඩ ටෙලි නාට්‍යයේ අරමුණ බවට පත්වෙලා තියෙන්නේ එයයි.
එදා සිට කාන්තාවන්ගේ රූප සොබාව, ආදරය, විරහව ගැන කවියන් කවි ලීවද, ටෙලි නිර්මාණ බිහිවුවද, ඇගේ වීරත්වය, පිළිබඳ ලියැවුණු නිර්මාණ අල්පය. එදා රජ දවස රඳල පැලැන්තියේ සිටි මෙවන් අභීතවූ ප්‍රභූ කාන්තාවකගේ දිරිය කතාවක් තමයි මුතුකුඩ තුළින් දිගහැරෙන්නේ.
නොයෙක් සමාජ අසාධාරණකම් ඉදිරියේ කාන්තාව ලෙසින් නොබියව තමාට එන සියලු ගැරහුම්, අභියෝගයන් ඉදිරියේ කතක ලෙස ඇගේ ගෞරවයද රැකගෙන ඉදිරියට යන මඟ අද අපේ කාන්තාවන්ට පෙන්වයි.
අතීතයේ පමණක්ම නොව වර්තමානයේද මෙවන් කතුන් නැතුවාම නොවේ. විශේෂයෙන් අපේ ළඳන්ගේ උත්තරීබව හා තමන්ගේ බලාපොරොත්තු වෙත ඇය පියනඟන්නේ කෙබඳ අයුරකින්දැයි මුතුකුඩ ප්‍රේක්ෂක ඔබට විවර කරයි.