කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

දුරුතු සඳ උදාවේ

දොළොස් මහ පහන සේ
දුරුතු සඳ කැන් සිනාසේ
සිසිල් සුව ගලා විත්
අලුත් වස­රක් උදා වේ..

කල‍ට වැසි වසීවා
වැව් පොකුණු විල් පිරේවා
ගහ කොළ මලින් බරවී
කුරවි කූජන නැගේවා..

නියඟ දුරු­වේවා
පිපා­සිත උන් නිවේවා
කුඹුරු වතු­පිටි සාර වී
සිනා මල් වසීවා...

අත මිට සරු වේවා
සොර සතුරු බිය නැසේවා
සෝ තැවුල් නිවේවා
නිරෝගී සුව ගෙනේවා...

පැතුම් ඉටු වේවා
සාම සම­ගිය රැකේවා
අලුත් ඉර සඳ උදාවී
සව් සිරින් රට දිලේවා

චන්ද්‍රිකා දිසා­නා­යක


සිපිරිගෙදර

සිපිරි ගෙයක කිසිම විටක
වූයේ නැත සුව විම­නක්
දිරි අදි­ටන පම­ණකි මට
ළඟ සිටියේ මිණි පහ­නක්...

ජය පැර­දුම දෙන හින්දා
උරුම වුවත් දිවි පෙව­තක්
ලැබූ පැර­දුම සිති­න්දරා
දිනු­වෙමි අද ජය කණු­වක්..

සර­සවි මව බැලුම් හෙළුෑ
නෙත ඇතුලේ කඳුළු බිඳක්

චතුර අම­ර­තුංග


මර්ස­ලීන් ජය­කොඩි පිය­තු­මනි

ජය­කොඩි පිය­තු­මා­ණන් දෙව් මවට ළැදී
කවි­යෙන් ගීති­කා­වෙන් ඇය පුදන ලදී
දෙව්මව සමඟ පිය­තුම සුර­ලො­වට වැදී
සුර දූත­යන් සමඟ තුති ගී ගයන ලදී

සීනු හඬින් ලොව පුබුදා නත්තල දොර ළඟට ගෙනා
බෙත්ලෙ­හෙම් පුර ගව ලෙනක් තුළ ජේසු උප­තක් සැඟ­වුණා
දිලෙන තරු­වෙන් මඟ අසා­ගෙන පැමිණි නිරි­ඳුන් තුන්දෙනා
ගීති­කා­වෙන් කියා පෑ නත්තලේ සුමි­හිරි ගායනා

පුළුන් වගේ සුදු රැවුල දිගයි ලස්සන ඇඳුම හැඩයි කදි­මයි
නත්තල් සීයා පොඩි දරු­වන් හට තෑගි අරන් එන බව පව­සයි
එතු­මගෙ නත්තල වැරැ­හැලි දුරු­කර දුගියා බත් කන දවස ගැනයි
ජය­කොඩි පිය­තුම හැබෑම නත්තල ගීයට නැංවූ හැටි මෙහෙ­මයි

දෙව් අම්මාගේ පුතකු ලෙසින් ජේසුගෙ සේවෙට හද බැඳිලා
පිය­තුමා දෙව් අම්මාගේ මහි­මය ගීයෙන් පද බැඳිලා
පැණි­බර වන­මල් අතු මිණි­දැ­දි­රිව හිමි­දි­රියේ පිපිලා
නෙලුම් පිපීලා පෙති විසි­රීලා ජලය සුවඳ කරලා

බෙන­ඩික් විජේ­රත්න


පැතුම් සපල වේවා

දිනෙන් දින ගෙවිලා
වසර මුළු ඇම පිරිලා
කැලුම් නව ගලලා
නැවුම් අවු­රුදු පුසුඹ උනලා

සිරි­ක­තින් දෙව් බිමේ
වැජඹි ලොවේ ලක් බිමේ
දහම් හෙළ මවු බිමේ
ඉසු­රු­සැ­රදේ සදා පින් බිමේ

ගැටුම් දුරු වේවා
විකුම් හඬ පැති­රේවා
සෙනෙහෙ ඉති­රේවා
පැතුම් ඉටු වී සපල වේවා

හදින් හද බැෙඳ්වා
උතුම් සිතු­විලි වැඩේවා
මිනිස් සිත දිනේවා
සියල් සිරි වස­රක්ම වේවා

සෂිනි කුමාරි සිරි­ව­ර්ධන


2018

හොරෙන් හොරෙන් හිමින් සැරේ
කොළ දොළ­හක් ගැල­විලා
තවත් එවැනි කොළ දොළ­හක්
දින දසු­නට එක් වෙලා
නැවුම් පැතුම් වික­සිත කර
නව ගම­නක් අර­ඹලා
දෙද­හස් දහ අට සම­රමු
එක මිට­කට රොක් වෙලා

රත්න­සිරි පති­රණ


වාසනා වේවා!

ධන බලය යසස පිරි නැණ ගුණ වැඩි වෙන්නයි
වර්ණය සැපත කිත් පැස­සුම් ලැබ ගන්නයි
දෙහස් දහඅට සුව සම්ප­ත දෙන්නයි
සිය­වස් ආයු ලැබ දිගු කල් වැජ­ඹෙ­න්නයි

මංගල වෙසින් නව අවු­රුදු කුමරු එති
මංගල සිරිය පැති­රෙන හඬ අසි­රි­මති
මංගල වසත් ඇර­ඹෙන සුබ ලකුණු ඇති
මංග­ල­යක්ම වේවා ඔබ හැමට නිති

රත්නා­ ලංකා අබේ­වි­ක්‍රම


සිකියු­රිටි තාත්තා

රාත්‍රි­යද දහ­ව­ලද දෙකෙහි වෙන­සක් නැතී
නිවා­ඩු­වක නිද­හ­සක සුව විඳිනු දැක නැතී
තාත්තේ... ෆැක්ට­රියෙ ගේට්ටුව ළඟ නිතී
නතර කර රැක බලන නිබඳවම අප දිවී

උදෑ­සන ඔබ එද්දී අප ගොසින් සිප් සොයා
හැන්දෑවේ අප එද්දී ඔබ ගොසිනි දිවි සොයා
අපට අප හමු­වන්න එක් දිනක් එන­තුරා
හිත හදා­ගෙන හිඳිමි ඔබෙ ඇඳුම් දෙස බලා

ගුගුර ගුගුරා අහස වැසි දමා ගසන විට
පාළුවේ සීතලේ ඔබ තනි වූ මහ රෑට
නින්ද නැති සය­නයේ මම තබමි කඳුළු කැට
තෙත බරිත කොට්ට­යට දැනෙනු ඇත මහද දුක

තුරුණු වියෙහි දී තැනුව ජීවිතේ රජ දහන
මෙතෙක් ඝොර­තර වෙතැයි සිතු­වාද කිසි දාක
ආද­රය කිය­න්නෙම අනෙක් උන් උදෙ­සාම
තම සැපත කැප කෙරුම යැයි ඔබෙන් දුටිමි මම

කවි­ශාන්ත රයි­ගම


වර්ජන තර්ජන ගර්ජන දුරු වී

දාහත ගෙවුනි දෙද­හස් දහ අට දැනට
උදා­වෙලා නව අවු­රු­ද්චකි දැයට
සහ ජීව­නයෙ සම­ගියෙ සාමයෙ මඟට
යොමු විය යුතු සියලු රට වැසි දනන් හට

ලැබිලා නිසි කලට වැසි පල බත බුලත
සරු වී සතර අත පිරවී බැත කමත
සැම මුව අගම දලවා සිනහා දසත
මල් ඵල ගැනේවා මගෙ සිරි­ලක නැවත

වර්ජන නැව­තිලා ගර්ජන නව­තීවා
අන­තුරු අකල් රෝබිය දුක් දුරු වේවා
නිතිය රජව හොර මැර­කම් අඩු­වේවා
ලක්මව මතින් නිද­හස් වී සැර­දේවා

මැදුරේ පැල්පතේ තුන් වේලම ඉදෙන
ආගම දහම අනු­වම ජීවිත ගෙවන
අව් වැසි නිසි කලට වන සම්පත් රකින
නව වස­රක් පතමු ආසිරි සුව රන්දා

තෙප්ප­නාවේ ගුණ­ව­ර්ධන
 


ඔබ

‍සඳ අඩ පළුව
ගැහි ගැහි හැංගෙන
දුවන වලාකුළු අතර
මසිත ඔබ ඇන්ද රුව...

පුරා පස­ළො­ස්වක
දිලි දිලී සිනා­සෙන
නිල් අහස් තල මත
මගේ සිත ඔබ
ලැගුම් ගෙන

චම්මින්ද වෙලෙ­ගෙ­දර


නික්ම­යෑම

දකින දකින දේ ඉල්ලා හඬන දරු
පාරේ රැඳී උද්ගෝ­ෂණ ඉල්ලුම ලැබෙ­න­තුරු
ඔබ ළත වුණා පුතු හඬ­මින් සිටින තුරු
අද සිහි­ක­රමු ඒ පිය­ගුණ අපූරු

දහ­ඩිය හෙළුවෙ ලෝකය අප වෙත දෙන්නයි
දුක් ඉහි­ලූයේ අපෙ ලෝකය දින­ව­න්නයි
ඔබ රජු වුණා අපෙ ලෝකයේ සත්තයි
ඒ ලොව සදා පව­තින බව සත්තයි

යුක්තිය සමඟ යන්නට හරි මඟ හැම­දාම
පෙන්වා දුන්නා මිනි­සත් බව වටිනා බව හැම­දාම
ජවය, බලය සහ ශක්තිය විය හැම­දාම
පෙන්වූ මඟ ම යමු අපි ඉදි­රියෙ හැම­දාම

සසර සර­න­තුරු සසරේ හමු­වෙ­න්නයි
ගමන නිවෙන තුරු දුකක් නොවෙ­න්නයි
බව ගමනේ සැන­සීම ගෙනෙ­න්නයි
කෙළ­වර අමා මහ නිව­නින් සැන­සෙ­න්නයි

සුජීවා මිනු­ව­න්දෙ­නිය
 


දුම්රිය ප්‍රමා­දයි

දෙව්රම රිදෙයි දෑතම හිරි­වැ­ටෙනු දැනේ
දෙපා ගැහෙයි උණු දහ­ඩිය ගලනු දැනී
හිස පුපු­ර­යි­ ති­බ­හට දිව ගිලෙනු දැනේ
දුම්රිය ප්‍රමා­දයි ඉගි­ළෙමි තටු නැහැනේ

රෑ බත ඉදී මේසෙට එන පමා­වට
පොඩ්ඩී හාමතේ නින්දට වැටෙනු ඇත
පාඩම් වැඩ නොකර සෙල්ලම පුතු තවම
ගෙද­රම අවු­ල් කළ දුම්රිය නෑ තවම

මහ­මෙර සදිසි ගොඩ­ගැ­හෙනා රෙදි කන්ද
ගේ දොර ඇමද අස් පස් කකර කුණු කන්ද
කාලය පියා­ඹන වේගය හිසට උඩින්
සිතු­විලි පෙළ ගැසෙ­නවා - දුම්රියෙ දිගට වැඩී

එළ­වළු බත­ක් ස­කසමි හෙට දවා­ලට
පොල් බෑය­කින් පිරි­ම­හ­ගනු හැකිය මට
රෙදි මැද තියා නින්ද පෙර මැදි­ය­මට
ඇහැ පිය­විය හැකිද මැදි­යම් කණි­ස­මට

රෝෂණි දිසා­නා­යක


 

ලොකු මිනි­පිරි ගම ඇවි­දින්..

සර­සවි වරම් ලැබ මල­යා­සි­යාවේ
වසර'ග නිවා­ඩු­වට ටොනස් තක්ස­ලාවේ
ලොකු අප්පච්චි බැහැ දැකු­මට ඇය ආ වෙ­ලවේ
හද මල් පිපී ඇත සෙනෙ­හස වාස­නාවේ

සිප් නැණ පිණිස එත­රදි දිවි මඟ ඔස්සේ
වෙන් වු දිනදි මා නෙත කඳු­ළැලි වැස්සේ
අම­තක නොකර වැඩි­හිටි ඔව­දන් සිත් සේ
පැමි­ණිය යුතුයි මව් බිම දෙද­හස් විස්සේ

මවු පිය නෙත් සඟළ ඔබ යොවුන් වියේ
සැම දින මෙනෙහි කර­මින් ඇත දිවා රෑයේ
ලොකු මිනි­පි­රිය මල් කැකු­ළක් පිපුණු ළයේ
සියො­තුන් පවා ඔබ වෙනු­වෙන් ගීත ගැයේ

සාගර ජලය මෙනි ආදර කරු­ණාව
සිත්තම් කරයි කවි සිත රුව වරු­ණාව
ඉසිකෝ මාන ගති පැව­තුම් නොම යාව
ඇල්මෙන් සිප් සතර උග­නිව් නොප­මාව

පිය­සිරි මීගොඩ 

Comments