සුග­න්ධ­යෙන් මෙහෙ­යක් කරන ශාක | සිළුමිණ

සුග­න්ධ­යෙන් මෙහෙ­යක් කරන ශාක

නින්ද නොයෑම නිසා බොහෝ දෙනා අපහසුවට පත්වෙති. මෙය රෝගී තත්ත්වයක් ලෙස ද ඇතැම්හු සලකති. එහෙත් මේ තත්ත්වය මඟ හරවා ගැනීමට ඇතැම් ශාකවලට උපකාර කළ හැකිය. ඒ සඳහා සුවිශේෂ ශාක කීපයක් යොදා ගත හැකිය.

ලැවැන්ඩර්

මේ ශාකයේ මල් ඉතාමත් සුවඳයි. මේ සුවඳ නිසා නැවුම් වූ මිහිරි බවකින් ඔබේ කාමරය පිරී යයි. එවිට ඔබට සුවදායී නින්දක් ලැබේ. එමෙන්ම මනසට විවේකයක් ලැබේ. ඔබ දැඩි කාර්යය බහුල කෙනෙක් නම් මේ සුවඳ නිසා මනසට සුවයක් ද දැනේ.

පිච්ච ශාකය

පිච්ච මල් ඉතාමත් අලංකාරයි. මෙහි සුගන්ධය නිසා මනස නැවුම් බවක් දැනේ. ඔබට ඇති දුක් කම්කටොලු අමතක කර සැපවත් නින්දක් ලබාදීමට ද මේ සුගන්ධය ඉවහල් වේ. මේ නිසා යේ ඔබේ සිතට ප්‍රීතිය ඇති වේ.මේ නිසා ඔබේ කාමර මල් පිපී ඇති පිච්ච පැළයක් තබා ගන්න.

රෝස්මරි ශාකය

මේ ශාකයේ පිපෙන මල් මඟින් මුළු කාමරය සුගන්ධවත් කරයි. මේ ශාකය ඔබේ කාමරයේ තබා ගැනීමෙන් ඔබේ මනස නිරවුල් වේ. එමෙන්ම යහපත් කල්පනා ශක්තියක් ඇති වේ.සුගන්ධය නිසා සුව නින්දක් ගෙනෙන ශාක මෙන්ම එහි පවතින සැර නිසා මදුරුවන් පලා යන ශාක ද තිබේ. මේ ශාක ගෙවත්තේ වගා කිරීම වඩාත් පලදායීවේ. දැනට තිබෙන විස නාශක මඟින් මදුරුවන් පලවා හැරීම මිනිස් සිරුරට යෝග්‍ය වන්නේ නැත. මේ නිසා මදුරුවන් පලවා හරින ශාක ඔබේ ගෙවත්තේ වගා කළ හැකි නම් එය ඔබ ලබන්නා වූ ජයග්‍රහණයකි.

දාස් පෙතියා අලංකාර මල් ගෙනෙන ශාකයකි. මේ ශාකයට මදුරුවන් විකර්ෂණය කිරීමේ ගුණය තිබේ. මේ නිසා ඔබේ නිවස අවට දාස්පෙතියා වගා කිරීමෙන් මදුරු ගහනය පලවා හැරිය හැකිය. මේ ශාකය ඕනෑම පරිසර තත්ත්වයක් යටතේ වුවත් වැවිය හැකි නිසා ඕනෑම ගෙවත්තක වගා කළ හැකිය.

බළලුන්ගේ කෑමක් වන කුප්පමේනියා ශාකයටත් මදුරුවන් පලවා හැරීමේ සුවිශේෂී ගුණය තිබේ. මෙය නිවෙස් අවට වැවෙන අමුතුවෙන් වගා කළ යුතු නැත. කළ යුත්තේ මෙවැනි ශාක ඔබේ ගෙවත්තෙන් උදුරා නොදැමීමයි. මේ ශාකයේ පත්‍රවල තිබෙන සැර සුගන්ධය නිසා මදුරුවන් පලවා හැරීමේ ගුණය පවතී.

මීළඟට ඔබ නොදන්නවා ඔබ අලංකාරය සඳහා වගා කරන තුල්සි ශාකයේ ද ‍මදුරුවන් පළවා හැරීමේ ගුණය පවතී. දම්පැහැයට හුරු මලක් ඇති තුල්සි පැළ මල් පෝච්චියක වුවත් වගා කිරීමට හැකියාව තිබේ.

සේර පැළයෙන් තෙල් ලබා ගැනීම අතීතයේ සිට තිබුණි. ආහාර පිසින විට ගන්නා නිසා ඕනෑම පුංවි ගෙවත්තක වුවත් සේර පැළ තිබේ. සේර පැළයේ ඇති සැර ස්වාභාවය මදුරු නාශක ගුණ බහුල කරයි. මේ නිසා සේර පැළයක් ඔබේ ගෙවත්තේ වගා කිරීමෙන් ඔබට බහුවිධ ගුණ ගෙන දෙයි.

රොස්මරි පැළ ගෙදර වගා කළ හැකිය. මෙය මල් පිපෙන ශාකයක් නිසා අලංකාරය සඳහා ද වගා කළ හැකිය. මේ ශාකය වගා කිරීමෙන් ඔබේ ගෙවත්තට එන මදුරුවන් පලා යනු ඇත. එමෙන්ම පහසුවෙන්ම වගා කළ හැකි තවත් ශාකයක් ඉගුරු. මේ ශාකය නිසා මදුරුවන් පලවා හැරිය හැකිය. ඉගුරු තලා ඉස්ම ආලේප කිරීමෙන් මදුරුවන් දෂ්ට කිරීම වළක්වා ගත හැකිය.

 

ආශා නිල්මිණි 

Comments