
ලේක්හවුස් ඉතිහාසයේ ප්‍රථම වතාවට නත්තල් කැරොල් ගීතිකා ප්‍රසංගයක් ලේක්හවුස් ආයතන පරිශ්‍රය ඉදිරිපිට පසුගිය 22, 23,24 යන දිනවල සවස 6.30 සිට රාත්‍රි 10.00 වනතුරු පැවැත්විණි.සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාගේ අදහසකට අනුව ආයතනයේ කළමනාකාරිත්වය විසින් සංවිධානය කළ මෙම නත්තල් කැරොල් ප්‍රසංගයේ සංගීතය සැපයීම පළමු දිනයේ(22) ශ්‍රී ලංකා යුද හමුදා තූර්ය වාදක කණ්ඩායමද, දෙවැනි දිනයේ(23) ශ්‍රී ලංකා නාවික හමුදාතූර්ය වාදක කණ්ඩායමද, තෙවැනි දිනයේ (23) ශ්‍රී ලංකා ගුවන් හමුදා සංගීත කණ්ඩායම විසින්ද සිදුකළහ.
මෙහිදී මෙම දින තුන පුරාම ත්‍රිවිධ හමුදා සංගීත කණ්ඩායම් වල සාමාජික සාමාජිකාවන් සහ ජනප්‍රිය, ප්‍රවීණ ගායක ගායිකාවන් සමඟ ලේක්හවුස් කතෝලික සහයෝගිතා සංගමයේ ගීතිකා කණ්ඩායම ගීතිකා ගායනයෙන් එක්වූහ. මරියසෙල් ගුණතිලක, මාරියෝ ආනන්ද, අනිල් භාරතී, චන්දන ලියනආරච්චි, සංජීවනී වීරසිංහ, ලාංකිකා පෙරේරා යන ගායක ගායිකාවන් ආරාධිත ගායනයෙන් එක්වූහ.
ඡායාරූප- සුලෝචන ගමගේ - තිලක් පෙරේරා
චමින්ද නිරෝෂණ - මාලන් කරුණාරත්න
ශාන් රූපස්සර