2018 දී පොහොර හිඟ­යක් ඇති­වන්නේ නැහැ | සිළුමිණ

2018 දී පොහොර හිඟ­යක් ඇති­වන්නේ නැහැ

‍පොහොර හිඟයත් සමගම බොහෝ ගොවීහු දුෂ්කරතාවයන්ට පත්ව සිටින බවට පසුගිය දිනවල විටින් විට අසන්නට ලැබුණි. ඇතැම් දේශපාලඥයින්ද මෙය තමන්ගේ වාසියට හරවාගෙන කටයුතු කළේය. ඇති වූ තත්ත්වය ගැන ගොවීහු කණස්සල්ලෙන් පසුවීම ඔවුන්ගේ සතුටට හේතු වූ බවක් පෙනෙන්නට තිබුණි. මේ පිළිබඳව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරණාරත්න මහතා පවසා සිටියේ මේ වන විට උග්‍ර ‍පොහොර හිඟයක් නිර්මාණය තිබෙන බවත් ඒ හේතුවෙන් ගොවීහු දැඩි දුෂ්කර තාවයකට මුහුණපා සිටින බවය. මීට එක් හේතුවක් වී ඇත්තේ ‍පොහොර සහනාධාරය කලට වේලාවට ඔවුන් අතට පත්නොවීම බවය. මඩ ‍පොහොර වැපිරීමට ප්‍රථම යෙදිය යුතුය. සති හතරකින් යූරියා යෙදිය යුතු බවත්, දවස් 45 න් බන්ඩි ‍පොහොර යෙදියයුතු බවත් පෙන්වා දුන් සභාපතිවරයා පවසා සිටියේ, කන්න තුනක්ම ‍පොහොර ප්‍රශ්නය මතුවීම නිසා ගොවිතැන් කටයුතු නොකෙරුණු බවයි. ගොවීන්ගේ කනකර ආභරණ පවා උකසට ගිහිං. ගොවියා ‍පොහොර ගන්න ගියාම කඩේ ‍පොහොර නැහැ. ‍පොහොර කඩෙන් ගන්න බැරි තරමට ගිනි ගණන්. තිබුණත් ඒවා ප්‍රමිතියෙන් තොර බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

මේ අතර පොහොර හිඟයක් මවා රට හාල් ගෙන­්වන කොමිස් ජාවාරමක් ක්‍රියාත්මක වන බවටද චෝදනා එල්ල වන්නට විය.

නමුත් පසුගියදා පෞද්ගලික පොහොර අපනයනකරුවන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවතිවමින් ප්‍රකාශ කර සිටියේ වෙළෙඳපොළට අවශ්‍ය පොහොර රජයකට තනිවම කළ නොහැකි බවත්, පුද්ගලික අංශයේ වෙළෙඳ සමාගම් 12ක් පොහොර අපනයනය කරන බවයි.

ඒ තමන් ඇණවුම් කළ පොහොර මෙට්‍රික් ටොන් 40,000ට පාකිස්තානය විසින් අපනයන තහනමක් දැමීමට කටයුතු කළ නිසා මේ තත්වය නිර්මාණය වූ බවයි. එනිසා සැපයුම් කරුවන්ට විරුද්ධව තමන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව ඔවුන් කියා සිටියේය.

මේ අතර ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ මෙම වසර තුළ කිසිදු හිඟයකින් තොරව පොහොර ලබාදීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. ඒ අනුව ඇති වී තිබෙන තත්ත්වයට කඩිනම් විසඳුමක් ලෙස පාකිස්තානු ජනාධිපති නවාස් ෂෙරීෆ් මහතා සමඟ පැවැත්වූ දුරකථන සංවාද ප්‍රතිඵල වශයෙන් පොහොර මෙට්‍රික් ටොන් 40000ක් මෙරටට ලැබීමට නියමිත බවය. එනිසා ඉදිරියේදී ගොවි ජනතාවට ගැටළුවකින් තොරව පොහොර ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇති බවය.

 

රසික කොටුදුරගේ 

Comments