අනුර ශ්‍රීනාත් සම­රන සුන්දර තිස් පහ | Page 2 | සිළුමිණ

අනුර ශ්‍රීනාත් සම­රන සුන්දර තිස් පහ

1982 සිට පුරා වසර 35 සිනමා නිර්මාණ 25කටත්, වේදිකා නිර්මාණ 75කටත්, රූපවාහිනී නිර්මාණ 100කටත් රංගනයෙන් දායක වෙමින් කලාකරුවකු ලෙසත් සමාජ ක්‍රියාධරයෙක් ලෙසත් සක්‍රියව දායක වෙමින් කලා ක්ෂේත්‍රයටත් සමාජයටත් කළ මෙහෙවර ඇගයීම් වස් අනුර ශ්‍රිනාත් හෙට්ටිආරච්චි නම් වු අපේ කාලයේ සොඳුරු මිනිසාගේ 35වසරක කලාදිවියට උපහාර පිණිස ‘සුන්දර තිස් පහ‘ නමින් උළෙලක් සුන්දර අසූවේ සහෘදයන්ගේ එකමුතුව මගින් සංවිධානයකර ඇත.

අද(07) දින සවස 3.00ට ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේදි පවත්වන මෙම උළෙලේදි අනුර ශ්‍රිනාත්ට කලා ක්ෂේත්‍රය් දී අත හිත දුන් කලාකරුවන් 25දෙනකුට උපහාර සම්මාන පිදීමත් පාසල් දරුවන් 35දෙනකුට ශිෂ්‍යාධාර ලබාදීමත් අනුර ශ්‍රීනාත් සුන්දර 35 සඟරාව එළිදැක්වීමත්, ඔහු ලියු , ගැයූ, නිමැයු ළමා ගීත සමුච්චය ජනගත කිරීමත් සිදුවේ.


විජය ගී තරුව 2018 අයදුම්පත් කැඳවයි

 දිවංගත මානව හිතවාදී කලාකරු විජය කුමාරතුංගයන්ගේ තිස්වැනි ගුණ සමරුව නිමිත්තෙන් එළඹෙන පෙබරවාරි මස පැවැත්වෙන විජය කුමාරතුංග අනුස්මණ සමරු සතියේදි ‘විජය ගී තරුව‘ පස්වැනි අදියර තරගය සහ සම්මාන උළෙල පැවැත්වේ. විජය කුමාරතුංගයන් ගැයු ගී ජනගත කිරීමේ අරමුණින් වාර්ෂිකව පැවැත්වෙන මේ තරගයට වයස් සීමාවකින් තොරව ස්ත්‍රි, පුරුෂ දෙපක්ෂයටම ඉදිරිපත්විය හැක. ඔබේ අයදුම්පත් සභාපති, අනුර ශ්‍රිනාත්, විජය කුමාරතුංග අනුස්මරණ සහෘද කලා සංසඳය, 267/4බී, සරසි ඉහළ බියන්විල, කඩවත, ලිපිනයට යොමු කරන්න. ඉල්ලුම්පත් භාරගන්නා අවසාන දිනය 2018 ජනවාරි 25වැනිදාය. වැඩි විස්තර 0723440220/ 0783126667 අංක අමතන්න.

 


රසවින්දන වැඩසටහන සඳහා කලාකරුවන්ට ඇරයුම්

ශ්‍රී ලාංකේය සංස්කෘතිය නව මගකට යොමුකරමින් අධ්‍යාත්මික ආතතියකට ගොදුරු වී ඇති ශිෂ්‍ය හා තරුණ ප්‍රජාව ආරක්ෂාකර ගැනීමට හා සමාජයේ අවර ගණයේ දිශානතිය වෙනස්කොට නව සාධාරණ හා යුක්තිගරුක සමාජයක් නිර්මාණය කරනු පිණිස නිවුණු, හැදුණු, පිරුණු, සොඳුරු, මිනිසුන් පිරි පින්බර දේශයක් එක්වගොඩනැගීමේ මුඛ්‍ය අරමුණෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් 2018 වර්ෂය සඳහා රසවින්ඳන වැඩ සටහන් මාලාවක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. මේ සඳහා ජනශ්‍රැති, ජනසංගීත, නාට්‍ය, නර්තන, සාහිත්‍ය, චිත්‍ර හා මූර්ති යන විවිධ ක්ෂේත්‍ර යටතේ ප්‍රවීණ කලාකරුවන්ගෙන් මෙම රසවින්දන වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. නිර්මාණාත්මකව තම අදහස ජනතාව අතරට ගෙන යාම සඳහා ඔබ විසින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘති වාර්තාවක් සහිතව මේ සඳහා යොමු කළ යුතුය. මෙසේ සකස්කළ වැඩසටන් සැකැස්ම සමග නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රයක්ද සහිතව ලබන15 වැනි දිනට පෙර අධ්‍යක්ෂ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 08වැනි මහල සෙත්තිරිපාය, බත්තරමුල්ල ලිපිනයට එවිය යුතුය.(වැඩි විස්තර www.culturaldept.gov.lk මගින් ලබා ගත හැක.

ජයන්ති කුරේ

Comments