සතියේ මියුසික් වීඩියෝව | සිළුමිණ

සතියේ මියුසික් වීඩියෝව

නාඹර හාදු ගොඩේ ආදර පාර දිගේ තාලෙට උකුල වනාලා
කෝමල පාන රුවේ හරි දඟ­කාර ප්‍රියේ රූබර ළපටි ළඳක් මා...
සූකිරි ටිකිරි මොළේ ඩිංගක් කපටි අනේ බිඳක් නපුරු මලක් මා
කැපෙනා කතුරු කටේ
කොල්ලන් දපනේ වැටේ
බොක්කෙන් ප්‍රේම­වතී මා
මායම් පානා සායම් දාලා
ආදර කැට­යම් කපලා...
හීයත් විදලා දුන්නත් කඩලා
කැන්දම් යන්න හොරෙන් මා...
යන්න යමූ ඔන්න බබෝ
කොල්ලා කරේ එල්ලිලා ආවා
ප්‍රේම හොරෝ මල් කුමරෝ
මූණුපොතින් ලව් එක දින්නා..//
කාමර ආලේ නොවෙයි
පෝරුවේ නැගලා ගිය
පූරුවේ කරපු පිනෙන් මා
පාලුව මකන මගේ
යන්තරේ යතුරේ නුඹේ
වම් අත අල්ලට ආවා
මගේ හැඩ සරුං­ගලේ
මට දුන් අරුං­ගලේ
බැංකුවේ පරි­ස්සම් කළා
කූඩුව හදමු පනේ
පාඩුවේ පපුව මගේ
චාටුවේ රොඩ්ඩක් දැන් මා
මායම් පාලා සායම් දාලා
ආදර කැට­යම් කපලා
හීයත් විදලා දුන්නත් කඩලා
කැන්දම් යන්න හොරෙන් මා
යන්න යමූ ඔන්න බබෝ
කොල්ලෝ කරේ එල්ලිලා ආවා
ප්‍රේම හොරෝ මල් කුමරෝ
මූණුපොතින් ලව් එක දින්නා..//

ගාය­නය - ශෂි නිර්මාණි විජේ­සිංහ
පද රච­නය - ජගත් පෙරේරා
සංගී­තය - දුලිප් මිරෙන්ඩෝ
වීඩියෝ ප්‍රඩ­ක්ෂන් චමෝ ශ්‍රී 

ෆේස් බුක් කියන්නේ විවිධ නිර්මාණ වලට වගේම ආදරයටත් තෝතැන්නක් වෙලා. ඒ නිසාම දැන් දැන් ආදර කතා බොහොමයක් ෆේස් බුක් ආදර කතා බවට පත් වෙලා. ඒ නිසාම එම ප්‍රේමය මුල් කරගෙන විවිධ නිර්මාණ බිහිවෙන්න පටන් ගෙන තිබෙනවා. මේ දිනවල යූ ටියුබ් හරහා ප්‍රචාරය වන ප්‍රේම හොරෝ එලෙස ෆේස් බුක් ආදරය මුල්කරගෙන බිහි වුණ නිර්මාණයක්. ජගත් පෙරේරාගේ පදවැල්වලට නිර්මාණය වුණ මේ ගීතය ගායනා කරන්නේ ශෂි නිර්මාණි විජේසිංහ.මෙතෙක් කලක් වීඩියෝ මියුසික්වල රංගන දායකත්වය ලබාදුන්නු ඇය, පළමු වතාවට තමයි ගායනයෙන් එක්වෙන්නේ. සමුගන්න අවසරයි, නුඹේ සිනා වැනි මියුසික් වීඩියෝ රැසකට රංගනයෙන් එක් වුණ ශෂීගේ ගම රඹුක්කන. ඒ වගේම පින්නවල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති ඇය උසස් පෙළ විභාගයේ දි සංගීතය හදාරා තිබෙනවා. දුලිප් මිරෙන්ඩෝ සංගීතයෙන් හැඩගැන් වුණ මේ ගීතය වීඩියෝ ප්‍රඩක්ෂන් චමෝ ශ්‍රී ගෙනි. 

Comments